IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තොරතුරු දන් නැති සභාපතිවරුන් රැස්වීමෙන් දොට්ට

(යොහාන් භාසුර)

රජයේ පොහොර සමාගම් දෙකක සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනෙක් මෙසේ දැඩි විවේචනයට ලක් කළේය.

“සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්‍ෂවරු. මේ ඝන පොහොර කියන ඒවා ඕගොල්ලො හරහානේ ගන්නේ, ඒ ඝන පොහොර ප්‍රමාණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද? කොච්චර ලබාගෙන තිබෙනවාද? කොච්චර ලබාගන්න තිබෙනවාද? අවශ්‍ය නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඕන වෙලාවක හදන්න. දැන් ඔයා කෙටියෙන් කියන්නෙ ඔයා දන්නෙ කැහැ කියලනේ.

දැන් ඔයාට කියන්න බෑනේ අද ඝන පොහොර කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර ඝන පොහොර ප්‍රමාණක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවාද? සරළ දෙයක්නේ. සභාපතිලා වුණාම මේවා දැනගන්න ඕනේ. ඔයත් ගිහිල්ලා අරගෙන එන්න තොරතුරු. දැන් මේවා අනිත් එක මේ අද පළවෙනි වතාව නෙවෙයිනේ. මේ දැන් අවසානයනේ. දැන් මේවා කවුරුත් දන්නෙ නැත්නම් හිතාගන්න පුළුවන්ද මොකක්ද මේකෙ තත්වය කියලා. මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයිනේ”

 



අදහස් (54)

තොරතුරු දන් නැති සභාපතිවරුන් රැස්වීමෙන් දොට්ට

chandima Monday, 22 November 2021 08:20 PM

ඒ කියන්නේ ඒ ගොල්ලෝ මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා..

:       0       0

සොරිසේන Monday, 22 November 2021 08:48 PM

ලොක්කා නිකන් නරි නාටක රඟ දක්වන්නේ නැතුව ඉන්න. කිසිම සුදුසුකමක් නැති නිකන් බත්ගොට්ටන් ටිකක් රාජ්‍ය ආයතනවලට පත් කරේත් තමුන්මනේ...!!!

:       0       0

Palitha Perera Monday, 22 November 2021 09:18 PM

ජනාධිපතිතුමනි ඔබ ප්‍රමාද වැඩියි. ඔබ මේ පොහොර විප්ලවය ආරම්භ කළ යුතුව තිබුණේ විදේශීය රසායනික පොහොර සපයන්නන්ගේ මේ සියලු නියෝජිතයන් දොට්ට දැමීමෙනි. පොහොර ක්ෂේත්‍රයේ පමණක් නොව ඔබ ඇතුළු මුළු රටම මේ පණුවන් බෝ වී ඇත.

:       0       0

ravin Monday, 22 November 2021 09:21 PM

මෙතැනදී සභාපතිවරු නිකන්ම නිකන් අත්සනට සීමාවෙච්චි අය.. සභාපතිලා දේශපාලුවෝ කියන විදිහට නොකළොත් බලපෑම් එන ක්‍රමවේදයන් පහුගිය කාලය පුරාම ඉහළ තනතුරු දරපු ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වීමේදී හැමෝම දුටුවා.

:       0       0

Saman Monday, 22 November 2021 09:38 PM

ඔයත් පොඩ්ඩක් අහගෙන එන්ඩ රිවස් වෙන්නැතුව ගැසට් එකක් ගහන හැටි. ආ තව ගැසට් කියන්නේ මොනවටද කියන එකත් කෝල් කරලා දැනගෙන එන්න හොඳේ

:       0       0

අප්පුහාමි Monday, 22 November 2021 09:53 PM

හොද වැඩක් .මෙය සියලු ඉහළ තනතුරු දරණ රාජ්‍ය නිළධාරින් වෙනුවෙන්ම ක්‍රියාත්මක කලයුතුය. එසේ නොකිරීම නිසා තමා රට මෙතරම් පරිහානියට පත්වුනේ. අදාල ආයතන වල සෑම තොරතුරක්ම ඉල්ලන අවස්ථාවේ දීමට තරමින් ආයතන ප්‍රධානියා සන්නද්ධ වියයුතුය.

:       0       0

Suba Monday, 22 November 2021 10:13 PM

ඕවට රැවටිච්ච කාලෙ ඉවරයි ආයුබෝං. රටම දන්නවා ඔහේ කරන්න බැරි වැඩ කර ගහගෙන, දැන් සරම පුරා කැත කර ගෙන, අල්ලන්න කොනක් නැතුව ඉන්නෙ කියලා.

:       0       0

Sujeewa Monday, 22 November 2021 10:22 PM

නියමයි ජනාධිපතිතුමනි.

