(ඩී.ජී.සුගතපාල)
රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.
ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය.
මහේස්ත්රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුණු පොතේ අසත්‍ය තොරතුරු දැමූ සැකකරුට ඇප
Vipul Friday, 18 June 2021 06:20 AM
තමන්ගේ අදහසක් කියන්නත් බෑ දැන්... රජය පෙරලෙනවලු. අනේ මෙහෙමත් මෝඩ චූන් ආණ්ඩුවක්....
සිල්වාFriday, 18 June 2021 05:05 PM
J R ජයවර්ධන මහතා ජනාධිපති කාලයේ ඔහුව විවේචනය කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන CID එකේ හතරවන තට්ටුවට ගෙනිච්චා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍රයේ ජේ ආර් ගැන කවියක් ලියපු කොල්ලෙක්වත් විභාග ශාලාවෙන් දැනුම් දීලා හරි උත්තර පත්‍ර ලකුණු කරපු තැනින් දැනුම් දීලා පොලිසි ගෙනිච්චා. ඒ නිසා මේ අද ඊයේ අලුතින් වෙන දේවල් නොවෙයි. ඒ වගේම අසත්‍ය තොරතුරු පල කිරීම කොටින්ගේ ලොකුම ආයුධයක් ලෙස අදත් ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය පුරා ගෙනියනවා. ඒ තොරතුරු විශ්වාස කරන රාජ්‍ය සහ අනිකුත් සංවිධාන ලංකාවට එරෙහිව නොයෙකුත් සම්බාධක දානවා. ඊට පස්සේ ඔයාලා ආණ්ඩුව මොකක් හරි වුණත් බනිනවා. විශ්වාස නොකරනවා නම් ‘Colombo Telegraph‘ වගේ වෙබඅඩවි බලන්න. ඔවුන් සමහර අසත්‍ය තොරතුරු ලබාගන්නේ මේ වගේ අයගෙන්. දේශපාලන කෝණයෙන් නැතුව රට සහ අන්තිමට අපේම කොටසකගේ මේවාගේ ක්‍රියාවන් නිසා බැට කන අපිම ගැන හිතමු....
බණ්ඩාSaturday, 19 June 2021 12:00 AM
ජේ.ආර්.කරපු නිසා අපි කරනවා.ඒකද මේ කියන්නේ? නිකම් කටට එනවට තමන් නොදන්න බයිලා කියන්න එපා. කොට කරන දේවල් සහ මේක දෙකක්. කව්ද කියන්නෙ මේ ආණඩුව ගැන කියන ඔක්කොම බොරු කියලා? මානව අයිතිවාසිකම් කඩ කරන් නැද්ද? ශානිලා, හිජාස් ලා අත් අඩංගුවේ නැද්ද?
සදිස් Friday, 18 June 2021 06:55 AM
ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ කළා නම් විනිසුරුතුමා ඇපදෙයිද? පොලිස් ගිරව් ගොතන කතා ගෙඩි පිටින් ගිලින්න එපා. ඔයාලත් මාධ්යයේනේ...
Saamira Friday, 18 June 2021 07:30 AM
ඉතින් ආණ්ඩුවේ එහෙම නෑ කියලා හේතු පැහැදිලි කරලා.. ඒ වගේම පෝස්ට් එකකින් උත්තර දෙන්න තිබුණානේ. ඕවා තමයි ආණ්ඩුවේ ඉන්න කේවට්ටයින් කරන ගොන් වැඩ. EU එක GSP ඉවත් කරන්න ඕනෑ කියලා පෙන්නුවේ මේවා තමයි....
සමන්ත Friday, 18 June 2021 11:05 AM
සමන්ත රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. හැබැයි මිනිස්සු අත්අඩංගුවට ගන්න, හිරිහැර කරන්න කොන්ද පණ තියෙනවා. මේ සියල්ල කරන මිනිසුන් කවුද යන්න අප දන්නවා. ඔවුන් එකක් මතක තබාගත යුතුයි. එනම් ජනතාවට රජය විවේචනය කිරීමට, සාමකාමී ලෙස උද්ඝෝෂණ කිරීමට සහ රට විනාශ කාරන්නේ පවතින රජය නම් එය පෙරලා දැමීමටද ව්‍යවස්ථාවෙන්ම බලය ලබා දී ඇති බව. ඔහු කිව්වා නම් නැව අනතුර දැක දැක වන්දි ගන්න ගෙන්නුවා කියලා, ඔව් එහෙම හිතන්න මිනිස්සුන්ට අයිතියක් සහ සාධාරණ සැකයක් තියෙනවා. එ්කට ඔහු අත්අඩංගුවට ගන්න කාටවත් බලයක් නෑ. හැබැයි වැරදි ලෙස බලය පාවිච්චි කළොත්, ඒවගේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම විඳින්න ලෑස්ති වෙලා කරන්න කියලා ඔය ලොකු පුටුවල ඉන්න කාටකාටත් කියන්න කැමැතියි...
Nuwan Friday, 18 June 2021 11:25 AM
ඔන්න පටන් අරන්...!!!
අශාන් Friday, 18 June 2021 12:04 PM
මෙසේ නිදහස් කිරීමට විරුද්ධව මිනිසුන් පාරට බැසිය යුතුයි. මෙසේ හිතුණු හිතුණු විදියට බොරු දාලා මෙහෙම නිදහස් වෙන්න පුලුවන් නම් හැමදාම මේ රටේ බොරුම පතුරවයි ...
බණ්ඩාFriday, 18 June 2021 04:17 PM
බත් බැලයින් ට්‍රිගර් වෙලා. බලාගෙන කටු ටික නැතිවෙයි.
බද්රානි Friday, 18 June 2021 01:05 PM
මාධ්‍ය මගින් පුම්බලා උඩ ඇරපු පිස්සන් වගේ නෙවෙයි, මතකනේ, ගඩාපි, සදාම් හුසේන්, හොස්නි මුබාරක්ලා වගේ දක්ෂ ඒකාධිපති පාලකයින්ට අත්වුණු ඉරණම. වටේටම මුර බල්ලන් දාගෙන තමන් ආරක්ෂා වෙලා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න දඟලනවා නම්, ඒ තමයි ඔවුන්ගේ පැවැත්මේ අවසානය. ඔය අසත්‍ය ප්‍රවුර්ති පලකරනවාට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ මේ රටේ ජනතාව නයි නටවා මුලා කල අයයි.