IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජ ගෙදර කෝටි දෙක ගෝඨා ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේය.



අදහස් (44)

රජ ගෙදර කෝටි දෙක ගෝඨා ඉල්ලයි

fairoos Wednesday, 08 February 2023 04:50 PM

අද එහෙම කිව්වට පිටිපස්ස දොරෙන් ඕක ගෝඨාභයටම දෙයි... බොරු නම් බලන්න. කාලකණ්ණි එකතුවෙලා රට කෑවා.

:       19       135

සංකාThursday, 09 February 2023 07:48 AM

වසර 3ක් ජනාධිපතිකමේ යෙදී සිටීමෙන් මෙතරම් විශාල මුදලක් ඉතිරි කර ගන්නේ කෙසේදැයි බැලීම සිත්ගන්නා කරුණකි. එපමණක් නොව, අනික ජනාධිපති පඩිය මුදල් නෝට්ටුවලින් ගෙවනු ලැබීම පුදුම සහගතයි .විශේෂයෙන්ම මෙයා කතා කළේ Oracle ගැන පඩියේ කෝටි ගනම්....නෝට්ටු ජදිපති පැදුරේ.මේවා හතර බීරි කතා.

:       4       37

පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 05:01 PM

අර බැරිවෙලා දාලා දිව්ව ඇඳුම තවමත් සෝදන්නේ නැතුව උසාවියේද තියෙන්නේ…?

:       8       66

Hafeel Wednesday, 08 February 2023 05:10 PM

පුදුමයි මෙහෙම ඉල්ලීම් කළ එක සහ එක්කෝ ආච්චි කෙනෙක් මාර්ගයෙන් ඉල්ලීම් නොකළ එක පිළිබඳව. කපුටාස් වගේ තමාගේ මල්වාන නිවස සහ මාතර ඉඩම මගේ නොවෙයි කියලා කියන්නේ නැතුව.

:       7       87

නුවන්සිරි Wednesday, 08 February 2023 05:12 PM

මෙච්චර තාක්ෂණය දියුණුව තියෙද්දී ජනාධිපති ඒ මගින් ගනුදෙණු නොකර කෝටි ගණනක් මුදල් ගෙදර තියාගෙන ඉන්නවා කියන්නේ පුදුමයක් තමයි. ඒක ඔහුගේ පුද්ගලික මුදලක් නම් ප්‍රශ්නයක් තමයි සමහරක් ව්‍යාපාරිකයින් ආදායම් බදු වංචා කිරීමට කිසිම මුදලක් බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ...

:       7       87

PODDA Wednesday, 08 February 2023 05:20 PM

හරි වැඩේ... අවුරුදු 5 කළින් ගියේ කියලා ආයිත් ජනාධිපතිකම ඉල්ලයිද දන්නේ නැහැ...?

:       7       76

දමයන්ති Wednesday, 08 February 2023 05:45 PM

හැතිකරේම එකතුවෙලා හෙරාකාලා, දැන් ඉතුරු ටික නියපොත්තෙනුත් හූරාගෙන කන්න යන්නේ…. මේවා දිරවන එකනේ පුදුමේ…!!

:       11       86

අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 06:13 PM

දැන් එයත් රඟන්න පොඩ්ඩ පොඩ්ඩ කරළියට එන්න වගේ සූදානම...

:       8       65

Ku.ara Wednesday, 08 February 2023 06:14 PM

අනේ පවු අසරණ රට බංකොළොත් කරලා හොයාගත්තු සල්ලි ටික...

:       7       68

Demuni Uduwara Wednesday, 08 February 2023 06:33 PM

එහි ප්‍රභවය ගැන ඔහුට කියන්න...

:       5       44

ගමේ එකාලා Wednesday, 08 February 2023 07:16 PM

පව්,දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තුවා වෙන්ඩැ. හරිනම් කරන්ඩ තියෙන්නේ මේ දූෂිත පවුල් පාලනේ බලලෝබියෝ ඔක්කොම අල්ලලා හිරේට දාන එකයි .ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු රටම විනාස කරපු දූෂිතයෝ ?

:       4       14

චාන්දනී Wednesday, 08 February 2023 08:06 PM

මෙයයි මවුජූන් නානයි එකතුවෙලා සීනි වලින් ගහපු බිලියන් දාහතෙන් කොටසක් වෙන්න ඇති මේ. කොහොමද ජාතික සමගිය…? එතකොට සීනි වදසීනි නෙවෙයි වෙන්න ඇති.

