IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැරෙන්න පෙර හයකට ජීවිතය දුන් පින්බර දියණිය

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී  බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට  පැවසීය.

හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව සිටි රෝගියකුට එක් වරම මෙම අවයව බද්ධ කරනු ලැබුවේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද වෛද්‍ය විශේෂඥවරු පවසති.

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ මේ රට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව හදවත සහ පෙනහලු දෙක එක්වරම බද්ධ කර සැත්කම සිදු කර ඇති අතර,  මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව මොලේ මියගිය මෙම සිසුවියගේ ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ජීවිතයත් මරණයත් අතර  එම රෝගීන් තිදෙනාද සුවය ලබමින් සිටින බව එම විශේෂඥ වෛද්‍ය වරයා කීය.

මෙම සිසුවියගේ ඇට මිදුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇත.

සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කරඇති අතර එයින් දෑස් නොපෙනෙන දෙදෙනකුට ලෝකය දැක ගැනීමේ වාසනාව ඉදිරියේදී හිමිවනු ඇත.

මෙසේ සිරුරේ අවයව බද්ධ කිරීමට ලබාගත්තේ නිකවැරටිය,අඹන්පොළ පළමු පටුමගේ පදිංචිව සිටි ඒ. එච්. ටී. විහගනා නුවන්මිනි ආරියසිංහ නැමැති සිසුවිය ගෙනි

මෙම සිසුවියගේ මොලේ අභ්‍යන්තර ඇතිව තිබූ ගෙඩියත් නිසා රෝගී ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මිය ගොස් තිබිණි.

විහගනා සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක වන අතර ඇය පසුගියදා පැවති උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විද්‍යා විෂයයන්වලින් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වූවාය

 



අදහස් (40)

මැරෙන්න පෙර හයකට ජීවිතය දුන් පින්බර දියණිය

චමින්ද Monday, 27 March 2023 07:29 AM

දියණියනි ඔබ කීප දෙනෙකුට ජීවිතය ලබාදී ඇත එපිනෙන් ඔබට මිනිස්ලොව උපදින ඊළඟ ආත්මයේම සසර දුක්ගිනි නිවී අජරාමර නිවන්සැප ලැබීමට හේතු වාසනා වේවායි පතමි

:       8       170

Bandara Monday, 27 March 2023 08:29 AM

ඉතාම පින්වත් දුවෙක්. දුවට නිවන් සුව ලැබේවා.

:       6       114

Thilina Monday, 27 March 2023 08:44 AM

මෙපින් බලයෙන් සසර කිසිදිනෙකවත් මෙවන් අකල් මරණයකට පත් නොවේවා..අමාමහ නිවන් සුවයම ලැබේවා සොයුරිය ..

:       5       139

JayaMonday, 27 March 2023 04:41 PM

මේවටත් ඩිස්ලයික් ඒන මලකුනු ඉන්නව.

:       2       26

පත්මා Monday, 27 March 2023 08:51 AM

බෝසත් දියනිය නිවන් දකිනට හේතුකාරනා වේවි

:       2       127

Ravin Monday, 27 March 2023 09:02 AM

ජීවිතයක් තුලදි කලහැකි ලොකුම පින්. ඔබට සසර වසනා තුල මෙවනි අකල් මරනයකට ගොදුරුනොවි නිවන් සුව අත්වෙවා. දෙවියන්ගෙ කැමැත්ත. ස්වර්ගයේ දොරටුව විවරවෙවා.

:       0       103

ලක්ශ්මන් මෝටර්ස් Monday, 27 March 2023 09:50 AM

දැරියට උතුම් නිවන්සුව අත් වේවා සසර වසන තුරු නිවන් දක්නා තුරු මෙ කලාවු උත්තම් පූජාවකම වේවා,

:       1       104

Chandralal Monday, 27 March 2023 09:51 AM

ඔබට මේ සියලු පින්වලින් නිවන් අවබෝධ වේවා.

:       0       72

Pushpa Dassanayake Monday, 27 March 2023 10:25 AM

ඔබට උතුම් වූ නිර්වාන සුවය ලැබේවා!

:       1       75

sachith Monday, 27 March 2023 11:04 AM

නිවන වැඩිදුර නොවේවා..!

:       1       62

වෝල්ටර් ගුණතිලක Monday, 27 March 2023 11:19 AM

මේ දියණියට අමා මහ නිවන් සුව පත් වේවා! දෙමව්පියන්ට ද ඒ පුණ්‍ය කර්මයෙන් මෙතේ බුදු දැක අමා මහ නිවන් සුව ලබන්නට හැකි වේවා!

