IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැණිකෙට කොළඹින් ඉඩමක්

(අජන්ත කුමාර අගලකඩ)

මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.

මීට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20)පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරනු ඇතැයි වාර්තා වේ.

නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින් ,ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර ,.1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇත.

 



අදහස් (29)

මැණිකෙට කොළඹින් ඉඩමක්

beau Sunday, 19 December 2021 10:59 PM

මෙයාට ඔය ඉඩමට දෙන්න තරමට වඩා මුදල් ඇතිනේ. තියෙන අයටමයි මේ ආණ්ඩුව තවතවත් දෙන්නේ...!

:       2       7

ajith Sunday, 19 December 2021 11:50 PM

මනස දියුණු මිනිසුන් මෙවැනි පරිත්‍යාග කරන්නෙත් නැත. මනස දියුණු මිනිසුන් මෙවැනි පරිත්‍යාග ලබාගන්නේත් නැත. පර්චස් 10ක පමණ ඉඩම් කැබැල්ලකට වඩා ඇය ලංකාවට ලබාදුන් කීර්තිය අගය කළේනම් හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් පිළිගැනීමක් ලබාදුන්නේ නම් එය ඇය පමණක් නොව රටේ ජනතාවටත් වැදගත් වේ. ලෝකයේ වෙනත් රටවල මෙවැනි ඇගයීම් අප අසානැත...

:       2       18

Bandara Monday, 20 December 2021 12:48 AM

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දුන්න නම් නරකද!!! මේ ළමයත් මොලේ කල්පනා කරලා වැඩ කලා නම් හොඳයි, මොකද ක්‍රම ක්‍රමයෙන් බුර බුරා නැගෙන ආණ්ඩු අප්‍රසාදය මේ ළමයා පිටිනුත් යන්න පුළුවන් හින්දා. පුළුවන් තරම් දේශපාලන සබඳතා වලින් ඈත් වෙලා, තමන්ගේ කලා කටයුතුවල පමණක් නියැලෙන්න. දේශපාලඥයන් සහ පක්ෂ ප්‍රචාරණය කරන්නට ගොස් හොඳටම පීචං වූ අපේ රටේ කලාකරුවන්ගේ ගණන මෙපමණ යැයි කිව නොහැක.

:       4       27

සෙනවි Monday, 20 December 2021 03:29 AM

ඉතාමත් ධනවත් ශිල්පිනියකට ඉඩම් තෑගි දීමේ අරමුණු කුමක්.?.ඇයට මුලු නගරයම මිලදී ගැනීමට කරම්ම් ධනවත්ය. මේ කේශත්‍රයේ ඉන්නා ධනවත්න නොවූ ශිල්පීන් ගැන තැකීමක් නැතිද. සමහරැ යාන්තමට ජීවත් වන බව දන්නේද ?. යෝජිත අමරදේව අසපුවට කුමක් වීද?.මේ තෑගි නම් මල විකාරයකි.

:       2       30

සෙනවි Monday, 20 December 2021 03:32 AM

මුළු අගනුවරම මිලදී ගැනීමට වත්කමක් ඇති මේ ගායිකාවට රජය මගින් තෑගි ඉඩමක් දීමේ අරමුණ කුමක්ද?. යෝජිත අමරදේව අසපුවට කුමක්වීද?

:       4       17

sam Monday, 20 December 2021 04:20 AM

මෝඩ ආණ්ඩුවක්. ඇයගේ ජයග්‍රහණය සඳහා අපි ඇයට සහයෝගය සහ ගෞරවය දැක්විය යුතුයි. නමුත් පොදු ඉඩම් ලබාදීම මෝඩ තීරණයක්.

:       4       29

rocky Monday, 20 December 2021 05:17 AM

දෙන දෙයියෝ පස්සෙන් එලව එලවා දෙනවා.මාලිගාවකුත් හදලම දුන්නා නම් හොඳයි නේද?වසර පනහා හැට ගණන් ජනතාව ගීයෙන් පිනව ගායක ගායිකාවන් මොනවද කෙරුවේ?මේ ළමයා එක සින්දුවෙන්ම ඔක්කොම පරාද කෙරුවා නේ.ආසියාවේ ආශ්චර්ය

:       2       14

Kamal Monday, 20 December 2021 07:00 AM

මහින්ද මහත්තය තමන්ගෙ පුද්ගලික බූදලෙන් මේ වගේ කොච්චරනම් පින්කම් කරල තියෙනවද? මේ රටේ පිනට උපන් නායකයෙක්.