:       4       15

ganegoda Wednesday, 08 February 2023 08:17 PM

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ මලපහගොඩෙ ලිස්සා වැටිලා හත්පොලේම ගාගත්ත වීරයෙක් !

:       1       18

Bamunuarachchi Wednesday, 08 February 2023 08:47 PM

කථා දෙකක් නැහැ එයගේ ගෙදර තිබුන සල්ලි හෝ රත්තරන් බඩු හෝ කුඩු හෝ එයාට අයිති. සල්ලි නොවෙයි කොකේන් හමු උනා නම් කෙලින්ම ඝෝටාව ඇරස්ට් කරනවා නේද? එහෙනම් එයාගේ ගෙදරින් සල්ලි හම්බ උනානම් ඒ එයාගේ සල්ලි. ඝෝටා නොවෙයි වෙන කවුරු උනත්. ගෙදරින් හමුවෙන දේ ඒ ගෙදර සිටි අයට අයිති.

:       26       7

podiaarachchi Thursday, 09 February 2023 11:01 AM

දෙන්නේ නැහැ ඕයි .පුළුවන් දෙයක් කරනවා .අපි බලයට ආපු විගස ඒ සල්ලි වලින් බලුකපුටු ධානයක් දෙනවා

:       6       17

BamunuarachchiThursday, 09 February 2023 11:41 AM

ජෙප්පෝ බලයට එන්න? අවුරුදු 57 ලෑටි ගාපු ජෙප්පෝ බලයට එන්න තව අවුරුදු 500 වත් යාවි. ජෙප්පෝ 1971,1989, 2022 කලෙත් අනුන්ගේ උදුරා ගන්න එක තමයි. නැතුව රටට හොඳක් කලේ කවදාද? ආ ඔයි රජගෙදර කොකේන් තිබුනානම් ඒව කාගේ කියලද කියන්නේ? මෝඩ හැත්ත. ජෙප්පෝ ඔයවගෙ ගොන්කතා තමයි කියන්නේ?

:       20       9

i-watchThursday, 09 February 2023 11:03 AM

අම්මප බමුණු ඉපදෙන්න කලින් අම්ම ගව පාලනයද කරේ..

:       4       23

BamunuarachchiThursday, 09 February 2023 11:35 AM

යකෝ උඹ මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? අදහසක් ඉදරිපත් උනාම එකට විරුදදව හෝ පක්ෂව කරුණු කියන වෙනුවට අදහස ලියපු කෙන්නගේ ජාතකේ හොයන්නේ තමුසෙගෙ අම්ම අනිවාර්යෙන්ම ගවයෙක් ජාතක කරලා තිබෙන බව පෙනෙනවා. පවුලේ ඔක්කොම ගවයෝද?

:       21       8

thepaanis Thursday, 09 February 2023 12:02 PM

අපි බලයට ආපු සැනින් ,අපි උඹලව කොම්පෝස් කරනවා

:       3       10

saththyaa Thursday, 09 February 2023 12:31 PM

එහෙනම් පොහොර ප්‍රශ්ණයත් විසදුනායි කියමු !

:       0       9

Bamunuarachchi Friday, 10 February 2023 03:03 AM

අපි 1989 කොම්පෝස්ට් පොහොර හැදුවා එක වලේ 10=15 දාලා. දැන්ඒ ඒ අවට තණකොළ ගහක් වත් පලවෙන්නේ නැහැ. ඒ තරමට උන් අපතයෝ.

:       5       1

thepaanisFriday, 10 February 2023 02:00 PM

මැරිච්ච මළකුණවල් වළලා ‘‘හොඳ කොම්පෝස්ට්‘‘ ලබාගන්න බැහැනේ.. ඒ නිසා අපි මේ සැරේ නුඹලාව පණපිටින් තියන්නේ නැහැ.

