(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් සිකුරාදා (17) බුරු මුනා නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දින දක්වා ප්‍රශ්නෙ කෙරිණි .
බුරු මුනා නමැත්තා සිදුකල ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,රත්ගම , ඇල්පිටිය , හික්කඩුව , කටුනායක, ඌරගහ, හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඝාතන නමයක චෝදනා බුරු මුනා ට එල්ල වී ඇතත් තමන් සිදුකලේ ඝාතන දෙකක් බව බුරු මූණා හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සංවිධානාත්මක අපරාධ කරුවකු වන රත්ගම විදුර නමැත්තා ගේ ගෝලය ලෙස කටයුතු කල බුරු මුනා නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුනා ව පරකඩුවට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තමන්ගෙ ගෝලයන්ට හිරිහැර කරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් බුරු මුනා ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුරු මුනා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බූරු මුණා සියල්ල වමාරයි
කිරිපුතා Sunday, 19 March 2023 01:41 PM
මේ අපරාධ කාරයාත් එක්ක එකට ගිය කළුකෝට් කාරයින්ට ප්‍රශ්නයක් නැද්ද?
janahitha Sunday, 19 March 2023 02:23 PM
ආපන ශාලාව පුපුරවා හරින්න තරම් දෙයක් නැහැ. අහස් කූරක් හොඳටම ඇති. මේවා සොයාගෙන ආපන ශාලාව රැකුණත් දේවස්ථාන පුපුරවා හැරීම සහ ජීවිත විනාශය වළක්වන්න බැරිවුණා.
kamal Sunday, 19 March 2023 03:21 PM
මෙයාව ආයුධ පෙන්නන්න එක්කන් යන්නේ කවදාද?
chinthana Sunday, 19 March 2023 04:02 PM
මේ රණවිරුවෙක්...!!!
Sharm Sunday, 19 March 2023 11:35 PM
මධූෂ් ට වෙඩි තියපු නාඳුනන තුවක්කු කරුවන් ට ආයෙත් ජොබ් එකක් එන බව පෙනී යනවා... බූරු පුතේ ආයුධ පෙන්නන්න නම් යන්න එපා.. හංගපු ඒවා නෑ මයි කියහන්.. කොහොම හරි ඔය කුඩු කර්මාන්තෙ මුල් පෙලේ උන්ව අල්ලන්න වැඩේ අමුනපන්.. උඹලා විතරක් කූරු ගනින්න ඕන නෑ නෙ..
RAHEEM Monday, 20 March 2023 09:48 AM
මන බූරු උනට මොලේ නරියෙක්ගෙ
Lalla Monday, 20 March 2023 01:36 PM
රටේ ව්‍යවස්ථාව අනුව කෙනෙකුට ප්‍රසිද්ධියේ අන්වර්ථ නාමය පාවිච්චිය තහනම් නොවේද? මොහු තම මානව අයිතිය කඩ වූ බවට නඩුවක් ගොනු කළොත් පොලිසිය අමාරුවේ නේද?