IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ  රැස්විය. මේ තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

කෝප් ,කෝපා  ඇතුළු පාර්ලිමේන්තු කමිටු වල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.

ඒ අවස්ථාවේදී කතානායක වරයා ඊට එකඟත්වය පළ කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කෙසේ වෙතත් කෝප්,කෝපා  ඇතුළු  කමිටු රැසක සභාපති ධූර  සඳහා   මන්ත්‍රීවරුන් තවමත් පත් කර නොමැත.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය වාර අවසාන කිරීමත් සමග එහි පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. මෙලෙස  අහෝසිවී ගිය කමිටු කිහිපයක් තේරීම් කාරක සභාව විසින් දැනටමත් පත් කරනු ලැබ ඇත.



අදහස් (16)

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට

Sira Friday, 12 August 2022 06:50 PM

ගුට් හෝ බෑඩ් ලෙටිස් ඉන්වොල් ඕල් නිවි ගයිස් විත් ඩිපරන්ට් අයිඩියාස් දේ හැවි බෙටර් තින්කින් ද ඕල්ඩ් මෙන් එනිවේ.

:       2       9

ABSaturday, 13 August 2022 06:23 AM

කෝප්, කෝපා ඇතුළු කමිටු රැසක සභාපති ධුර සඳහා මන්ත්‍රීවරුන් නොවන රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත විශ්‍රාමික පිරිසක් පත් කරන්න. කෝප්, කෝපා ඇතුළු කමිටු ඇතිකර තිබෙනුයේ දුෂිත සහ අක්‍රමිකතා සෙවීමට වේ. එමනිසා දුෂිත මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් කමිටු රැසක සභාපති ධුර සහ සමාජිකයින් වශයෙන් පත්කිරීම තුළින් එම තනතුරු, වගකීම් විනිවිද භාවයකින් සිදු නොවේ...! 

:       0       0

කල්පනා Saturday, 13 August 2022 04:02 PM

පත්කිරීම පමණක් මදි... එම කමිටුවලින් අනාවරණය වෙන දූෂණ හා අක්‍රමිකතාවලින් රටට අහිමි වූ බව හෙලිවන සම්පත් අයකර ගැනීමට හා වැරැදිකරුවන් කවුරු වුණත් තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමටත් නීති සැකසීම කළයුතුයි.

:       0       1

චමින්ද Friday, 12 August 2022 07:19 PM

ඉතාමත් හොදයි බුද්ධිමත් තේරීමක්, ලංකාවට ජයවේවා

:       5       19

Sareena Friday, 12 August 2022 11:34 PM

අනිවාර්යෙන්ම හර්ෂ ද සිල්වා මැතිතුමාව පත් කරන්න

:       3       12

Saki Saturday, 13 August 2022 03:45 AM

අනේ කරුණාකරලා මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මේ එහෙයියා මේ පත්වීම් ඉවත් කරන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වගේ කෙනෙක් ඉතිහාසයේම නැහැ...

:       1       1

BedeCooray Saturday, 13 August 2022 05:42 AM

Excellent choice

:       1       3

C.K.Lankaputhra Saturday, 13 August 2022 06:04 AM

ඔලුවක් තියන මිනිහෙක්. රට ගොඩ නගන්න මේ වගේ අය තව ඉන්නවා. ප්‍රයෝජන ගත යුතුයි.

:       2       4

BamunuarachchiSaturday, 13 August 2022 10:03 AM

බැංකු මංකොල්ලය, මුදල් බෙදාගැනීම, මෙයාටත් කොටසක් හම්බවුණා... සහ ෆුට්නොට් කතා දැන් කාටත් අමතකයි. ඒත් අපිට අමතක නැහැ. ඉංග්‍රීසියෙන් කියමනක් තිබෙනවා once thief always a thief කියලා. එක සැරයක් හොරෙක් වුණානම් එයා හැමදාම හොරා.

:       2       2

හර්ෂSaturday, 13 August 2022 04:07 PM

ඔව් ඔව් උපදේශක බමුණුගේ උපදෙස් නිසා ජනාධිපතිවරයා අගමැති ලෙසට එහෙම කලේ බොරු කියන්නෙ මොකටද? මගේ කොටසත් ගෙනැවිත් දුන්නේ බමුණු තමයි..

:       0       2

BamunuarachchiSaturday, 13 August 2022 10:07 AM

මෙයාගේ මේ දක්වා දේශපාලන කාලයේ රට ගොඩගන්න කරපු දේවල් ටිකක් කියන්න... දන්නේ නැති නිසයි අහන්නේ. ඉන්දියානු සුවසැරිය ගැන කියන්න එපා...

:       3       1

de silva Saturday, 13 August 2022 08:46 AM

එතුමාට මේක ගැන දැනුමක් සහ අවශ්‍යතාවයක් තිබෙනවා.

:       1       2

Aruna Saturday, 13 August 2022 09:36 AM

ඔච්චර කලක් කටින්නේ වැඩ කළේ - දැන්වත් පුළුවන් කියලා පෙන්වන්න...!

:       0       2

Maligapse Saturday, 13 August 2022 10:26 AM

මතකයි නේද හර්ෂද සිල්වා ජර්මන් කාර් කොම්පැනි වොක්ෂ්වැගන් ලංකාවට ගෙනාපු හැටි කාර් නිෂ්පාදනය කරන්න? මෙදා පාර ආයේ ගෙනේවී මර්සිඩෙස් බෙන්ස් ලංකාවේ කාර් නිෂ්පාදනය කරන්න. ඇයි අපි සැම විටම මෝඩයෝ තෝරගන්නේ උසස් පදවි වලට? ටයි කෝට් සංස්කෘතිය එලා දැකිමු.

:       2       3

WK wimal Saturday, 13 August 2022 11:51 AM

එතුමාට මුදල් ඇමැතිකමත් දෙන්න ඕනේ...!

:       1       1

ADAM SMITH Saturday, 13 August 2022 02:27 PM

මෙතුමා ආර්ථික විෂය ඉදිරියේ විශිෂ්ඨ දැනුම් සම්භාරයක් උරුම කරගෙන ඇති විරලයෙකි. එතුමා මේ රාජකාරිය කරන හැටි නිරීක්ෂණය කරලා වැරදි තියෙනවා නම් බුද්ධිමත් විවේචනයක් කරන්න. ඊට කලින් නොසරුප් දේ කියලා සමහර අය හත්පොළේම අතුල්ලා ගන්නවා අනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 70 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 136 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 82 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 175 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1963 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 550 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site