(ඉන්දිකා රාමනායක)
බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි.
මෙම සිද්ධිය මාධ්වල මෙන්ම සමාජ ජාලා වල ප්‍රචාරය වු බවද හෙතෙම කීය.
මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු හා තරුණයන් දෙදෙනකු වන බවත්, පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින තරුණිය වත්තල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියන් බවත්, ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නියක් බවට ආවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු
කිරි පුතා Sunday, 08 May 2022 04:26 PM
ඇය පිළිබඳව දැඩි සේ නීතිය ක්‍රියාත්මක කර මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ යුතුයි. රටේ ප්‍රශ්න මොනවා වුවද විනයක් තිබිය යුතුයි. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන් කරන්නේ රාජකාරියකි. ඔවුන්ට ගැරහීමට හිස් මිනිසුන්ට ඉඩ තැබීම භයානක දෙයකි...
රටවැසිSunday, 08 May 2022 06:07 PM
අද රටේ නීතිය වැරදි කරන අයට දඬුවම් දීම නොව.. පොලීසියට දඬුවම් කිරීමයි..! ඒ තරමටම රට අගාධයට වැටිලා..! ඉතින් මේ අයට නිසි දඬුවමක් ලැබේ කියලා හිතන්න අමාරුයි. සමහරවිට රාජකාරියේ නිරතව සිටි ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට උසාවියෙන් දඬුවම් දෙයි..!
විපරමා Sunday, 08 May 2022 06:17 PM
එක රටක, එකම නීතියක් කිව්වාට දූෂිත දේශපාලුවන්ට ඒ කිසිවක් වලංගු නැතුවා...
හේසාSunday, 08 May 2022 08:18 PM
කුඩු කාරයින්ට මත්ද්‍රව්‍ය පොවා එවන අය හොයලා ඒ අයටයි දඬුවම් දෙන්න ඕනෑ. දැන් මාසයක්ම ගත වුණානේ. මොකද වුනේ...?
Nihal Sunday, 08 May 2022 05:18 PM
උපරිම දඬුවම් දිය යුතුයි. මොවුන් පොලිසියට මෙහෙම නම්... සිවිල් වැසියන්ට පාරක යන්න බැරිවෙනවා.
මැක්ස් Sunday, 08 May 2022 07:29 PM
ෂුවර් එකට මෙයත් අර විරෝධකාරියක් වෙන්න ඇති. එයාලා තමයි දැන් නීතිය අතට අරගෙන තියෙන්නේ...
ලලිත් පුෂ්පකුමාර Sunday, 08 May 2022 09:29 PM
ඔය විදිහටම බොරැල්ලේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා මහපාරේ යටකරලා මරපු අයටත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් කොහොමද?
Rata Perata Monday, 09 May 2022 11:59 AM
රටක විනය පිරිහෙනකොට මේ වගේ දේවල් සිදුවීම නවත්වන්න බෑ. පොලීසිය දේශපාලන වන්දනාවේ යන්නේ නැතිවහිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.