IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පිට ගම්කාරයන්ට එන්නත් දුන්නාට සෞඛ්‍ය ලොක්කන් 2කට මාරු

(සුජිත් හේවාජුලිගේ)

නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවනු ලැබ ඇත.

ජීවරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සිංහාරච්චි මහතා දකුණු පළාතේ වෙනත් අංශයකටත් මෙසේ මාරු කර යවනු ලැබූ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව කී ජයසුමන මහතා දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ඉදිරියේදී පවත්වන බව සඳහන් කළේය.

නිරෝධාන නීති කඩකරමින් ගාල්ල ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් හොර රහසේ ලබා දෙන ලදැයි කියන මෙම සිද්ධිය වී ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව සිද්ධිය ගැන විමර්ශන පැවැත්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයට පිටත්කර යවනු ලැබූහ .

එම කණ්ඩායම ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් ඊයේ වන තුරුද පරීක්ෂණ සිදු කළේය.

මේ අතර නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.

 



අදහස් (30)

පිට ගම්කාරයන්ට එන්නත් දුන්නාට සෞඛ්‍ය ලොක්කන් 2කට මාරු

jayarthna Wednesday, 09 June 2021 06:35 PM

ගම්මට්ටමින් සිදුකෙරන එන්නතකරණ වැඩසටහන්වලදී ඒ ආසන්න ප්‍රදේශවල සිටින මාධ්‍යයවේදීන්ටත් එන්නත ලබාදීමට කටයුතු කරන්න.

:       411       93

ඉරාන්Thursday, 10 June 2021 10:28 AM

එහෙනං ඉතිං බල්ලන්ට කපුටන්ටත් දෙමු.

:       0       23

Aruna Wednesday, 09 June 2021 06:35 PM

මට තියෙන ප්‍රශ්නේ කෝමද ගියෙ කියන එක

:       0       110

fairoos Wednesday, 09 June 2021 06:51 PM

සිරිසේන වගේනේ මෙයාලත් පත්තරෙන් බලලා දැනගෙන තමයි දඬුවම් දෙන්නේ. සිරිසේන දෙවැනි කොටසද?

:       316       523

jayonis Wednesday, 09 June 2021 07:14 PM

ඔයිට වඩා හොඳයි එන්නත් ටික අරගෙන පිටිපස්සට ගහගත්තා නම්... ලැජ්ජාවක් නැහැ...!!! 

:       154       239

janahithaThursday, 10 June 2021 09:06 AM

ඒක ගහල වැඩක් නැ

:       0       6

de silva Wednesday, 09 June 2021 07:25 PM

පළාත් සංචරණ නීති කඩ කරමින් ගිය පිරිස නිරෝධායනයට ලක්කරන්නේ නැත්තේ ඔවුන් ලොකු මිනිස්සු නිසාද? සංචරණ නීති කඩකරමින් අපිටත් එන්නත් ගහන්න යන්න පුළුවන්ද?

:       3       189

Ruhunu Wednesday, 09 June 2021 07:36 PM

වුවමනා වැඩේ කරගත්තාට පස්සේ මාරු කරත් මොකද?. උසස් වීමකුත් දීලාද දන්නෑ මාරු කරේ...?

:       61       186

mihira Wednesday, 09 June 2021 07:42 PM

ගමටම නෙවෙයි නේද මාරුව දෙන්න ඇත්තේ

:       48       73

wimal Wednesday, 09 June 2021 07:50 PM

බුදු අම්මෝ, ඔය තරමින් ගියා ඇති. අපි හිතුවේ එල්ලුම් ගස් යවාවිය කියලා.. නියමයිනේ දැන් හිටියට වඩා හෙිඳට ඉඳීවි. සාමාන්‍ය කම්කරුවෙක් ඔය ඉන්ජෙක්ෂන් එකක් අරගෙන එළියට ගියානම් අද බලන්න තිබුණා තත්වය. මේක තමයි ඒ සිරි ලන්තය...