:       4       21

දාස Monday, 20 December 2021 07:06 AM

ඇය විශාල මුදලක් මේ වන විට උපයාගෙන ඇත. ඇය නැති බැරි පවුලකින් පැවතෙන්නියක් නොවේ.මේ මුදල් නැති බැරි අයෙකුට ගෙයක් සාදාදිමට යොදන්නේ නමි එය කොතරම් පිනක්ද.

:       3       25

de silva Monday, 20 December 2021 09:08 AM

එක ගීතයකට මෙහෙම නම්, විශාරද අමරදේව, නන්දා මාලිනී, වැනි කලාකරුවන්ට කොළඹින් අක්කර 10ක් පමණ දෙන්න ඕනෑ නේද?

:       4       30

නිමල් පෙරේරා Monday, 20 December 2021 10:29 AM

අනුන්ගේ සිංදුවක් කියලා සම්මානයක් ගත්තාම, කොළඹින් ඉඩමක්... ඉතා හොඳ පූර්වාදර්ශයක්...

:       7       33

අරුණ Monday, 20 December 2021 11:04 AM

ගහක් අනෙක් ගස්වලට සාපේක්ෂව සරුවට හැදිලා ලොකු ඵලදාවක් දුන්නොත් කෘෂි විශේෂඥයින් හොයල බලනවා මොකක්ද මේ වැඩි ඵලදාවට හේතුව කියලා. එහෙම හොයාගන්න අලුත් සංයෝග, අලුත් පරිසර තත්ත්ව පොත්වලට ඇතුළත් කරනවා. අලුතෙන් පටන්ගත්ත ව්‍යාපාරයක් කෙටි කාලයක් ඇතුලේ අනිත් ඒවාට වඩා දියුණු වුණොත් ව්‍යාපාර විශේෂඥයින් මේ හදිසි දියුණුවට හේතු හොයලා බලලා ව්‍යාපාරික සිද්ධාන්ත වලට ඒවා ඇතුළත් කරනවා. අනිත් ක්ෂේත්‍ර වලත් එහෙමයි. හැබැයි සංගීත ක්ෂේත්‍රයේ නම් එහෙම නෑ. මේ වගේ ගීත දෙක තුනක් මීට කලිනුත් ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. සමහර ගීතවල මුල්ගීතය ජනප්‍රිය නොවී වෙනත් කෙනෙක් කරපු නැවත ගායනයක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ගීතවල පද රචනය දිහා බලලා, ඒවා ගායනය කරපු අය දිහා බලලා ඒවා ප්‍රතික්ෂේප කරපු එක තමයි දිගින් දිගටම වුනේ. මේ ගීත ජනප්‍රිය වෙන්න හේතු හොයලා ඒ ජනප්‍රියතාව වෙනත් ගීතයක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නම් අන්න එ්කයි නියම සොයාගැනීම...

:       1       8

de silva Monday, 20 December 2021 11:08 AM

සර්ගේ ගෝලයගේ දුවනේ..

:       8       21

දාස Monday, 20 December 2021 11:39 AM

රට කාපු අයගේ යෝජනාවක් කියලයි ආරංචිය...

:       2       18

ජන හඩ Monday, 20 December 2021 11:54 AM

මෙයට හේතුව පෞද්ගලික හිතවත්කම නොවේ නම් ලෝකයේ හොදම නළුවා වුණු කෙනා වගේම තව විද්‍යාඥයන් වගේම දක්ෂ නිපැයුම්කරුවන්ද ඇමරිකාවේ නව සොයාගැනීම් ඉදිරිපත්කර රට දිනවූ දරුවන්ටද ආසියාවේ ක්‍රීඩා ශූරතාවය දිනූ දරුවන්ටද ඉඩම් කැබැල්ල බැගින් දිය යුතුයි. මොකද රටේ නීතියත් තමන්ට කැමති ලෙසද තෑගි දෙන නිර්ණායකද තම අභිමතය පරිදි කරනවාද කියන එක ජනතාවට දැන් තේරෙයි.

:       3       9

fairoos Monday, 20 December 2021 01:03 PM

ජනතාව නොමග යවන්න මේ ආණ්ඩුවට කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා. වහල්ලුන්ට මේවා කවදා තේරෙයිද මන්දා...?

:       3       10

BamunuarachchiWednesday, 22 December 2021 07:29 AM

හිස් අතින් මෙරටට ආපු හමබ්යින්ට ඉඩම් ලැබුනේ කොහොමද කියලා කොයන්න කොමිෂමක් පත් කොරන්න ඕනේ. 1967 කාලේ හම්බ පුළුටක් නොසිටි හොරොව්පතානේ හම්බ ගම්මාන ඇතිඋනේ කොහොමද? මේවා සිංහලයෝ කවදා තේරුම් ගනීද මන්දා? බේරුවෙල, අටුලුගම කියන්නේ සිංහල ගම් ,මේවාට හැමබයෝ ආවේ කොහෙන්ද?

