IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු බැ ඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ  අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත (සභාපති),මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ  විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.

මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නිර්දේශ කළේය.

දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කළේය.

එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කළහ.

එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල්  හා රුපියල් ලක්ෂ 50 බැඟින්  වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ඇප  මත මුදා හැරීමට නියම කළේය.

විත්තිකරුවනට විදේශ ගත වීම  තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දීමට නියම කළේය.

(ඡයාරූප ළහිරු හර්ෂණ)

 

(මනෝප්‍රිය ගුණසේකර)

මහබැංකු බඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් ද මීට සුළු මොහේතකට පෙර ඇප ලබා දීමට අධිකරණය නියම කළේය.

 

වැඩි විස්තර පසුව



අදහස් (9)

මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප

Raveendra Thursday, 01 April 2021 11:27 AM

පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හෝ ශත දෙකේ හෝ තුට්ටු දෙකේ "හොරකම් නොකරනු"... කරනවා නම් කෝටි ප්‍රකෝටි "හොරකම් කරනු" යන්න නොතේරෙන්නේ කාටද..? මෙම පට්ට හොරුන්ගේ නාටකය කවදා අවසන් වේද?

:       0       50

jagath Thursday, 01 April 2021 11:33 AM

ලොකු කුට්ටියක් පාස්වෙලා වගේ..

:       0       32

nimalThursday, 01 April 2021 09:33 PM

රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් මීට සුළු මොහොතකට පෙර ඇප ලබා දුන්නද පලවන තීන්දුව අනුව මොවුන් සිටිය යුත්තේ සිරගෙදර වියයුතුය.

:       0       2

Indika Thursday, 01 April 2021 01:34 PM

අවුරුදු කන්න වෙන්න ඇති.

:       0       23

චින්තක Thursday, 01 April 2021 02:59 PM

නඩු වලින් නිදහස් වෙයි. හැබැයි නුඹලා ඔය දුප්පත් මිනිස්සුන්ගේ හොරා කාපු සල්ලිවල ශාපය ස්වභාවයෙන්ම ලැබෙනු ඇත.

:       0       37

RaveendraFriday, 02 April 2021 12:26 AM

තම අඹුදරුවන් සමගද මේසා විශාල පාපකර්මයට වන්දිගෙවනු නියතය.

:       0       4

සමන්ත Thursday, 01 April 2021 07:21 PM

බොහෝ දේශපාලකයන් දුෂිතයි. රවී හොරකම් කලාද නැද්ද කියලා අපි තවම හරිට දන්නේ නැහැ. උසාවියෙන් වැරදිකරුවන් බව සාධාරණ නඩු විභාගයකින් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය නිසා කලින්ම තීන්දු තීරණ වලට ඇවිත් මේකේ නඩු තීන්දු දෙන්න හදන උදවියට මේ කියන්නේ. ඔහෙලා ඔය විදියටම බැසිල්ට, ගෝටාට කියනකොට මල පැනලා නටුව බවත්, උන් නිදොස් කොට නිදහස් වෙනකොට ශරීරයේ දෙපැත්තට ලොක් කරගෙන හිටිය හැටිත් මතකද? රවී වැඩක් කරපු මිනිහෙක්. තවම තීන්දු දීලා නැහැ. සැකකරුවෙක් විතරයි. අපි බලමු. වැරදි නම් කවුරු උනත් වැරදි.හැබැයි කවුරුත් නිවැරදි නම් දඬුකඳේ ගහන්න ලැස්තිවෙන්න එපා.

:       4       3

Pradeep Friday, 02 April 2021 06:55 AM

"කවුරු ආවත් හොරු අල්ලන්නේ නෑ මල්ලි." හොරු ටික එළියේ.. එහෙම කිව්ව එකා ඇතුලේ. එන්න ජයග්‍රහණය සාමකාමීව සමරමු.

:       0       4

ranjith Friday, 02 April 2021 04:28 PM

රටේ දළ දේශීය නිෂ්පාදනයට වඩා ණය වාරිකය වැඩියි. මේ හිඟන රටේ බන්ධනාගාරයට කෙළින අය මොන අපායේ යයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 75 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 207 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 811 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 313 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 155 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site