(සිරිනිහාල් ගමගේ)
පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරීයාට හා පැමිණිලිකරුට පහර දුන් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යැයි පවසන ආචාර්යවරයකු අද (9) දහවල් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වදුරඹ ගාලුපාර ලිපිනයේ පදිංචිකරුවකු තමන් පදිංචි ඉඩම් නඩුවක් දමා ඇති නොබෙදූ ඉඩමේ තවත් පදිංචිකරුවකු ගසක් කැපූ බවට ඉකුත් දා වදුරඹ පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව පැමිණිලි විභාගය සඳහා පොලිස් නිලධාරීයකු පැමිණ පැමිණිලිකරු හමුවී කැපූ ගස් තිබෙන ස්ථානය පෙන්වන ලෙස පවසා ඇත. එවිට පොලිස් නිලධාරියා සමඟ පැමිණිලිකරු ගස කැපූ ස්ථානයට ගිය විට පෙර මානව හිමිකම් සංවිධානය සම්බන්ධ පුද්ගලයා යැයි පවසන පැමිණිලිකරුගේ පපු ප්‍රදේශයට පා පහරක් එල්ල කිරීමේදී එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාගේ කම්මුල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පැමිණිලිකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ද කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට නියමිත ය.
අත්අඩංගුවට ගත් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යයි පවසන ආචාර්ය පදවිය හිමියයි පවසන අය බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මානව හිමිකම් නියෝජිතයා පැමිණිලිකරුටත් පහර දෙයි
හෝමෝ සේපියන් Friday, 09 October 2020 10:10 AM
මානව හිමිකම් කාරයා නියැන්ඩතාල් මානවයෙක් වගේ...
de silva berlin Friday, 09 October 2020 11:15 AM
උසාවියෙන් මිනීමැරුමකට දඬුවම වශයෙන් මරණ දඬුවම හිමිවී, බන්ධනාගාරගතකළ පුද්ගලයෙක්... බන්ධනාගාර බස්රථයෙන් පාර්ලිමේන්තු ගිහින් නීතිපනත් සම්මත කරන්න ඡන්දෙ දෙන රටක, ආචාර්ය උපාධියක් ඇති, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් නියැන්ඩතාල් මානවයෙක් ලෙස හැසිරීම පුදුමයට කාරණයක් නොවේ.
samarageFriday, 09 October 2020 02:11 PM
ඒ විතරක් නෙවෙයි මතක නැද්ද 1980 ගණන් හිටපු ගෝනවල සුනිල් වගේ පාතාලයින්... මිනීමැරුම් කරලා හිරෙන් එළියට ගත්තේ ඒ කාලේ හිටි රටේ ලොක්කන්. නිකම් නෙවෙයි, අලියා පිටේ පෙරහැරින් ගෙනත් මල් මාලත් දැම්මා. ඉතින් මේවා මොනවද?
Nihal Friday, 09 October 2020 11:47 AM
මානව හිමිකම් සිදුකරන නිවැරැදි ක්‍රමය එයයි.
චින්තකSaturday, 10 October 2020 03:47 AM
දේවාලේ කපුවගේ පුතා මොනවා කළත් වැරදි නැහැ කියනවනේ... මෙතැනත් වෙලා තියෙන්නේ ඒකයි...
Raveendra Friday, 09 October 2020 11:47 AM
නිකම්ම නිකම් නෙවෙයිනේ මිනිසුන් කියන්නේ අර හිමිකම් මේ හිමිකම් ගැන තුන්ලෝකෙටම ඇහෙන්න කෑමොර දෙන්නේ නිවට NGO ටකරන් මඩුකාරයින් කියලා.. ඔවුන් ඩොලර් වලින් පන්නලා ගැටගහ ගන්න ගමන්, උපන් රටත් පාවාදෙන කාලකන්නිනේ.. මොහු මානව හිමිකම් යන වචන වල අර්ථය කියාදීම පළමුවම කළයුතු නොවේද?
Champa Friday, 09 October 2020 12:55 PM
ලෝක මානව හිමිකම් සංවිධානය (කොයි එකද දන්නේ නැහැ) මේ වනචාරී මානව හිමිකම් ආචාර්ය පට්ටම තියෙන පුද්ගලයාගේ සාමාජිකත්වය අයින් කරයිද? නැත්නම් වෙනද වගේම සල්ලි එවයිද දන්නේ නැහැ.
ලුම්බිණි Friday, 09 October 2020 01:08 PM
මානව හිමිකම් සංවිධාන වල සාමාජිකයෝ වෙන්න පුළුවන්... ආචාර්ය පට්ටම් තිබෙන්න පුළුවන්... ඒත් තිරිසන් ගතිගුණ නැති කරන්න බැහැ. කොයි වෙලාවක හරි ඒවා මතුවෙනවා.
SUNIL MILANO Friday, 09 October 2020 01:15 PM
හෝමෝ සේපියන් සේපියන්ස්...
sam Friday, 09 October 2020 10:22 PM
චොකාමල්ලි වගේ මිනීමරුවන් ඉන්න පාර්ලිමේන්තුවට ඕවා එච්චර දේවල්ද?
Nuwan Friday, 09 October 2020 11:07 PM
ප්‍රශ්නය තමන්ගේ වනතෙක් සියල්ලෝම මානව හිමිකම් ක්‍රියාකාරීන්...
rocky Saturday, 10 October 2020 12:23 AM
මාරක හිමිකම් කාරයෙක්...!!! බොරු කාරයෙක් වෙන්න ඇති. සමහරවිට ඔය ආචාර්ය උපාධියත් ගමේ කම්මලෙන් හම්බවෙච්ච එකක් වෙන්න පුළුවන්.
rocky Saturday, 10 October 2020 12:28 AM
රවීන්ද්‍ර මහත්තයෝ, හැම එකටම ඔය එන්ජීඕ වචනය යොදාගන්න එක වැරැදියි. රජයේ නොවන සංවිධානවලටයි එන්ජීඕ කියන්නේ. බොහොම යහපත් එන්ජීඕ තියෙනවා. ඒක නිසා හැම එන්ජීඕ එකකටම අවමන් කරන එක වැරැදියි.