IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පදිකවේදිකාවේ සිටි දින හතරක සිඟිත්තාට ගම්පහ පුරපතිගෙන් රැකවරණ

( තිලකරත්න දිසානායක)

සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ පදික වේදිකාවේ සිටි මව් පිය යුවළකට ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසින් රැකවරණය ලබා දීමට පියවර ගනු ලැබීය.

සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට පුරපතිවරයා පියවර ගෙන ඇති අතර  මෙලෙස ආහාර ලබාදීමට ගිය නගර සභා සේවකයන් පිරිසකට පදික වේදිකාවේ කුඩා දරුවකු සිටිනු දැක නගරාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව එම ස්ථානයට පැමිණි එරංග සේනානායක මහතා  නගර සභාව සතු ගිලන්රථය ගෙන්වා  සිව් දිනක් වයසැති බිළිදා සමග යාචක 49 හැවිරිදි මවත් 57 හැවිරිදි පියාත් නගර සභාව සතු නිල නිවසක තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තේය.

මෙම සිදුවීම පිළිබඳව පුරපතිවරයා සදහන් කර සිටියේ පදික වේදිකාවේ දරුවකු සිටින බව සැලවූ වහාම එම ස්ථානයට ගොස් බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම මවටද අවශ්‍ය දෑ සැපයීමට පියවර ගනිමින් තාවකාලිකව නවාතැනක් ලබාදීම සිදු කළ බවයි.



අදහස් (17)

පදිකවේදිකාවේ සිටි දින හතරක සිඟිත්තාට ගම්පහ පුරපතිගෙන් රැකවරණ

SUNIL MILANO Friday, 24 September 2021 09:29 PM

ලොකුම පුණ්‍ය කර්මයක් ඔබතුමාට කවදාවත් වරදින එකක් නැහැ.

:       0       18

කමල් Friday, 24 September 2021 09:32 PM

සාධු! සාධු! සාධු! බොහෝම පින් ඇති ක්‍රියාවක්.

:       0       12

Chinthaka Friday, 24 September 2021 09:33 PM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

:       0       13

පැරකුම් Friday, 24 September 2021 09:41 PM

ගම්පහ පුරපති දේශපාලුවෙක් වෙන්නනම් බෑ. හිත හොද මනුස්සයෙක්.

:       0       12

Thennakookoon Friday, 24 September 2021 09:49 PM

දේශපාලුවන් අතර මනුස්සකම දන්නා සැබෑ දේශපාලකයෙක්.

:       0       9

Nihal Friday, 24 September 2021 10:37 PM

අවධානයට ලක් විය යුතු සංවේදී කරණක්. මුලික වූ සියලු දෙනාට පිං.

:       0       9

Narada Saturday, 25 September 2021 12:23 AM

මම දේශපාලකයන්ට අකමැති වුවත් මෙය හොඳ දෙයකි

:       0       11

Geetha Saturday, 25 September 2021 12:45 AM

මනුස්සකම. කුසලයක්.

:       0       7

Chandima Saturday, 25 September 2021 04:12 AM

මොකද පුරපති ගියේ? එව්වට අදාළ නිලධාරින් ඒ නගර සභාවේ නැතිද?

:       10       2

GEMUNUTuesday, 28 September 2021 10:32 AM

කවුද මේ...? අපේ රට පස්සට යන්නේ මේ වගේ මිනිස්සු නිසා තමයි. වෙන කෙනෙක් නැතිද? නොකළාම අහනවා ඇයි නොකළේ...? ඇස් පේන්නේ නැත්ද? මේ පසුගාමී අදහස් වලින් දැන්වත් මිදෙමු...

:       0       3

Sk Saturday, 25 September 2021 07:24 AM

හිත හොඳ දේශපාලකයෝත් ඉන්නවා... ඔබට පින්...

:       0       11

සමන්ත Saturday, 25 September 2021 08:18 AM

ඉතා යහපත් ක්‍රියාවක්.... මාගේ ගෞරවය හිමිවෙනවා.

:       1       16

Raveendra Saturday, 25 September 2021 01:49 PM

මුන්දෑ කරලා තියෙන්නේ නම් පිං අතේ වැඩක්... අප එය හදවතින්ම අගය කරන්නෙමු. ඔබට මෙන්ම ඔබගේ පවුලේ සැමට එහි හොඳ ප්‍රතිඵල ලැබෙනු නියතයි....

:       0       8

අනිල් Saturday, 25 September 2021 02:35 PM

යහපත් කුසල්...

:       0       6

Lalith M Saturday, 25 September 2021 02:42 PM

ඔක්කොම හරි. ඒත් අවුලක් තියනවා මෙතන. මේ අයගේ වයස බලන්න. ඒ හැර බබා උපන්නේ පදික වේදිකාවේ වෙන්න පුළුවන්ද? රෝහල සොයා බලන්න.

:       2       6

Nimal Saturday, 25 September 2021 11:32 PM

ලලිත් එම් ,ඇයි රෝහලේ තියලා ලොකු මහත් කරන්නද කියන්නේ ?

:       1       2

ramaniTuesday, 28 September 2021 04:39 PM

මම හිතන්නේ ලලිත් කියන්නේ අම්මා වයස 49 කියන නිසා කියලා. සාමාන්‍යයෙන් එච්චර වයස අම්මලා ගැන අපි වැඩිය අහන්නේ නැති නිසා. ඇත්තටම ලලිත්ගේ කතාවට බනින්න එපා. හිඟමනේ යන අය දරුවන් කියලා අනුන්ට අයිති ළමයින්ව පෙන්වන සහ දරුවන් නියම අම්මලාගෙන් පැහැරගත් කතා අහන නිසා ලියන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1003 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2247 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2595 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1312 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 337 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2472 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site