IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා

(දයාසීලි ලියනගේ)


පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය  හෙවත් බජට් පාටිය  අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරියුම් කර ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවද කියැවේ.

මෙම උත්සවයේ සැරසිළි කටයුතු වෙනුවෙන් දිවයිනේ සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරික සමාගමකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් මල් සහ අනෙකුත් සැරසිළි උපාංග ඇණවුම් කර ඇති බවත්, කාර්යමණ්ඩලයේ අයද ඇතුළුව 700 දෙනකුට පමණ රාත්‍රී ආහාර ඇණවුම් කර ඇති බවත් වාර්තා වේ.

කොවිඩ් වසංගතය තදබල ලෙසින් රටේ පැතිර යන මෙම අවස්ථාවේදී උත්සවයකට සහභාගි වන්නේ නම් ඒ 50 ත් 100 ත් අතර පිරිසක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියම කර තිබේ. එහෙත් මෙම බජට් පාටියට 500 කට ආසන්න පිරිසක් ආරාධනා ලබා සිටින බවද දැනගන්නට තිබේ.



අදහස් (36)

බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා

duminda Tuesday, 08 December 2020 07:30 AM

10000ක් විතර ගෙනැල්ලා දැම්මා නම් හරි ....

:       0       74

thushara Tuesday, 08 December 2020 07:46 AM

එසේ අසුබවාදි වෙන්න එපා කතුතුමනි, හිතන්න මෙයින් එක්කෙනෙකුට හෝ කොරෝනා වැලදිලා තිබුනොත්.... අම්මෝ.. හිතාගන්නත් බෑ සතුට

:       2       148

Raveendra Tuesday, 08 December 2020 07:46 AM

මේ සැරේ නම් සර් එක්ක සෙල්ලම් බෑ.. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනව වගේ.

:       0       82

Ananda Tuesday, 08 December 2020 08:38 AM

මේ වගේ කිසිම හිරිකිතයක් නැතිව මහජන බදුමුදල් එළිපිටම ඔවුන්ගේ වගේ කාබාසානියා කරන දේශපාලකයෝ ඉන්න රටක් තවත් නැතිව ඇති. දුප්පත් මිනිස්සුන්ව බඩගින්නේ තියලා.

:       0       0

Vimale Tuesday, 08 December 2020 08:39 AM

එක රටක්... එක නීතියක්...

:       0       0

Pudu Tuesday, 08 December 2020 08:47 AM

අපි හම්බ කරනවා. එයාලා පාටි දානවා.

:       0       0

ana Tuesday, 08 December 2020 08:49 AM

පාටිය සඳහා වැය ශීර්ෂය මොකක්ද?

:       0       46

ana Tuesday, 08 December 2020 09:00 AM

වියදම විදුලි සංදේශ නියාමන කොමිෂමේ ශීර්ෂයට දමමු. නැත්නම් පශු සම්පත්...

:       0       51

Prasad Tuesday, 08 December 2020 09:40 AM

ශ්‍රී ලංකාව වසංගතයෙන් ගැලවීමට ලැඛෙන අන්තිම අවස්ථාව

:       0       58

siri Tuesday, 08 December 2020 09:44 AM

"එක රටක් එක නීතියක්" හරිම සතුටුයි...

:       0       0

fairoosmr Tuesday, 08 December 2020 10:23 AM

ඕනෑ දෙයක් කරන්න. ඒත් ජාතිවාදය විතරක් තියාගන්න. යහපාලනය වගේ සංහිඳියාව එපා.

:       0       0

Puppa Tuesday, 08 December 2020 10:31 AM

දෙවියනේ මෙය නවත්තපල්ලා. මේක හිඟානොකා හිඟාකන රටක්.

:       0       0

Samantha ,මාලදිවයින Tuesday, 08 December 2020 10:54 AM

ප්‍රභූ කියාගෙන නුඹලා ඔය විනාශ කරන්නේ මහජනයා ගෙවන මුදල් .. බජට් එක සම්මත වුණා කියලා... නුඹලා පාටි දානවා කියන්නේ නුඹලාට හොරකම් කරන්න සල්ලි පාස් වුණා කියලා නේද?

:       0       0

Prasad Tuesday, 08 December 2020 11:08 AM

ස්පීකර් පොකුර...

:       0       0

kapila Tuesday, 08 December 2020 11:19 AM

මේ අය එකතුවෙලා පාටි දානවා. රටේ මිනිස්සු හුඟ දෙනෙක් අද කන්නේ එක වේලයි. එ්ත් ඉතින් මේ උදවියට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැනේ.

:       0       0

Rohana Tuesday, 08 December 2020 11:25 AM

ඔවාදෙනු පරහට. තමා සම්මතෙහි පිහිටා සිට. තවත්COVID පොකුරක් නිර්මානය වන ලකුණු පෙනේ...

:       0       45

Nandalal DE SILVA - FranceTuesday, 08 December 2020 01:17 PM

ඔක ඉතින් නිර්මාණය වෙන්නේ ඔය බජව් පාටි එක දමන, දියවන්නාවෙ මහජන මුදලින් යැපෙන හාල්පාරුවෝ 225 සහතිකයි. ඒත් මෙ රංචුව පිටට පැමිණි විට එයා මෙ රට පුරාම මෙ වසංගතය පතුරුවා අසරණ ජනයා තවතවත් අසරණ කරන බව කාටත් පෙනුණාට ඔයමැට්ටන්ට නොපෙනෙන්නේ මොකද?

:       1       18

විජිත් Tuesday, 08 December 2020 12:28 PM

රටේ මිනිස්සු 50% කටත් වැඩිය එක වේලක් පමණක් ආහාර ගන්න දුප්පත්ම දුප්පත් ( ඔය කියන දේශපාලුවන් විසින් හොරාකනලද නිසාම දුප්පත්වුන ) රටේ පාලකයින් යයි කියාගන්නා අසමජ්ජාති හොර නරි රැල මේ පාටි දමන්නේ මහජනතාවගේ මුදල් වලින් නොවෙයි කියා කියන්න පුලුවන්ද...? තම හිතවතුන්ට රජයේ ආයතනවල කොන්තරාත් දෙමින් ...උන්ගෙන් ලබන පුද පිදේනි වලින් බඩ කට පුරවන මේ නරුමයින් එදා හිඟන්නන්ටත් අන්ත තත්වයක සිටිබව අද අමතකය. හැබැයි තව අවුරුදු කිහිපයකින් යලිත් වරක් මේ මේ රටේ සිටින මෝඩ දුප්පත් නුගත් මිනිසුන් රැවටීමට ලස්සන කතා ගෙතීමට මේ හිඟන හැතිකරේ දැනටමත් සුදානමින් සිටින්නේ... ශ්‍රී ලංකාවේ මෝඩ බයියන් සිටින තාක්කල් මේ නරුමයෝ මේ පාටි දමනු ඇත. ඊළඟ පාටියේදී සමහරවිට චීන්නු සැහෙන ගණනක් ඉන්න පුළුවනි. මොකද දැන් මේ සත්තුන්ගේ අදහස චීන්නුන්ට මේ රටේ පුරවැසිකම දෙන්න කියා රාවයක් තියෙනවා. මේ නාකි තවටික දවසකින් මැරිලා යාවි. ඊළඟ සිංහල පරපුරට සටන් කරන්න වෙන්නේ චීන්නුන් සමග මිසක් දෙමල හෝ මුස්ලිම් මිනිසුන් සමග නොවේ...!!!

:       0       34

nimalTuesday, 08 December 2020 05:52 PM

ඔබට මොකක්ද තිඛෙන අමාරුව... හැම බජට් එකක් අවසානයේම එහෙම තමයි. මෙ සමගි ජනබලවෙගයේ කුක්කන්ට තමයි අමාරු. ලක්ෂ 69ක් 2/3 බලය ජනපතිතුමා ඉල්ලුවා... ජනතාව ලබාදුන්නා.

:       43       3

PrasadWednesday, 09 December 2020 01:48 AM

ඔහුට ඇත්තේ රටේ මේ සිදුවන අසාධාරණ ගැන අවංකවම හිතේ අමාරුවකි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 09 December 2020 02:49 AM

කුක්කෙකුට කුක්කෙකූ සේ පෙනුණට විජිත් කියන්නේ විදෙස් රටක සිටින අපගේ වටිනා බුද්ධිමය සම්පතක්. කරුණු කාරණා මේ රටේ ඔහොම තමයි විජිත්. ඕවායින් හිත නරක් කරගන්න එපා. නිදාගෙන ඉන්න සිංහයෙකුගේ ඇඟේ ගෙම්බොත් නගින වෙලාවල් තියෙනවා.

:       0       0

kamalWednesday, 09 December 2020 05:15 PM

බජට් එකෙන් මිනිස්සුන්ට මොනවාවත් හමුබවුණේ නැහැ. කොවිඩ් වසංගත කාලෙ මොන පාටිද?

:       0       2

රෑදැනියෙල් Tuesday, 08 December 2020 12:54 PM

කෑම නැතිව උද්ඝෝෂණ කරන හුදකලා වූ අය... 700ක් කැදවා බජට් පාටි.... මල් මල් සැරසිලි ලක්ෂ ගණන් වියදම්..... කාගේ සල්ලි වලට ද.... 69 ලක්ෂයක් පැතූ වෙනස.......