:       0       0

Pradeep Monday, 22 November 2021 11:24 PM

පිලිගත් රැකියාවකට දේශපාලන සුදුසුකම එකම සුදුසුකම වුන රටක මෙවැනි දේවල් සිදුවීම අරුමයක් නොවෙයි.

:       0       0

ජගත් ලියනගේ Monday, 22 November 2021 11:34 PM

රටේ ජනාධිපති විදියට ඔයා දන්නවාද කී දෙනෙක් දවසකට එක වේලක් කාලා ජීවත් වෙනවද කියලා...?

:       0       0

Soma dubayi Tuesday, 23 November 2021 12:24 AM

කොහොමද අපේ ජනාධිපතිතුමාගේ වැඩ? අපි බලාපොරොත්තු වූ වෙනස ලැබිලා...

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 01:01 AM

ජනාධිපතිතුමනි, ඔවුන් පත් කළේ කවුද?

:       0       0

Kumara Tuesday, 23 November 2021 01:54 AM

තමුන්ගේ වැරැදි අදහස් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අනාගත්තාම අනිත් අය පිට වැරැදි පටවනවා...

:       0       0

Daham Tuesday, 23 November 2021 01:54 AM

වියරු වැටීගෙන එනවා වත්ද?

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 03:24 AM

ඔවුන්ට පෙර, ඔබ පිටතට යා යුත්තේ එම සභාපතිවරුන් අප විසින් නොව ඔබ විසින් පත් කර ඇති බැවිනි!

:       0       0

Eranga Tuesday, 23 November 2021 04:12 AM

ආතල් නම් සර්...සර් නම්.ආතල්....

:       0       0

සෑම් Tuesday, 23 November 2021 04:48 AM

පුලුවන්නං ඔතන ඉන්න හොරා කාපු එවුනුත් එලියට දාන්න, එකෙක් ඉතුරු වෙන්නේ නැහැ රැස්වීමට,

:       0       0

Sunil Tuesday, 23 November 2021 05:33 AM

රටේ ප්‍රධාන ආයතන භාරව සිටින්නේ මෙවැනි නිලධාරීන් නේද.?

:       0       0

dasa Tuesday, 23 November 2021 05:41 AM

තමන්ගේම ආණ්ඩුව නේද ඔය සභාපතිලා ඔතනට පත් කලේ.

:       0       0

gunarathna Tuesday, 23 November 2021 06:10 AM

එලියට නොවෙයි යවන්න ඕන ගෙදරට.

:       0       0

de silva Tuesday, 23 November 2021 06:49 AM

මහදැනමුත්තා සහ ගෝල පිරිස...!

:       0       0

Hafeel Tuesday, 23 November 2021 06:55 AM

ඇයි මෙච්චර පරක්කු දැධි තීන්දු තීරණ ගන්න? අද සද්ද දාල හෙට ඉඳන් නැවතත් සුපුරුදු කයිවාරු නම්, වැඩක් නැහැ. පාස්පොර්ට් කාර්යාලයට, ආර් එම් වී, ගුවන්තොටුපොළ, ජාතික රෝහලට, හාල් සහ එළවලු කඩවලට ඒ දවස්වල කඩා පෙනල, ලොකු සංදර්ශයක් දැම්ම. ඊට පස්ස නිහඬයි. පුස්.

:       0       0

mahinda Tuesday, 23 November 2021 07:36 AM

ඔය සංස්ථා සභාපතිකම් දුන්නේ අර වියත් මගේ විද්‍යාත්මක පදනම හා අනි කුත් සියලූ සුදුසු කම් සලකලා නේද? ඒ කියන්නේ වියත් නැති මගකුත් නැති වියත්තූ.

:       0       0

Senevirathne Tuesday, 23 November 2021 07:43 AM

මම නම් ගෙදරම යනව, මෙයාම පත් කරපු වියත්මගේ දෙපලක් වෙන්න ඕන. අනික ඕක දැනගත්ත කියල මොනව කරන්නද?

:       0       0

පැරකුම් Tuesday, 23 November 2021 08:38 AM

අපේ බදුමුදලින් තනතුරු, වරප්‍රසාද විඳිනවා පමණයි. කරන සේවයක් නැත. කරන්නේ කුමක්දැයි දන්නේද නැත. රැස්වීම්වලට ඇවිත් යස් සර් කියන්න විතරයි දන්නේ…!

:       0       0

Sam Tuesday, 23 November 2021 08:38 AM

ශාලාවෙන් නොවේ රස්සාවෙන්ම දොට්ට දාන්න ඕනෑ. සභාපති කෙනෙක්ගෙන් වැඩක් තියේද ආයතනය ගැන අවබෝධයක් නැති. ඔය බොහොමයක් රාජ්‍ය ආයතනවල ලොක්කෝ දේශපාලන පත්වීම් තමයි...