:       36       98

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 08:15 PM

කව්රුන් කෙසේ කීවද,මේ දේ සෞඛ්‍ය අංශ වල අයට පමණක් කරන්නට නම් බැහැ.එසේ නම් මේ තරම් වාහන රැසක් නිරෝධායන නීති තිබියදී කොළඹ සිට ආවේ කෙසේද ? අනිවාර්යයෙන්ම,මේ වැඩේට දේශපාලකයන් සම්බන්ධමයි.ආයේ ඒකේ කිසිම සැකයක් නැහැ.වැඩේ මේ ලෙස වැරදුණාම හානියක් නැති අවම දඬුවමක් දුන්නා.මේ වගේ මොළ ලෝකේ කොහේවත් නැහැ.ඒ වගේම මේ වැඩේට කොළඹ ඉඳන් පියඹා ආව රූප පෙට්ටි උකුස්සාව ඒ සතාගේ අයිතිකාරයා මෙහෙයවනවා වෙන්නට බැරිද ?ඒ සතාගේ අයිතිකාරයා මොනවාගේ පසුබිමක් තියෙනා කෙනෙක්ද කියන එක අප කිසිකෙනෙක් නිකමටවත් සිතුවේ නැහැ නේද ? මේ වැඩ, පවතින බලවත් ප්‍රශ්න ජනතා අවධානයෙන් මුදවන්න කරනා ඒවා විය නොහැකිද ? අපේ මිනිසුන්ටත් දැන් සියලු දේ අමතකයි. දැන් අපේ අයගේ ඔලුවේ තියෙන්නේ,මේ එන්නත් වැඩේ හා පියුමිගේ වැඩේ.වැදගත් සියලු දේම බොහෝ අයට අමතකයි.

:       167       508

WimaleWednesday, 09 June 2021 09:11 PM

ඔබතුමාට සෑහෙන්න අමාරුයි නේද මේ අයගේ හොරකම් ගැන එළිවෙද්දි...?

:       229       73

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 10 June 2021 11:03 AM

ඔබතුමාට නොතේරුණාට මා පවසා තියෙන්නේ මෙයට දේශපාලකයන්ගේ සම්බන්ධකමක් තිබිය හැකියි කියා. කාව හෝ නිදොස් කිරීමට තරම් වුවමනාවක් මට නැහැ.

:       0       0

මෝ Wednesday, 09 June 2021 09:37 PM

මේවා දකිනකොට හිතෙනවා ලංකාව චීන කොළණියක් වෙන එක හොඳයි කියලා.. මොකද ඔය වගේ නිලදධාරීන්ට වෙඩිතියනවා.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 09 June 2021 09:46 PM

රටේ හැමටම සම අයිතිවාසිකම් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය තහවුරු කර තිබියදී ඇතැම් අය පාරෙන් පිට ගොස් රටේ දුක්විඳින හැකියාවක් නොමැති අයගේ අයිතීන් උදුරා ගැනීම කෙලෙසද සාධාරණය කරන්නේ..? තමන් අදහන ආගමට එකඟයිද? තමන්ගේ ළමුන්ට දෙන ආදර්ශය කුමක්ද? එසේ වින්දිත ජනයා තම අසරණ කම ලබා උපන් හැටියට සලකා සිත සනසා ගැනීම ගැන ඔබගේ හෘදසාක්ෂිය කුමක්ද පවසන්නේ...?

:       0       0

නාමල් Wednesday, 09 June 2021 10:32 PM

ඇයි මේ ගොල්ලන්ව මාරු කරලා මාරුවෙන්නේ.? රටේ නීතියට අනුව දඬුවම් දෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරයිද..?

:       0       0

Bishan Wednesday, 09 June 2021 11:04 PM

බලන් ගියාම සිරිසේන මීට වඩා හොඳයිනේ...

:       0       0

Demuni Uduwara Thursday, 10 June 2021 01:02 AM

කවුද වැක්සීන් ගත්තේ?

:       0       0

beau Thursday, 10 June 2021 01:02 AM

මේ හොර වැඩ කරන්නේ.. කොයි පාට අය කියලද කියා කියන්න අපි නොදනිමු. නමුත් තනතුරු දරන් ඔක්කොම හොරු බවයි මගේ වැටහීම.. මොවුන්ගෙන් වැඩි හරියක් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න වැඩකරන නිඝණ්ඨයෝ...

:       0       0

Rata Perata Thursday, 10 June 2021 02:24 AM

පිට පළාත්වලින් එන්න කිව්ව කෙනා කවුද කියලා බලන්නේ නෑ. කවුරුහරි නිලධාරියෙක් පිටින් යවලා ශේප් වෙනවා.

:       0       0

පුළුවන් P. Ilangaratne. Thursday, 10 June 2021 06:07 AM

ජීවරත්න මහත්තයාට කොළඹට මාරුවීමක් අවශ්‍ය වෙලයි තිබිලා තියෙන්නේ... දඬුවම් මාරුවක් නම් දුෂ්කර පළාතකට දෙන්න එපැයි.