:       0       30

Demuni Uduwara Tuesday, 08 December 2020 01:18 PM

නීති රීති, ගෙුලාසි ගැන අපේ රට හිතන්නේ නැහැ.

:       0       15

chandani - gampaha Tuesday, 08 December 2020 01:19 PM

මේ රටේ ජනතාව බඩගින්නේ මැරෙද්දි දමන ඔය බජට් පටියට සහභාගිවන ඔක්කොම දේශපාලු ගජ මිතුරන්ට බඩේ අමාරු හැදිලා ඔක්කොම පාටි කාරයෝ ඉස්පිරිතාල වලට යවන්න ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කන්නලව් කරමි.

:       0       26

ane rattata giya kala Tuesday, 08 December 2020 01:28 PM

එක වචනයයි... රටම කොවිඩ්වලින් ගිලගන්න වෙලාවෙ , පාලකයෝ ඒක පාලනය කරන්නේ නැතිව තව පාටි දානවා.

:       0       32

isurandi Tuesday, 08 December 2020 01:36 PM

කවුරු කෑවත්, බිව්වත් කමක් නැහැ. මෙ ගල්ෆ් රටවල හිරවෙලා ඉන්න මිනිස්සුන්ව ඔය වියදම් කරන මුදල්වලින් ලංකාවට ගෙන්නා ගත්තා නම් හෙණ ගහනවද?

:       1       42

69lakshayaWednesday, 09 December 2020 02:01 AM

ගල්ෆ් රටවල හිරවෙලා උන්නට ඒ අය හම්බකරන්නේ ඩොලර්නේ.. අපේ සර්ලා පාටි දාන්නේ රුපියල් වලින්නේ..!!!

:       0       0

dewa Tuesday, 08 December 2020 02:30 PM

එතකොට අර 69 ලක්ෂයට ආරාධනා නැද්දෝ...

:       0       0

Demuni Uduwara Tuesday, 08 December 2020 02:58 PM

‘‘ හිස් මිනිසුන් කුස් පුරවන, සිත් පිනවන බස් දොඩවන... බොජුන් මේසය මත‘‘

:       0       0

sampath Tuesday, 08 December 2020 05:06 PM

හැමදේම සිද්ද වෙන්නේ පෙර කරපු පව්පින් අනුව කියලා තේරුම් ගන්න බැරි හැටි...

:       6       9

Demuni Uduwara Tuesday, 08 December 2020 05:10 PM

රටම පිච්චෙමින් පවතියි.

:       0       21

විජිත් Tuesday, 08 December 2020 06:01 PM

"......සොඳුරු දසුන් ඇස තවරා - ඇස සනසා ගනිල්ලා , මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා , උදේ හවා දෝත නගා " චිනට " වැඳ පුදල්ලා කන්ට දෙතොත් - බොන්ට දෙතොත් රට උගසට දියල්ලා...". මේ සුකිරි බටිල්ලන්ගේ ගීතය නොව බයියන්ගේම ගීතයයි. රටේ ජනගහනයෙන් 50% කටත් වඩා එකම එක වේලකින් ජීවිතය ගැටගසාගන්නා, දුප්පත්බවේ අන්තයටම ගිය , දුෂ්ට ,නුගත් ,මෝඩ ආත්මාර්ථකාමී දේශපාලුවන් විසින් කාබාසිනියා කරන ලද , ශ්‍රී ලංකා අම්මගේ විලාපය .....ඒ රටේ පාලකයින් යැයි කියාගන්නා අධම නරුමයින්ට නො ඇසේ. ඔවුන් සුකිරි බටිල්ලන් සේ රට විකුණමින් කාම සුකල්ලිකානුයෝගිව දිවි ගෙවති. එත් ..තව කොපමණ කලකටදැයි ඔවුන් නොදනී..

:       0       2

Prasad Wednesday, 09 December 2020 01:51 AM

අනේ, දෙවියනේ.. ඒ සුබාරංචිය අපිට අහන්න ලැබේවා...!!! 

:       0       0

naagahananda Wednesday, 09 December 2020 10:02 AM

බජට් පාටි පොකුර ළගදීම විකාශය කෙරෙ....

:       0       1

paarlimenthuwe225 Wednesday, 09 December 2020 06:00 PM

රටෙ මිනිස්සුන්ට පාන් නැතිනම් ඇයි කේක් කන්නේ නැත්තේ....?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 293 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 112 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 85 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 128 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 266 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1243 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site