:       0       3

AKS Aththanagoda Wednesday, 08 February 2023 10:04 PM

තව ටික දවසකින් මේ සල්ලි කන්ද ගෝඨාභය දෙනවා අනිවාර්යයෙන්ම

:       1       13

Perera Wednesday, 08 February 2023 10:53 PM

ඩී.ඒ රාජපක්ෂයි දැන්දිනයි ලෝකෙට ජාතක කරපු අපත පුත්තු

:       6       21

Sarath Wednesday, 08 February 2023 11:34 PM

මුන්ට ලැජ්ජා නැද්ද. හොරා කාලා, කාලා, තවත් හොරා කකා. තවත් ඉල්ලනවා. මුන්ව දඩුවම් දෙන්න කෙනෙක් ඇත්තෙම නැද්ද

:       4       18

ranjith Thursday, 09 February 2023 02:50 AM

රජකම් කලත් කළකම් පලදේ .එයට විතරක් නොවේ .කවුරුත් මතක තියා ගන්නවා නම් හොඳයි .බලේ නැති උනාම රඟ පෑම ඉවර වෙනවා

:       2       14

Handaya Thursday, 09 February 2023 07:03 AM

සීනි බදු වංචාවෙන් 0.00001% විය හැකිය....

:       2       11

nihal Thursday, 09 February 2023 08:36 AM

ඔය මුදලින් ගොවියට පොහොර අරන් දෙන්න...කඩිනමින් ....අදිකරනයෙ ඉන්න උගතුන් කියන පිරිස වහාම පියවර ගතයුතුයි...............මෙ විදියට සල්ලි ඉල්ලන්නෙ ..........

:       3       10

Chamara Thursday, 09 February 2023 09:27 AM

අපි සාධාරණව හම්බකරපු සල්ලියක් බැන්කුවක දාන්න ගියත් රටේ නැති ප්‍රශ්න අහනව කොහෙන්ද සල්ලි ආවෙ කියල. මුගෙන් අහන්න එක නිලදාරියෙකුට කොන්ද පන නෑ. අපේ සල්ලි අන්තිම සතේට ගනන් හදල බදු ගහනව. එතකොට මේව හම්බ කරපු විදිය, බදු ගෙවලද කියල අහන්නෙ නැද්ද ?

:       3       16

sharm warn Thursday, 09 February 2023 09:27 AM

කියන්න බෑනෙ.. ඩෙසි නැන්ඩම්මා " අනෙ මගෙ බෑන පොඩ්ඩනෙ ඉතින්. . " කියලා මල්ලක් දොරකොඩින් තියලා ගිහිල්ලා, ගෝත් " අනේ අපෙ සූකිරි නැන්දම්මගෙන් ලැබිච්චි තෑග්ග නෙ. . " කියලා පරිස්සමට මතක් වෙන්න තියන් හිටපු සල්ලි මල්ලක්. . වෙන්නත් පුලුවන් ඉස්සරහදි.. මෙ නරි පිනා හරි සජිත් ගොයියා හරි පුටුවෙ ඉන්නකල් මෙයාලට කිසිම අවුලක් නෑ. . ( සජිත් ගෙ හොර සල්ලි කෙස් එක මහින්ඩ බැලන්ස් කරල දුන්න එකට ප්‍රති උපකාරයක් කරන්නත් එපැයි..)

:       3       11

AKALANKA MALABE Thursday, 09 February 2023 09:41 AM

හරි මේ කෝටි දෙක මගෙගානෙ හරි දෙනව මෙක ඔයාට ලැබුන හැටි කිව්වොත් !!

:       1       10

Bamunuarachchi Friday, 10 February 2023 03:13 AM

අනුන්ට පිනට කෝටි දෙකක් දෙන්න තමුන්ට සල්ලි ලැබුනේ කොහොමද? දීපන් පුළුවන් නම් උත්තර.

:       4       0

kamal Thursday, 09 February 2023 10:05 AM

ඉන්නකම් කරපු වැඩටික .ඒ කියන්නේ රිවස් කරපු ගැසට් ප්‍රමානේ බැලුවහම, මිනී මරුවෝ නිදහස් කිරීම, කෘෂිකර්මේ විනාශ කිරීම, විදේශ සන්චිතේ හින්ඳවීම , කෝටි දෙකක් නෙමෙයි කෝටි දෙසීයක විතර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මුදල් කෑදරකම ලේවලින්ම පිහිටලා තියෙන්නේ.

:       5       13

R A S L SENADHEERA Thursday, 09 February 2023 11:01 AM

එයාට කොහෙන්ද මේ සල්ලි ?

