(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍ර යේ තිබී අද දහවල් මෙම අත්බෝම්බයක් සොයා ගෙන තිබුණි.
එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයකු වන හිටපු ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයා විසින් මේ දැනුම් දෙනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.
රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ හොඳින් පෙනෙන පරිදි තබා තිබී ඇති මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ලද තොරතුරට අනුව එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එය රෝහලේ පිටත පිහිටි ගරාජයකට ගෙනගොස් වෙන්ව තබා තිබූ බවද පොලිසිය පවසයි.
එම ස්ථානයට ගිය නාරාහේන්පිට පොලීසිය අදාළ අත්බෝම්බය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කැඳවා තිබුණි .
ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය, මෙම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන බවට හඳුනාගෙන ඇත .
සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර ඇත.
මෙම සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන පුද්ගලයකු, සිදුවීම ඇසින් දුටුවකු සහ තවත් අයකුගෙන් ප්‍රශ්න කළ බවද පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය නාරාහේන්පිට පොලීසිය සමග එක්ව සීසීටීවී කැමරා දර්ශන ආශ්රයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෞද්ගලික රෝහලෙන් හමු වූ අත් බෝම්බය ගැන අලුත් හෝඩුවාවක්
chandima Tuesday, 14 September 2021 09:52 PM
එකත් එකටම අරයගෙ මොලේ වෙන්න ඇති.?
Nihal Wednesday, 15 September 2021 04:03 AM
දැන් නම් පරමාණු බෝම්බ පිපිරුම් කලත් ඡන්දෙ දෙන්නෙ නෑ
Chathu Wednesday, 15 September 2021 07:37 AM
ජාතිවාදී නාට්‍යයක පලවෙනි කොටස
fairoos Wednesday, 15 September 2021 01:28 PM
ඒකනේ අපේ බුද්ධි අංශ ප්‍රධානී ඥාණසාර හාමුදුරුවන් හෙළිකලේ...
sampath Wednesday, 15 September 2021 10:20 PM
පුද්ගලික රෝහලේ බිල ගෙවා ගන්න බැරිව දිවි නසාගන්න ගෙනල්ලද දන්නේ නෑ