IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රනිල් මේ මස 22 දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ පරිණත දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කී එජාප සභාපතිවරයා රට මුහුණ දී සිටින වත්මන් ප්‍රශ්න සඳහා පිළිතුරු තිබෙන එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ බව සඳහන් කරයි

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සියලු පාක්ෂිකයන් එම තීරණයට ඒකමතික අනුමැතිය  ඇතැයිද වජිර අබෙිවර්ධන මහතා සදහන් කරයි.

මේ මස 08 වැනි දින කල් තැබූ පර්ලිමේන්තුව යළි පළමුවරට රැස්වන්නේ ජුනි මස 22 වැනි දාය.

 



අදහස් (12)

රනිල් මේ මස 22 දිවුරුම් දෙයි

siri Thursday, 10 June 2021 03:05 PM

"20 වැනි සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට පොරොන්දු වී තිබුණත් එය ඉටු නොවුණු තත්වයක් තුළ කළකිරීමෙන් පසුවන ඇය තමන්ගේ හිටපු නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් රිෂාඩ් බදූර්දීන් මහතා සහ රවුෆ් හකීම් මහතා හැර ඔවුන්ගේ පක්ෂවල සෙසු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද 20 වැනි සංශෝධනයට සහාය පළකර තිබුණු අතර ඔවුන් ද කණ්ඩායමක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වීමට සූදානම් වන බවත් ඒ අනුව එජාපයට හිමි එකම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය ද රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ කුඩා මන්ත්‍රී කණ්ඩායමක නායකයා වශයෙන් පෙනී සිටීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත්" අන්තර්ජාලයේ පලවී ඇති ප්‍රවුර්තියක සඳහන් වෙනවා.

:       157       522

fairoos Thursday, 10 June 2021 03:24 PM

ජනතාව ප්‍රතික්ෂේප කළත් එනවා

:       628       204

විජිත් Thursday, 10 June 2021 04:13 PM

ජනතාවගේ කලකිරීමට මෙන්ම දෝෂ දර්ශනයට පත්වී ඇති මේ රජයත් ,ජනාධිපතිත්, තව ඉතාම කෙටිකලකින් බලයෙන් විසිවෙනවා.

:       251       560

විජිත් Thursday, 10 June 2021 04:44 PM

මම මගේ කොමෙන්ට් එකෙන් අදහස් කරන්නේ නැහැ රනිල් වැනි පාවාදෙන්නෙකු රටේ ජනාධිපතිකම හෝ අගමැතිකමට හෝ ඇමතිකමකට හෝ සුදුසුයි කියා. දූෂිතයින්ව කූඩුවට යැවීමට මග ඇහිරූ මෙවැනි පාවාදෙන්නෙකු පාර්ලිමේන්තුවේ සුළු සේවකයෙකුටවත් සුදුසු නැහැ.

:       0       0

Rata Perata Thursday, 10 June 2021 04:31 PM

පහුගිය කාලේ මෙයාගේ වැඩ ගැන හිතනකොට, සහෝදර සමාගමට මෙයා තමයි අඩු වෙලා හිටියේ. දැන් හරි. රට නන්නත්තාරම වෙලා යයි.

:       0       0

Buddika Thursday, 10 June 2021 04:54 PM

රනිල් අපේ රටේ ඉන්න ඉතාමත් බුද්ධිමත් නායකයෙකි. ජාත්‍යන්තර ගණුදෙණුවලට ලංකාවේ ඉන්න දක්ෂම දේශපාලකයා.. ඒත් ඔහු දිනිය නොහැකි නායකයෙකි. එජාපයේ ජනතා ආකර්ශනය ඇත්තේ කාටදැයි දැනගෙනත් ඔහු බලලෝභී ලෙස තමන්ගේ සුවච කීකරු ගෝලයින්ගේ කීමට සජිත්ව කැපුවා. ඒකේ ප්‍රතිඵලය මුළු එජාපයම සෝදාගෙන යාමයි. සියල්ලම පරාජයට වගේම ජනතා විරෝධයට ලක්වුණා. මේ නිසා දැන්වත් රනිල් කළ යුත්තේ එජාපය කන්න පාර කැපූ අයගේ උපදෙස් පසෙක තබා සජිත්ට සහයෝගය ලබාදීමයි.

:       40       0

Gagana Thursday, 10 June 2021 04:59 PM

50 වතාවක් පැරදිලා ගිනස් වාර්තාවක් තියලා මිසක් පස්ස බලන්න එපා...!!! 

:       0       0

මාර්ටින් Thursday, 10 June 2021 05:47 PM

රට තවත් අගාධයකට..!!!

:       27       26

චාමර Thursday, 10 June 2021 06:20 PM

අශිෂ්ට දේශපාලනය හා දේශපාලනයේ විශිෂ්ඨ සලකුණ...

:       0       0

Raveendra Thursday, 10 June 2021 06:24 PM

ඇම්ඩා නැවතත් පට්ටියේ පිං බත් ගිලීමට වාසනාව ලබා ගන්නා ලදී...

:       16       5

vikum Thursday, 10 June 2021 08:37 PM

ප්‍රශ්නය එක නොවෙයි පාර්ලිමේන්තු එන්න ආසනය තියාගෙන ඔනි කාලයක් ඉන්න පුලුවන්, නමුත් මහජනතාවට විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ දී විශේෂයෙන්ම උසස් අධ්‍යාපනික කටයුත්තකට ගියවිට අදාල දිනයට සේවයට වාර්තා නොකලොත් රැකියාව අහිමිවීමට පවා හේතුවක් වෙනවා.පුදුම රටක් පුදුම නීතියක් මෙවා නිකං නීති නොවෙයි,

:       0       1

Kumara Friday, 11 June 2021 02:11 AM

ඩීල් දාස ඔබට විලි ලැජ්ජාවක් නැතිද? 

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 904 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 176 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1070 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1107 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1392 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1239 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site