:       2       71

DINUSHA HEWAMonday, 27 March 2023 08:02 PM

ඔබට උපහාර පිණිස.සරසවි වරම් ලබන්න ට. ඉහලම සාමාර්ථ ලැබේව..............ඔබ පුරූ දාන පාරමිතා බෙලෙ...උසස් මිනිස් ආත්ම භාවයක..උපදීව.උසස් දිව්‍ය සම්මත්තිය ලැබේවා.........නිවන් දකිනා ජාතියක මහ තෙරනියකම වී දහස් මිනිස් දෙව් සිරිසන් ආත්මයන්.නිවන් මගට.........යොමන්න ඔබට වාඩනා බලය ලැබේව..........මතු භවයක ඔබේ මැනියන් ගේ දරුව්‍ර්කු වී නවත උපදීවා....!!!!!!!"!"""!!!

:       0       10

Bunny Preena Monday, 27 March 2023 11:31 AM

නිවන් දකින්නට කරපු කුසල් හේතු වාසනා වේවා...!!

:       0       57

Lakmini Monday, 27 March 2023 01:25 PM

ගොඩක් පිං ඔබට.

:       1       54

Sharmalee Jayamanne Monday, 27 March 2023 02:29 PM

Her soul Rest in Peace. All the good she done in her life and for donating her body parts to theres in her the last moment will count by the God.

:       3       25

JayasekaraTuesday, 28 March 2023 09:49 AM

ඇය මේ භවය තුළ "උප පාරමී" සම්පූර්ණ කළාය... නමුත් ඇයට නැවත ඉපදී "සංසාරයේ" නව ගමනක් ආරම්භ කළ යුතුයි... ඇයට/ඔහුට උතුම් වූ නිර්වාණාවබෝධය (තවත් උපතක් නැත) කෙසේ වෙතත් මෙම මිල කළ නොහැකි පරිත්‍යාගය ඇයගේ අසංඛ්‍යාත සංසාර ගමනේ සුමට හා නිරෝගීව සිටීමට උපකාරී වේ....

:       0       9

S.s.b.m.bandaranayake Monday, 27 March 2023 02:37 PM

පුතේ, ඔයට මේ පින අති නිවන් දකින්න

:       0       37

කිරිපුතා Monday, 27 March 2023 02:40 PM

සසරින් එතෙරවනතරු මෙවන් අකල් මරණයකට පත් නොවන්නට මේ පිං ඇයට උපකාර වේවි.

:       0       33

Samitha S . Aluthgamage Monday, 27 March 2023 02:41 PM

ඇදහිය නොහැකි මේ පුවත දුටු නෙතට කඳුළු ඉනුවා.හද සසල වුනා.පින්වත් තරුණිය ඔබ ජීවතුන් අතර නැතත් ඔබ ජීවය දුන් අයට ජීවත් වීමට හේතු වූ ඔබ අනිවාර්යයෙන්ම සුගතියේ උපදිනවා.ඔබට නිවන් සුව අත්වේවා ... !!!

:       0       35

එස් සමරවික්‍රම Monday, 27 March 2023 03:04 PM

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවෙකු වන මෙම උතුම් මිනිස් ගති ඇති දියණියට මෙවන් විපතක් මතු කිසිදු දිනෙක සිදු නොවේවා ඔබ ඇතුළු දහස් ගණනක් දරුවන් ගේ උත්තර පත්‍ර පරික්ෂා නොකර විශ්ව විද්‍යාල වසා වර්ජන කරමින් ජාතියේ දරුවන් ගේ අනාගතය වල පල්ලට යවන දරුවන් ප්‍රාන ඇපයට ගන්නා වැඩිහිටියන් ගේ හිත් පිත් නැති බව තුරන් වේවා

:       2       32

Jayasekara Monday, 27 March 2023 03:41 PM

නිවන් අරමුණුකොටගත් ඔබගේ සසර ගමන මේ පාරමිතාව උප පාරමිතාවක් ලෙස සම්පූර්ණ වේවා. නිවන් දකින් ජාති දක්වා නිරෝගී සුවය ලැබීමට මහත් කුසල කර්මය හේතු වේවා... අවසානයේ කේතුමතී රාජධානියේ පහලවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් පිණිසම මේ සියලු කුසල කර්මයන් හේතු වේවා...!

:       1       25

පිටරැටියා Monday, 27 March 2023 03:41 PM

ඔබ වැනි පින්වත් දියණියක් ගැන අහන්ඩ ලැබීමත් අපිට හරිම සතුටුයි .ඒ පිනෙන් ඔබට අමාමහ නිවන්සුව අත්වේවා .

:       2       29

JeewaTuesday, 28 March 2023 01:54 AM

ණිවන් ලබන්නට මතු සන්සරෙ ... පින් පුරවමු අපි ඔබ සිහියට නැගෙනා හැමවාරෙ....!!!