:       0       0

Rasi Thursday, 10 June 2021 06:38 AM

මෙතන කවුරු හරි තියෙන අණ්ඩුවට විරුද්ධව මොනවා හරි දාපුවාම කැමැත්ත වැඩි ගතියක් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න. ඔය වැරැදි කරන්නේත් මේ රටේම පුරවැසියන් තමයි. මේකේ අකුරු කෙටුවා කියලා රට හදන්න බැරි එ්කයි. දැන් මේ ක්‍රමයට ආණ්ඩු දෙකක්ම පත් කළා. නමුත් සමහර ප්‍රශ්න එහෙම්මයි. එ්කෙන්ම පේනවා.. මෙවන් මාධ්‍ය භාවිතයෙන් වෙන්නේ හුදු අශ්වාදයක් ලබා ගැනීම සහ අනවශ්‍ය සමාජ පිඩනයක් ඔලුව තුළ හදා ගැනිම පමණයි. පුරවැසි යුතුකම කතා කිරිමට කාලය පැමිණ ඇත...

:       0       0

මුණසිංහ Thursday, 10 June 2021 07:08 AM

හැම දේකටම දේශපාලකයින්ටම වැරදි කියලා බැහැ. මේ යන දේවල්වල හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ගේ පරිපාලන හැකියාව පිළිබඳව ප්‍රශ්න මතුවෙනවා. නියම පරිපාලන සහ කළමාණාකරණ හැකියාවක්, සැළසුමක් ඔවුන්ට සකස් කිරීමට නොහැකියාවක් ඇති බව පේනවා. දක්ෂ පරිපාලන නිලධාරි හිඟයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති බව පේනවා. වෛද්‍යවරයක් වූ පළියට දක්ෂ පරිපාලකයෙක් වෙන්න බැහැ.

:       0       0

kasuni perera Thursday, 10 June 2021 07:15 AM

මේ අය යන්නේ තමන්ට රැකියාවට යාමට ලබාදී ඇති අත්‍යාවශ්‍ය සේවා ලිපිය අවභාවිතා කරලා. මම වැඩ කරන්නේ විදුලි බල මණ්ඩලයේ ගම්පහ... අපේ කාර්යාලයටත් ඕනෑතරම් සෙනග එනවා ඒ වගේ... වැඩි දෙනා දොස්තර මහත්තුරු. අපේ නිලධාරිනුත් සංචරණ සීමා සත පහකට ගණන් ගන්නේ නෑ. එන එන අයව කොච්චර සුලු දෙයක් වුණත් අදාල අංශයට යොමුකරලා ඒ ගොල්ලන් වීදුරු කාමර වලට වෙලා ඉන්නවා. සංචරන නීති උල්ලංඝණය කරන්න අනුබල දීමක් ඒක. හැබැයි ඒ දේවල් වැඩිපුරම කරන්නේ හොඳට ඉගෙනගත්ත දොස්තරලයි ඉංජිනේරුවොයිම තමයි...

:       0       0

ලුම්බිණි Thursday, 10 June 2021 07:44 AM

ඕනෑම වැරදි වැඩකට ලංකාවේ දෙන උපරිම දඬුවම මාරු කිරීම... මේ අනුව තමන්ට මාරුවක් ඕනෑ නම් වැරදි දෙයක් කළාම හරි...

:       0       0

Jaga Thursday, 10 June 2021 08:04 AM

ඔය ගිය වාහන වල නොම්මරේට අනුව RMV එකෙන් විස්තර අරන් ඒ අයත් නිරෝධායනයට යොමු නොකරන්නේ මොකද? කට්ටිය ගත්තොත් ඔක්කොමලාගේ රෙදි ගැලවෙන නිසාද?

:       0       0

Rohana Thursday, 10 June 2021 08:05 AM

වැක්සීන් එක ගත්තු අයගෙන් අහන්න තියෙන්නේ ‘ඔබට සතුටුයිද දැන්’ කියලයි. ලංකාවේ සමහර ඇත්තෝ හොර පාරවල්වලින් වැඩේ කරගන්න අති දක්ෂයෝ නොවැ...

:       0       0

mp Thursday, 10 June 2021 09:06 AM

සාධාරණ ලෙස එන්නත් හිමි විය යුතු අයට ඒවා අහිමිවීමේ පාඩුව හදන්න පුළුවන්ද? මේ සෞඛ්‍ය බලධාරීන්ගේ, එන්නත් කොමිටියේ, කෝවිඩ් කොමිටියේ බළධාරීන්ගේ වරද නොවේද? මේවා මොන්ටිසෝරි වැඩ නොවේද?

:       0       50

Dilshan Thursday, 10 June 2021 11:29 AM

පාදෙණිය ස්ට්‍රයික් කරයි බලාගෙන.

:       0       0

Thushan Thursday, 10 June 2021 12:44 PM

සංචරණසීමා කඩා එන්නත් ගනන ගියේ ඉස්සර

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට-සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 110 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 351 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 837 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 210 1

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 362 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1712 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site