පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ද සටනක් පැවැතියේ, පිලිපීන 'පී.ඊ.පී' ජාතික පක්ෂය නියෝජනය කළ බොන්ග්බොන්ග් සහ 'ලිබරල්' පක්ෂ අපේක්ෂිකාව ලෙනී රොබ්රේඩෝ අතරේය.
නිල නොවන වාර්තා අනුව, බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් (කණිෂ්ඨ) ලබා ගත් ඡන්ද ගණන මිලියන 18 කි. ලෙනී රොබ්රේඩෝ ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද මිලියන 8.5 ක් පමණි. 54 හැවිරිදි ලෙනී රොබ්රේඩෝ, පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උප ජනාධිපති ලෙස වසර 6 ක් එම ධුරයේ රැඳී සිටීමෙන් පසුවය.
1987 සම්මත කරගත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඔහුට හෝ ඇයට යළි ජනපතිධුරය වෙනුවෙන් තරග කළ නොහැකි වෙයි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. උප ජනාධිපතිවරයාට, ජනාධිපති අපේක්ෂක ලෙස ඉල්ලුම් කළ හැකිය. ලෙනී රොබ්රේඩෝ ජනාධිපති සටනට ඉදිරිපත් වූයේ ඒ අනුවය.
පිලිපීන ජනාධිපතිවරණය සමඟ උප ජනාධිපතිවරණය ද පැවැත්විණි. බොන්ග්බොන්ග් ජනාධිපති ධුරයට තරග වදිද්දී, ඔහුට සහාය පළ කරමින් ඔහුගේ 'සෙවනැල්ල' ලෙස උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදුණු අපේක්ෂිකාව ඉන්ඩේ සාරා ඩුටර්ටේ ය. 43 හැවිරිදි සාරා, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණියයි. ඉන්ඩේ සාරා ඩුටර්ටේ නීතිඥවරියකි. 2010 සිට 2013 දක්වාත්, ඉන්පසු 2016 සිට 2022 දක්වාත් පිලිපීනයේ ඩාවෝ නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ ඉන්ඩේ සාරා ඩුටර්ටේය.
බොන්ග්බොන්ග්, ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ බිරිඳ ඉමෙල්ඩාගේ එකම පුත්‍රයා ය. ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපති පාලකයකු ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස් සැලෙකන අතර, ජනතා මුදලින් 'සුරසැපවිඳි' ජනාධිපති ආර්යාවක ලෙස සැලකෙන්නේ ඉමෙල්ඩා ය. අවසානයේ දැඩි ජනතා විරෝධය මැද, ඇමෙරිකාවේ සහාය ලබා ගනිමින් හවායි හි පදිංචියට ගිය ෆර්ඩිනැන්ඩ් මාකෝස් දැඩි ලෙස රෝගී වී මියගියේ හෘදයාබාධයකිනි. ඒ, 1989 වසරේදීය. ඉමෙල්ඩා ද පිලිපීන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිවු වරක් තේරී පත් වූ තැනැත්තියකි. ඇය වඩාත් ප්‍රකට ජනතා මුදලින් මිල අධික සපත්තු එකතුවක් පවත්වාගෙන ගිය බවටය. 92 හැවිරිදි ඇය තවමත් ජීවතුන් අතර පසුවෙයි.
බොන්ග්බොන්ග් විවාහ වී ඇත්තේ 1993 වසරේදීය. ඔහුට දරුවන් තිදෙනෙකි. 1980 සිට 83 කාලයේ ඉලොකෝස් නෝටේ පළාතේ උප ආණ්ඩුකාරවරයා ලෙසත්, 1998 සිට 2007 තෙක් කාලයේ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර තිබේ.
2010 සිට 2016 තෙක් කාලයේ පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කිරීමට ද බොන්ග්බොන්ග් ට හැකියාව ලැබුණි. පිලිපීනය මුහුණ දෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි බොන්ග්බොන්ග් සිය මැතිවරණ රැළිවලදී පවසා තිබුණි.
(රොයිටර්)
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට