(සුජිත් හේවාජුලිගේ)
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ මඩකළපුව මඩකලපුව ත්‍රිකුණාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලිනි.
අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් මෙරට සෞඛ්‍ය සේවකයන් පිරිසකට ද බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සියලු දෙනා මේ වන විට සුවය ලබා සිටින බවද ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.
මෙයට අමතරව මෙරටින් මුල සිට හමුවූ වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී ඇතැයි එම විද්‍යායතනය පවසයි.
නව සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (10) පෙරවරුවේ බාරදෙනු ලැබීය. මේ පිලිබඳ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේ ය .
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින්
වික්‍රමසිංහ Thursday, 10 June 2021 12:56 PM
තාම සමාජ ගතවෙලා ද නැද්ද කියන එක දැනගන්න විදිහක් නැද්ද..? ආ...එහෙම නැද්ද.... අප්පේ... මං බයේ හිටියෙ...
Nuwan Thursday, 10 June 2021 03:35 PM
මොන ප්‍රභේද හමුවුණත් අර මනුස්සයගෙන් තවම සමාජගතවෙලා නැ
Rohana Friday, 11 June 2021 12:54 PM
ලංකාවේ ඔක්කෝටම රෝගය හැදුණත් ඒත් කියන්නේ සමජ ගතවෙලා නෑ කියලයි. බලධාරින් ඒ වචනය භාවිතා කරන්න හරිම බයයි...