IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මැති සබයේ ගාලගෝට්ටියක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාවක් කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා මැති සබයේ ලොකු ගාලගෝට්ටියක්  ඇතිවිය.

දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර සභාවට නොගැලපෙන වචන ද හුවමාරු වූයේය.

මේ අවස්ථාවේදී කතානායකවරයාට සභාව පාලනය කර ගැනීමට පවා නොහැකි වූ අතර මෙසේ දිගටම කලබල කළහොත් මැති සබය කල් දමන බව කතානායක වරයා මෙහිදී දැනුම් දුන්නේය .

මේ එහිදී ඇතිවුණු සංවාදයයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

අපේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ  සභාවේදි ප්‍රකාශයක් කළා.අපිට දැන් ආරංචි වෙලා තියෙනවා එතුමා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්න යනවා කියලා.පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව එහෙම කරන්න බැහැ.මෙහෙම ගියොත් අපි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කොහොමද.ත්‍රස්තවාදී පනත යටතේ කරන්න ඕන පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීමයි .

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට කිසිම මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න බෑ.අපි එහෙම ගන්න ඉඩ දෙන්නෙත් නෑ.මොකද හිරගෙදර තියෙන දුක අපි දන්නවා.නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බොරු කියන එක නම් වැරදියි.හරින් අද කරන්න ඒක.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා (ස.ජ.බ)

හරින් අත්අඩංගුවට ගන්න යන්නේ ඔහු මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට.ඒකට අපි විරුද්ධයි.ඇයි මෙහෙම කැත වැඩ කරන්නේ.

(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසති )

සජිත් ප්‍රේමදාස මහතා :

මන්ත්‍රීවරුන්ට භාෂණය නිදහස තිබිය යුතුයි .හරීන්ට ලැබුණු තොරතුරු එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ

 



අදහස් (8)

මැති සබයේ ගාලගෝට්ටියක්

විපරමා Friday, 23 April 2021 08:26 AM

කිසිම චාරයක් නැතුව හැසිරෙන අය... තිරිසනුන්ටත් වැඩිය අන්තයි. ලෝකයේ කොහේවත් නැතුව ඇති මේ වගේ අය...

:       7       35

Deepal Nirosh Friday, 23 April 2021 08:44 AM

අත්අඩංගුවට ගන්න සූදානමක් ඕනෑ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන පියාගෙන් තොරතුරු ලැබී තිබියදීත් එය සඟවා ගෙන පොලිසියට දැනුම් නොදුන් හරීන් අත්අඩංගුවට ගත යුතුව තිබුණේ දැනට වර්ෂ දෙකකට පෙරයි. ඔය පාර්ලිමේන්තුවේ කියන කතා නම් අධිකරණය පොලිසිය තබා රටේ මහජනතාවවත් ගණන් ගන්න එකක් නැහැ.

:       23       69

බද්රානි Friday, 23 April 2021 08:52 AM

අසරණ ජනතාවගේ මුදල් නිකරුනේ වැයකරමින් දිනපතා පාර්ලිමේන්තුවේ සිදුවෙන මේ නරි නාඩගම් නැරඹීම අප්‍රියජනකයි. එක අතකට, හොර, අමන අඥානයින් ගෙන් මීට වඩා වෙනස් රංගනයක් බලාපොරොතු වෙන්නත් බැහැ. රටේ බහුතර මෝඩයින්ට නොදෙවෙනි ලෙස ඔවුන් පත්කොට යැවූ නායකයින් මෙලෙස හැසිරෙනවා විය හැකියි. වනචාරීන්ගෙන් මේ පින්බිම මුදා ගැනීමට තරම් ප්‍රබල ජාතියක් තවමත් ඉදිරිපත් නොවීම ගැන මා හට නම් ඇත්තේ කණගාටුවක්. කොහොමත් නුදුරු අනාගතයේදීම මේ තුප්පහි ජාතිය මේ රටෙන් වැනසී තුරන් වෙන බව නම් සිකුරුයි...

:       74       19

rathgamaFriday, 23 April 2021 10:09 AM

පවුලේ සහ නෑදෑයන්ගේ, හිතවතුන්ගේ ප්‍රශ්න විසඳාගත්තයි කිව්වා නම් හරියටම හරි.

:       23       8

Rata Perata Friday, 23 April 2021 09:30 AM

අපේ රට තරම් පහත් තත්වයකට ඇදලා දැම්මේ කවුද කියලා අවංකවම හිතුවොත් අපි හැමෝම දන්නවා. දන් ලංකාව කියන්නේ අරාජික රටක්...

:       33       9

NIHAL Dharmatileke Friday, 23 April 2021 09:40 AM

‘‘මෝඩයින්ගේ පාරාදීසය‘‘ පාර්ලිමේන්තුවේ 3 වැනි ජවනිකාව...

:       4       17

rathgama Friday, 23 April 2021 09:52 AM

ලෝකයේ පළවෙනි ‘‘අංග විකලයන්ගේ පාර්ලිමේන්තුව‘‘... !!!

:       7       8

raththaran Friday, 23 April 2021 11:24 AM

පාර්ලිමේන්තුවේ කෑ ගහනවා බොරුවට, කියන කතා වලට නඩු දාන්ඩ බැරි නිසා. ඇවිල්ලා දන්න දේ පොලිසියට කියන්ඩ කිව්වම මතක නෑ . නිකන් කිවේවේ.සාක්කි නෑ. ඔන්න පණ්ඩිතයන්ගේ කයිවාරුව.

:       3       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 1 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 501 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 907 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 902 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 147 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2508 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site