:       0       3

පිටිගල මිලානෝ Monday, 27 March 2023 05:28 PM

මිනිසුන් විරල ලංකාවේ සැබෑ මිනිසුන් වන මෙම පින්බර දියනියගේ දෙමාපියන් සහ සහෝදරියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. කුරිරු බෝම්බ අටවා මිනිස් පපු කැවුතු උලාකෑ ලේසාටක එල්ලාගත් පිසාචයන් තවමත් අසිහියෙන් පිනුම් ගසන රටක් මේක….

:       0       4

Sunil Gamage Monday, 27 March 2023 08:41 PM

පින්වත් දුවේ උතුම් නිර්වාන සුඛයට පත් වීමට පෙර ඔබට දීර්ඝායුෂ ඇති නිදුක් නීරෝගී උපතක් ලැබේවා

:       0       0

Isanka Monday, 27 March 2023 08:45 PM

නිවන දුර නොවන පාරමිතා සම්පුර්ණ වේවා .ඔබ දුන් ජීවිත ධානය ඔබට මතු අත් භවයට පාරා වලල්ලක්ම වේවා

:       0       0

බද්රානි Monday, 27 March 2023 09:02 PM

තමන්ගේ අවයව පමණක් නොවෙයි අනුන්ගේ අවයව පවා මිය යද්දී රැගෙන යාමට වෙරදරන බහිරව වර්ගයේ මනුෂ්‍යයින් බහුලව වෙසෙන රටක, ඔබවැනි දියණියකට මෙවන් සිතුවිල්ලක් හිතේ හටගැනීමම සුවිශේෂී කරුණක්. මේ සසරින් එතෙරවීමට මේ කල පිනම ඇති..ඔබට නිවන් සුව පතමි!!

:       1       5

Rohana Monday, 27 March 2023 10:08 PM

අනේ දුකයි. රටට දියණියක් අහිමිවීම .

:       0       5

perera Monday, 27 March 2023 11:11 PM

ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

:       0       0

ජයම්පති Monday, 27 March 2023 11:24 PM

ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය්‍යාංශ නිළධාරින් දැක්වූ සහයෝගය මොකක්ද කියලා පැහැදිලි කරනවද? හැම දේකටම නම ගාගන්න විතරයි දන්නේ.

:       0       10

thilak Tuesday, 28 March 2023 02:42 AM

මෙවැනි දානමය පින්කමක් ගැන අසුවාමයි.

:       0       4

sena Tuesday, 28 March 2023 03:53 AM

මෙ දරුව අපිව දාලා ගියෙනැහැ තව කිප දෙනෙක්ගෙ ශරීර තුල ජිවත් වෙනවා.

:       0       8

Demuni de Silva Tuesday, 28 March 2023 04:07 AM

උතුම් පින්කමක්! විහඟනා නුවන්මිණි ආරියසිංහ උතුම් නිවන් සුව ලැබේවා !

:       0       5

ලුම්බිණි Tuesday, 28 March 2023 04:16 AM

කෙහෙළිය රඹුක්වැල්ල කරපු දේ මොකද්ද?

:       0       8

පනාමල්දෙනියTuesday, 28 March 2023 11:57 AM

අයිසීයූ එකේ තවත් රෝහියෙකුට ප්‍රතිකාර ගැනීමට තියෙන අවස්ථාව අහිමි නොකර අවයව දන්දීල ඉක්මනින් යන්න කියන්න ඇති වෙන මොනවා කරන්නද

:       0       3

දිරිය දියනියට නිවන් සුව Tuesday, 28 March 2023 06:42 AM

මෙපින් බලයෙන් සසර කිසිදිනෙකවත් මෙවන් අකල් මරණයකට පත් නොවේවා..අමාමහ නිවන් සුවය ලැබේවා දිරිය දියනියට.

:       0       6

චින්තක Tuesday, 28 March 2023 11:19 AM

පින්වත් දුවේ, ඔබට අමා මහා නිවන් සුව අත්වේවා.

:       0       5

ලලිත් අම්බලන්ගොඩගේ Tuesday, 28 March 2023 11:35 AM

දියණියනි,ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.අපේ පාර්ථනා තුලින් සොහොායුරියගේ සහ දෙමාපියන්ගේ දුක් ගින්දර නිවේවා.

:       0       7

M.m. jayathunga Tuesday, 28 March 2023 12:22 PM

ඔබට අමා මහ නිවන්සුව ලැබේවා පුතේ . සසර වසන තුරු මෙවන් අකල් මරනයකට ලක් නොවෙවා.

:       0       6

Madanayaka RAMYASIRI Wednesday, 29 March 2023 07:59 PM

මේ දියණිය ඉපදෙන මතුභවයක මේ කල පිනෙන් වාසනාවන්ත උප්පත්තියකට නිවන්දොර විවෘර්ත වේවා කියා ප්‍රාර්ථනා කරනවා .නිවන් සැප ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1127 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 365 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 436 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 356 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 534 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4427 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site