(කේෂර ගුණතිලක)
ළිඳට වැටී මියගිය දෙදරු පියකුගේ සිරුර වෙනුවට වල් අලිප්‍රහාරයකින් මියගිය අයකුගේ සිරුරක් ලබාදීමේ පුවතක් මොනරාගල රෝහලෙන් වාර්තා වෙයි.
මියගිය අයගේ ඥාතීන් මෘත දේහය නැවත මොනරාගල මහ රෝහලට ගෙනැවිත් බාරදී මියගිය තම ඥාතියාගේ මෘතදේහය රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඇතිලිවැව-වෙහෙරයාය පදිංචි ජේ.ඒ.එල් ඥානතිලක (55) නමැති දෙදරු පියකු ළිඳකට වැටී මියගොස් තිබුණු අතර කුඩාඔය පොලීසිය ඔහුගේ සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙනවිත් තිබිණි.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී එච්.ආර්.එන් යාපා මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් මෘතදේහය වැල්ලවාය නගරයේ මල්ශාලාවකට භාරදී ඇත.
එදින මල්ශාලාව මඟින් මෘතදේහය එම්බාම්කොට සකස්කර මධ්‍යම රාත්‍රියේ මෘතදේහය නිවසට ගෙනවිත් බාර දුන්නේය..
මියගිය අයගේ දියණිය මෘත දේහයේ උඩුරැවුල තිබෙන බවට දැක තමාගේ පියා කිසිදිනෙක උඩුරැවුලක් වවා නොමැති බවත් මෘත දේහය තම පියාගේ නොවන බවත් පවසා ඇත.
පසුව ඥාතීන් මෘතදේහය පරික්ෂාකොට ඇති අතර තමන්ගේ ඥාතියාගේ නොවන බවට නියත වශයෙන්ම හඳුනාගෙන ඇත.
පසුව ඒ පිළිබඳව කුඩාඔය පොලීසියට දැනුම්දී පොලිස් නිලධාරීන් සමඟ මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් බාරදී එහි තිබූ ඥාතියාගේ මෘතදේහය ආපසු රැගෙන ගොස් එදිනම සවස මිහිදන් කිරීමට පියවරගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනවිත් මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබූ ඔක්කම්පිටිය මාලිගාවිල රාත්‍රී වැව ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් මියගිය 61 හැවිරිදි අයකුගේ මෘත මෘතදේහය මෙලෙස මාරුවී ගොස් ඇති බව පසුව හෙළිවී තිබේ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොනරාගල රෝහලේදී මළ සිරුරු දෙකක් මාරු වේ
rathgama Friday, 16 April 2021 06:18 AM
මැරිච්ච අය ආපහු නැගිටිනවලු.. මෘතශරීර මාරු වෙනවලු.. දැන් මුලු රටම හොල්මන් රාජ්‍යයක් බවට පත්වෙලා.