:       3       14

sam Thursday, 09 February 2023 11:56 AM

රාජපක්ෂ කියන එවුන් ගිය තැන හොරකම් කරන එක උන්ගේ ලේ වල තියන දෙයක්.ඔවුන්ගේ එකෙක් පෙන්නන්න රාජ්‍ය දේපල හොරා නොකාපු .ඔය කෝටි දෙක ඕකා හොරට කොමිස් ගහපුවා.ඕකාට විරුද්ධව නඩු දාලා ඔය හොරට හම්බ කල සල්ලි වලට ඔකාව හිරේ දාන්න

:       2       16

Bamunuarachchi Friday, 10 February 2023 03:46 AM

ඕයි ජෙප්පන්ගෙන් හුලා ගත්ත කථා කියන්න එපා. නම් ඇතුව කියනවා මෙන්න මෙතනින් මේතරම් ප්‍රමාණයක්‌ හොරකම් කලා කියලා. එතකොට අපිත් දන්නවා මේ මේ තැන්වලින් හොරකම් කරලා කියලා. හොරකම සිද්ද උනොත් පැමිණිලි කාරයෙක් ඉන්න ඕනේ. නැතුව එක එක ගොබ්බයන් කියන විදිහට මිනිස්සුන්ට හොර චෝදනා දාන්න බැහැ. තමුන්ට ඔය චෝදනාව පොලිසීයක කරන්න පුලුවන්ද? මහ ජෙප්පෝ පළාත් සභා අපිට එපා කිව්වාම පස්සෙන් ගිය ඔහෙලා වගේ මැට්ටෝ පලා බබා අපිට එපා කිව්වා.

:       2       1

siri Thursday, 09 February 2023 01:22 PM

ලෝකයේ බහුතරයක් ආදර්ශවත් නායකයෝ ඉන්නේ.. ඒකට අපේ රටේ... රටත් හෑල්ලුවට ලක්වෙනවා.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 February 2023 01:30 PM

ඇමරිකාවට වීසා දෙන්නේ නැත්නම් මීගමුවෙන් බෝට්ටුවක් සෙට් කරලා දෙන්නද…? තොලොංචි වෙලා යන්න හලෝ අපිට පව් නොදී….

:       4       11

Bamunuarachchi Friday, 10 February 2023 03:06 AM

මේ මම ගියා වගේ. නේද?

:       2       2

ජයන්ති Thursday, 09 February 2023 02:34 PM

"වැඩ කරන අපේ විරුවා" දැන් තාලෙට කියපල්ලා….

:       0       0

විපරමා Thursday, 09 February 2023 03:02 PM

ගෝඨා නාගරික සංවර්ධන ඇමැතිකාලේ ගහපු ගැහිලි ගැන දන්නෝ දනිති. කටුගෙයි වටිනා පුරාවස්තුවලට වෙච්චි දේ දෙයියන් තමයි දන්නේ....

:       0       0

siri Thursday, 09 February 2023 03:32 PM

සේරටම කලින් මේ තරම් මුදල් ප්‍රමාණයක් හම්බ කළේ කොහොමද කියලා සොයා බැලුවොත් නරකද?

:       0       0

Bamunuarachchi Friday, 10 February 2023 03:51 AM

එයාට කොහෙන්ද මේ සල්ලි කියලා අහන්න මට්ටොත් ඉන්නවා. පුළුවන් නම් කඩේකට ගිහිල්ලා කාගේවත් පර්ස් එක දැකලා අහනවකෝ ඔයාට කොහෙන්ද ඔය සල්ලි කියලා? මගෙන් ඇහැව්වොත් දෙනවා හොම්බට?

:       5       1

podiekaaFriday, 10 February 2023 01:51 PM

නීතියට අයිතියක් තියෙනවා... ‘‘මේ මුදල් කොහෙන්ද? කොහොමද උපයාගත්තේ කියලා...‘‘ විමර්ෂණය කරන්න...! අන්න ඒ නීතිය යටතේ තමයි හෙරොයින් ජාවාරම් කාරයින්ගේ දේපළ රාජසන්තක වුණේ...! සමහරවිට ඔය නන්දසේන හිතාගෙන ඉන්න ඇති... එයා තමයි ලංකාවේ ‘‘පැබ්ලෝ එස්කැබා කියලා... එව්වා කොහේද අපිත් එක්ක..?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1025 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 338 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 415 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 337 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 519 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4356 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site