IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දියණියගේ දරුගැබ නැතී කරන්න ගිය මවට වැඩ වරදි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 

අත්අඩංගුව ගත් මව කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළමනාකාර සහකාරවරියක බව ද පොලිසිය සඳහන් කරයි.

ජෝතිෂ්‍ය වේදිකයකුගේ අනාවැකියක් පිළිගත් මෙම මව මේ ආකාරයෙන් දියණියගේ දරුගැබ විනාශ කිරීමට කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණයවී ඇත.

අවුරුදු 24 බාස 10ක් යන තෙක් තම දියණියට දරුවකු ප්‍රසූත කිරීම සිදුසු නොවන බව එම ජ්‍යොතිෂ වේදියා පවසා ඇත. ඒ අනුව දරුවකු ලැබීමට සූදානම් වූ දියණිය බෑනා නැති අතරේ පැහැරගෙන ගොස් මේ ආකාරයෙන් දරු ගැබ විනාශ කිරිමට සූදානම් වී ඇත. 

ගැබිණි දියනියට කිසියම් පෙතිවර්ගයක් බීමට සලස්වා ඇතැයි ද දැනගන්නට ඇත. ගැබිණිය රඳවා සිටි නිවෙසින් හොර රහසේ පැන කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට සියලු විස්තර දැන්වීමෙන් පසු  පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කිරිබත්ගොඩ පොලිසියට එහි විමර්ශන බාරදීමෙන් පසු  මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (4)

දියණියගේ දරුගැබ නැතී කරන්න ගිය මවට වැඩ වරදි

lal Monday, 26 July 2021 04:16 AM

මේ වගේ ගොන්, කෘෘර, අම්මලා ඉන්න රටක අනිත් ඒවා ගැන කවර කථාද? තමන්ගේම දරුවන්ට පොඩිකාලේ අපමන වද දෙන අම්මලා ඉන්නවා. ඒවා එළියට එන්නේ නැහැ.

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:30 AM

හොර කට්ටඩියන් කෑගල්ල පැත්තෙ වැඩී වගේ. උන්නාන්සෙ කෙනෙකුත් ජයටම කලේ

:       0       0

sharm warn Monday, 26 July 2021 10:39 AM

දෙයියනේ මෙහෙමත් අම්මෙක්... අර පේන කියපු එක්කෙනාටත් පොඩි තරවටුවක් කරන්න වෙනවා...!!!

:       0       27

PrabhaMonday, 26 July 2021 12:13 PM

රට කරන්නෙත් ඔහොමනේ... බලනකොට මේවා මොනවාද?

:       18       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 125 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 147 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 52 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 233 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 214 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 792 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site