:       1       1

Shan Monday, 20 December 2021 01:15 PM

මහින්ද වගේ කෙනෙක්ගෙන් මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද? ඉක්මණට මේ අපතයින් එළවමු.

:       3       9

පිටිගල මිලානෝ Monday, 20 December 2021 01:39 PM

දැනට මෙයාගේ වත්කම ඩොලර් මිලියන 50 ඉක්මවනවා. මහින්ද හදන්නේ ඉඩමක් දීලා මහරජා සින්දුව මෙයා ලවා නැවත කියවාගන්න වත්ද...? ඕවාට අහුවෙන්න එපා... සාටකයක් දැක්කොත් පස්ස නොබලා දුවන්න...

:       1       11

BamunuarachchiWednesday, 22 December 2021 07:33 AM

දුවලා දුවලා බේරෙන්න බෙනයක් අස්සෙන් දුවන්න. හැබැයි හිර උනොත් පහුවෙනිදා පත්තරේ දාලා තියේවි.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 20 December 2021 01:39 PM

පර්චස් දහයක්...?

:       0       6

නිමල් Monday, 20 December 2021 08:07 PM

මේ ළමයා ඉඩමක් ඉල්ලුවේ නැහැනේ. දෙන්න හදන එකට ළමයා පලි නැහැ. හැබැයි දුන්නොත් නොගෙන ඉන්න එපා. ඇයි මේ රජයෙන් නිකම් ඉඩම් දීලා තියන රොත්ත දිහා බැලුවාම. ඇත්තට ඔවුන් මොනවා කළාටද? මේ ළමයා අඩු ගණනේ විදේශ විනිමයවත් ගේනවානේ...

:       0       0

BamunuarachchiThursday, 23 December 2021 05:43 PM

අපි ළමයා ගැන කතා කරන්නේ නැහැ. ළමයාගේ සින්දුව ගැන උදම් අනන අය සංගීත රසාස්වාදය ගැන හිතනවා. ඒ ළමයා සින්දු කොපමණ ගායනා කරලා තිබෙනවද? මේ සිංදුවේ තිබෙන්නේ මොන රසයද? අර්ථ රසයද? සංගීත රසයද? ඉන්දියාවේ මිනිස්සු හොඳයි කිව්වේ තාලයට හෝ රිද්මයට මිසක් අර්ථයක් දැනගෙන නොවෙයි. මොනවද කිව්වේ කියලා ඒ ගොල්ලෝ දන්නේ නැහැ. අපි හින්දි සින්දු අහනවා වගේ... සංචාරකයින්ට බෙලිකටු මාල විකුණලත් විදේශීය විනීමය හම්බ කරනවා..

:       0       0

Siri Tuesday, 21 December 2021 12:47 AM

මල්ලිට මොල 7ක් තියෙනවලු.. මට පේන්නේ අයියගෙ මොලේ තියෙන්නේ පස්ස පැත්තේ...

:       0       0

Siri Tuesday, 21 December 2021 12:50 AM

මටනම් මෙයාගෙ සින්දුවේකිසිම ලස්සනක් පේන්නේ නැහැ. තාත්තා හමුදාවේ හිටපු හින්දද දන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 22 December 2021 07:22 AM

නන්දා මාලනී වැනි ගායිකාවන් ගැන මට බොහොම දුකක් ඇතිවෙනවා. දැනටමත් ඔවුන් සංගීතෙන් ඈත්වෙලා වගේ. අනාගත දරුවන්ට අහන්න සින්දුවක් නැතිවෙන්නයි යන්නේ. මට නම් හායි හුයි බබී ආච්චිගේ බයිසිකල් එක ඔයිට වඩා රසවත්.

:       0       1

jayasekara Thursday, 23 December 2021 09:32 AM

අනුන්ගේ සින්දුවක් කියලා මෙයාට මෙහෙම දෙනවානම්.නන්දා මාලිනී වගේ ප්‍රවීණයන්ට රටෙන් භාගයක් වත් දීලා මදි

:       0       1

BamunuarachchiThursday, 23 December 2021 12:19 PM

මහත්තයෝ සිංහල අපි කොපමණ ගොබ්බද කියලා තේරෙනවාද?

:       0       0

saman Gallage Friday, 24 December 2021 12:38 AM

එයාටත් පීචන් වීමට කාලය පැමිණ ඇත. ඡන්දෙටත් දමාවිද දන්නේ නැහැ.. එහෙම වුණොත් ඉතින් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 31 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 22 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1466 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 306 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1450 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1447 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site