IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මෙරටදී එකලස් කළ මෝටර් රථයක් වෙළඳපලට

(ඩයනා උදයංගනී)

මෙරට පළමුවරට සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරිණි.

මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය මගින් එකලස් කර ඇති මෙම මෝටර් රථය එම ආයතනයට අයත් මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී වෙළඳපලට හඳුන්වා දෙනු ලැබිණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකසා එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිවූ බවත්, දේශීය වශයෙන් වාහන නිපදවීමේ, එසේත් නැතිනම් දේශීය වශයෙන් අගය වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යාම එහි අරමුණ වූ බවත්ය.

වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බව කී ඇමතිවරයා ඉදිරියේදී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකි බවද සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රට තුළ පැවැති ආර්ථිකම හේතු මත වාහන ආනයනය නතර කර තිබීම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි හා නොසිටි අයට එම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට උත්තේජනයක් වූ බව කී ඇමතිවරයා සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීම සිදුවූ බව ද කීවේය.

 



අදහස් (19)

මෙරටදී එකලස් කළ මෝටර් රථයක් වෙළඳපලට

gamini Wednesday, 27 October 2021 05:32 PM

මේවා හොඳයිනේ ඇමැතිවරුන්ටත් ...

:       0       70

Wakkumbura Wednesday, 27 October 2021 05:51 PM

වීරවංශ වැඩක් කළොත් කිරිගහට ගොනා ඇන්නා වගේ...

:       17       53

Don Wednesday, 27 October 2021 06:29 PM

ඕක ඉස්සෙල්ලම කර්මාන්ත ඇමැතිතුමා තමයි පාවිච්චියට අරන් පෙන්නන්න ඕනෑ...

:       2       50

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 October 2021 06:35 PM

එකලස් කරපු ඒවා ජනතාවට. පිටරටින් ගෙන්වන ඔරිජිනල් ඒවා දේශපාලකයන්ට. වැඩේ යන්නේ ඔන්න ඔය විදියට. මේ වගේ ඒවා එකම එක දේශපාලකයෙක් වත් පාවිච්චි කරනවද? නැහැනේ..

:       8       52

fairoos Wednesday, 27 October 2021 06:47 PM

හොඳයි දෙයක් කළොත් අගයන්න පුරුදු වෙන්න ඕනේ... නියමයි ඔහොම යන්...

:       34       49

mihira Wednesday, 27 October 2021 07:03 PM

මේක පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මය .මෙයාලා මේ රෙදි ඇඳන් කොහොම මේවට එනවද මන්දා .ලැජ්ජයි

:       2       5

Nuwan Wednesday, 27 October 2021 07:39 PM

අවුරුදු 70ක් ගිහිල්ලත් තාම 30 කරගන්න පුළුවන් උනේ.?

:       0       1

SUNIL MILANO Wednesday, 27 October 2021 07:56 PM

ෆේයාරුස් ට මම ලයික් එකක් දැම්මේ පළමු වතවට .ඔව් ෆේයාරුස් අපි අගය කල යුතු දේ අගය කල යුතුමයි .ඒත් ඉතින් කමෙන්ට්ස් දාපු අනික් අය ගැන නම් ඉගෙනීමේ ප්‍රශ්නයක් තියනවා නේද ?

:       1       1

Bandara Wednesday, 27 October 2021 08:27 PM

මේකේ මිලත් කීවානම් නේද හොඳ?

:       0       1

Lankaputha Wednesday, 27 October 2021 09:26 PM

මෙහි 30% කළේ කුමක්ද ?

:       1       1

Perera Thursday, 28 October 2021 12:20 AM

මීට කලින් යුනයිටඩ් මෝටර්ස් මිට්සුබිෂි ලාන්සර් ,මැස්ඩා එකලස් කරලා තියනවා .මේක පලවෙනි පාර වෙන්නේ කොහොමද ?

:       1       3

anaFriday, 29 October 2021 02:10 PM

අහලා නැද්ද උපාලි පියැට් ගැන...?

:       0       1

අබිලින් Thursday, 28 October 2021 06:41 AM

සියයට තිහක් කියන්නෙ සියයට හැත්තෑවක් හදපු වාහන ගෙන්නුවා කියල නේද? එහෙනම් එහෙම වාහන ආනයනය වෙනවා

:       0       4

janahitha UAE Thursday, 28 October 2021 09:26 AM

හොඳයි දෙයක් කළොත් අගයන්න පුරුදු වෙන්න ඕනේ..

:       3       2

Kamal Thursday, 28 October 2021 09:35 AM

මේවා තමයි හොඳම කුමන්ත්‍රණ. ශ්‍රී ලංකා වෙළඳපොළ ඉන්දීය ආක්‍රමණය, වාහන ආනයනය නතර කිරීම ඇත්තටම රටට තියෙන ආදරේට ද? ප්‍රමිතියෙන් බාල ඉන්දියාව තුළත් ප්‍රතික්ෂේප වන මෝටර් රථ මෙරට එකලස් කිරීම්.

:       2       3

Senarath Thursday, 28 October 2021 09:43 AM

මේ ආරම්භය ඉතම හොඳයි. ඔහොම යමු.

:       3       2

රජිත් Thursday, 28 October 2021 11:39 AM

ඉතාම හොඳ වැඩපිළිවෙළක් තවත් පොඩි පොඩි අය ඉන්නවා වාහන අලුතෙන් නිෂ්පාදනය කරපු සමාජ මාධ්‍ය අපි දැක්ක. ඒ ගොල්ලන්ටත් උදව් කරන්න අපේ දේ අගයන අපේ මිනිස්සුන්ව හුරු කරමු .එතකොට තමයි රටක් හැටියට නැගිටින්න පුළුවන්

:       0       2

මුදියන්සේ, Thursday, 28 October 2021 01:15 PM

වාහන ආනයනය කිරීම මුලුමනින්ම නතර කොට දේශීයව මෙලෙස නිෂ්පාදනය කරනු ලබන වාහන භාවිතා කළ යුතු බවට නීතියක් ඇති කරන්න. අඩු මිලකට ලබා දෙන්න. නැත්නම් දේශීය කිරිපිටිත් විදේශීය කිරිපිටිත් සමාන මිලට අලෙවි කිරීම හා සමාන වේවි.

:       2       1

Piyasingha Friday, 29 October 2021 12:35 PM

ලෝකෙ තියෙන කැතම වාහනය වීරවංශට හොඳයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 151 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 418 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 206 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 142 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 222 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2231 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site