( තිළිණි ද සිල්වා )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පළමු පැමිණිලි විභාගයේ වාචික දේශන පැවැත්වීම ලබන ජූලි 06 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම පැමිණිල්ල අද එල්.ටී.බී.දෙහිදෙණිය , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
මීට පෙර මෙම අධිකරණ අපහාස පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇති හෙයින් එම විනිසුරුවරයා වෙනුවට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර හා වගඋත්තරකාර පාර්ශව වලට අද (29) නිල වශයෙන් දැනුම් දුන්නේය .
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ එම පැමිණිලි විනිශ්චය කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන් යම් අයෙකු විරෝධතා දක්වන්නේ නම් ඒ පිබදව ඉදිරි සති දෙක ඇතුලත මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන්නැයිද අධිකරණය නියම කළේය.
විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අධිකරණය අපහාස සම්බන්ධයෙන් වන පළමු චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන එම චෝදනා පත්‍රයේ මෙසේ සඳහන් වේ.
විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.
ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුවම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.
පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සම් වලින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.
මෙම ප‍්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් නිතිඥ ඇම්.ඒ සුමන්තිරන් මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියහ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන කල්යයි
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 12:50 PM
මහනෙල් සුවඳ මය .. කුඩමසු පිළීගඳ මය .. දෙකට එක දියමය .. හොඳට නරකට දෙකට කටමය ..
ධම්ම Friday, 29 May 2020 02:13 PM
ඇතුල කිසිවක් නැති.. දවුල් බෙරහඬ පතුරති.. දන්නා දෙයක් නැති.. ළමෝ කෑකෝ ගසා දඟලති..