තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා නොර්වේජියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අද (08) කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.
එම සමුළුව ආරම්භ කරමින් මෙරට නෝර්වේජියානු තානාපති තොර්බෝන් ගස්තාස්තෙර් මහතා සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත යන මහත්වරුන්ද මෙහි පසෙකින් වෙති.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මෙරට ක්‍රියාත්මක වී වසරක් පිරීම සහ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරමින් මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්විණි.
තොරතුරු සොයන්නන් මුහුණ දෙන අවදානම හා ඔවුන්ගේ ආරක්ෂාව , පුද්ගල දත්ත සුරක්ෂිතාතාව , තොරතුරු අයිතිය පිළිබඳ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය සතු භූමිකාව , තොරතුරු අනාවරණය හා තාක්ෂණ භාවිතාව , තොරතුරු පනතේ අනාගතය ආදී තේමා යටතේ සමුළුව පැවැත්වෙන අතර එහි දෙවැනි දිනය හෙට (09) පැවැත්වේ.
සමුළුව සඳහා නොර්වේ , ඉන්දියාව , පකිස්ථානය , මියන්මාරය ආදි රටවල් හි නියෝජිතයින් මෙරට මාධ්‍යවේදීන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