IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මිරිහා‌නේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන  ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත  විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට  සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන්   විරෝධතාවයක්  ද  පැවැත්වීමට නියමිතය



අදහස් (13)

මිරිහා‌නේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන්

පිටිගල මිලානෝ Friday, 31 March 2023 02:08 PM

සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තාට පණ බයේ මහරෑ පැනලා ගිය ස’ එනවා කියන්නේ ඇත්තද…?

:       157       31

මහසෙන් Friday, 31 March 2023 02:47 PM

අරගල කලේ හිටපු කෙනාව පන්නලා දාන්න නේ.. ඒක හරි ගියා ඒක සමරන්න. ඒ වගේම නිර්පාක්ශික අරගලය තුළ උන්නු බොහෝ දෙනෙක් අද ඉන්න තැනත් බලන්න. ඊට පස්සේ කිව්වේ ගෝඨා එලවපු අපිට රනිල් වැඩ්ඩෙක් නෙවේ. රනිල්... මහින්ද එකට තියලා. ගෙදර යවන්නේ කියලා. ඒ වුණාට අද ස්ලෝගන් එක විධායක ජනපතිකම අහෝසි කරන්න කියලා. ඕක පිළුනු ස්ලෝගන් එකක්.... අරගලේ ඇතුළට ඇවිත් අරගලේ දියකරපු ලොක්කා තමයි දැන් රටේ ලොක්කා... ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන එකයි... ඇත්තේ...

:       17       131

මැක්ස් Friday, 31 March 2023 03:57 PM

රට අරාජික කිරීමට මුල් වූ ඔය කුල් ටූර් අලගලයින් විසින් සමාජයීය සහ ආර්ථික වශයෙන් රටට කළ වින්නැහියෙ අනිටු ප්‍රතිඵල තව ඉදිරියට ය.

:       24       115

විපරමා Friday, 31 March 2023 05:33 PM

රටේ ජනතාව අරගලය කරන තත්වෙට ඇදලා දැම්මේ දූෂිත, බලලෝභී පවුල් පාලනේ අය. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා. රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි... රටට ලොකුම වින්නැහිය කෙරුවේ දූෂිත දේශපාලුවන්.. ඡන්දෙ දිපු 69 ලක්ෂයවත් දැන් නැහැ.

:       71       34

අසිත Friday, 31 March 2023 04:02 PM

අරගලයේ අග්‍ර ඵලය රනිල් ජනාධිපතිතුමන් බැවින් ඒ සඳහා ප්‍රධාන ආරාධිතයන් විය යුත්තේ එතුමන්, ඇමරිකන් තානාපති තුමිය සහ නීතිඥ සංගමයේ හිටපු ලොක්කාය.

:       11       94

WijeSaturday, 01 April 2023 02:45 PM

අසිත ඔබ බත්කන හරකෙක්

:       6       5

නිමාෂ සංජීව හේරත්Saturday, 01 April 2023 09:24 PM

කතාව ඇත්ත අසිත අයියා අපි සේරම රැවටුණා... අරගලය මෙහෙයවනු ලැබුවේ සුපිරි මොළකරු විදේශීය පිරිස් විශේෂයෙන් එක්සත් ජනපදය විසින්..., රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ දේශීය නියෝජිතයා සහ නීති ලොක්කාත් ඔවුන්ගේ බළල් අතක් බව ඉතාමත් කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවන බැවිනි.

:       3       3

නිහාල් Friday, 31 March 2023 04:09 PM

ඒ 3000ට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් ද

:       85       36

Winsly Friday, 31 March 2023 04:49 PM

අරගලයට පිට අය ඕනෙ වෙන එකක් නෑ. ඔය 3000 ඇති. ටික දවසකට කලින් කිව්වේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට 50ක් දෙන්න අමාරුයි කියලා.

:       68       33

Samitha S. Aluthgamage Friday, 31 March 2023 05:11 PM

මේ කපේදී පන්නන්න බැරි ජනපති කෙනෙකු සහ අගමැති කෙනෙකු අරගල කරුවන් විසින් පන්නා දමනු ලැබුවා. ඒ වගේම, වැරැදි කොට තිබූ මන්ත්‍රීවරුන් v8 හංගා තබා පොඩි කාර් වලින් තමයි ගමන් බිමන් ගියේ... එදා සමහර මන්ත්‍රීවරුන් බය වැඩිකමට පක්ෂය අතහැර තාවකාලිකව ස්වාධීන වුණා. ඒ තරම් බලසම්පන්න වී තිබූ බලවේගය හරි හැටි නායකත්වයක් නොතිබීම නිසා ක්‍රමයෙන් උදාසීන වී ගියා. ගෙවල් ගිණි තැබීම්, වාහන ගිණි තැබීම් හා අවශ්‍ය නොවන අයුරින් සිදුවූ අනීතික වැඩ නිසා එය තවත් පිරිහුණා. රනිල් පැමිණීමත් සමග තත්ත්වය නොසිතූ ලෙස වෙනස් වුණා. එමෙන්ම, පරාජිත දූෂිතයින් තම වැරදි ගැන හා රට බංකොළොත් කළබව වගේ වගක් නැතිව යහතින් සිටිනවා. රට හරියයිද තවත් වලේ වැටෙයිද කියා ජනතාව විස්සෝපයෙන් සිටිනවා. අනේ..! අපේ රටට හා අපට සිදුවූ නැස්පැත්තියක්...

:       78       44

අනුර කුමාර රාජපක්ෂ වික්‍රමසිංහSaturday, 01 April 2023 09:20 PM

සමිත ඔබ පොලුත් එක්ක බත් කන කෙනෙක්...!

:       1       1

sunil Saturday, 01 April 2023 06:14 AM

පොලීසියේ ක්‍රියා කලාපය ඉතාමත් මිලේච්ඡයි.

:       5       2

කෝරාලගෙSunday, 02 April 2023 10:51 AM

පොලීසියේ උන්දැලාගේ ළඟදීම ගෙදර බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් ගුටිකන දවස ඉතාම ළඟ එනවා. මොකද පොලිසියේ උන්දැලාත් අද ජීවිතය ගැට ගහගන්නෙ මේ හොරා කාපු දේශපාලුවන්ට දෙස් දෙවොල් තිය තියා...

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 32 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 160 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 323 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 299 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 423 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 375 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site