:       0       0

saman- male Tuesday, 23 November 2021 08:54 AM

මුලින්ම එලියට යන්න ඕනෑ, නොදන්න දේවල් කරන්න යන ජනාධිපති...

:       0       0

sharm warn Tuesday, 23 November 2021 08:58 AM

තොරතුරු දන්නේ නැති ජනාධිපතිව දොට්ට දාන්න. එක්කෝ ඕනෑ නැහැ. නිකන්ම හැලිලා යයි වැඩිකල් නොයාම...

:       0       0

Senarath Tuesday, 23 November 2021 09:39 AM

ලොක්කෝ වැඩි දෙනෙක් කරන්නේ ඔහොම වැඩ තමා. එයාලට වෙන පුද්ගලික වැඩ තියෙනවනේ කරන්න

:       0       0

ජල්තර Tuesday, 23 November 2021 10:04 AM

මොනාද කරන්නේ අදාල වැඩ ගැන දන්නේ නැත්නම්

:       0       1

ජනතාව Tuesday, 23 November 2021 10:11 AM

මෙවන් පාලනයක් තමයි ඔබතුමාට 69 ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව අපේක්ෂා කලේ. මුල සිට මෙවන් විනයක් පවත්වාගෙන යාමට කටයුතු කලේනම් අද වන විට උද්ගතව ඇති සමහර උඩු දිවූ ගැටළු ඇති නොවනු ඇත. මෙම පෞර්ශවය පවත්වාගෙනයාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා !!!

:       0       2

ලුම්බිණි Tuesday, 23 November 2021 10:25 AM

ගැසට් ගහන ප්‍රමාණය අනුව කාටද මේවා මතක තියා ගන්න පුළුවන්.

:       1       0

පිටිගල මිලානෝ Tuesday, 23 November 2021 10:44 AM

තත්වය එසේනම් ඉස්සෙල්ලම දොට්ට බහින්න ඔනේ සර් ' නේද?

:       2       0

jayantha Tuesday, 23 November 2021 10:55 AM

මේ අය ඔක්කොම දැන් එලියට යන්න ඕන

:       0       2

lakvidu Tuesday, 23 November 2021 11:03 AM

රැජිනිකාන්ත් ඉන්න දෙමල චිත්‍රපට මතක් වෙන්නේ මට විතරද මන්දා?

:       0       2

Jay Chandra Tuesday, 23 November 2021 12:09 PM

අප දන්නා අපට හිටපු ගෝඨාභය රාජපක්ෂ සර් දැන් අප උතූම් ලංකාවේ උතුමාණන් තව අවුරුදු 2 ක්

:       0       1

wahaldeepe Tuesday, 23 November 2021 12:21 PM

රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි. ... අප්පේ ඒ.... ඉතින් නේද..

:       1       1

Nuwan Tuesday, 23 November 2021 12:27 PM

ඉස්සෙල්ලාම මේ පොහොර ගැටලුවට මුල් වූ පාවාදෙණිය සහ සුමනෙව ගෙදර යවලා ඉන්න.

:       2       19

Senarath Tuesday, 23 November 2021 12:56 PM

අපේ රටේ සංවර්ධන වැඩ ඉබි ගමනින් සිදුවීමට පළමු හේතුව රජයේ සමහර නිලධාරීන්ගේ නොහැකියාව සහ වැඩ කිරීමට උනන්දුවක් නොමැති වීමයි.වතාවක් දෙකක් බලලා හරියන්නේ නැතිනම් සේවයෙන් පහ කරන්න ඕනේ.එහෙම නැතිනම් ආර්.ප්‍රේමදාස මහත්තයා කළා වගේ කරන්න ඕනේ.ජනතාවගේ බදු මුදල් වලින් නිකම් පඩි කනවා .කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නැහැ

:       20       12

මැක්ස් Tuesday, 23 November 2021 01:03 PM

මේ වගේ මරි මෝඩ, වගකීමක් නැති නිලධාරි නිසා තමයි මේ වැදගත් කටයුත්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නෙ.

:       19       14

Mangala Tuesday, 23 November 2021 01:36 PM

හොඳ පියවරක්, මේ වගේ සභාපතිලා පොල්පිති වලින් හදන්න පුලුවන්.

:       17       13

යු.ආර්.සරත් කුමාර. Tuesday, 23 November 2021 02:43 PM

යුද්ධ කරන්න නායකත්වය ගන්නේ ඉහළින් වුණාට එහි ප්‍රතිඵල දකින්න. සියලුම දෙනාගේ කැපවීම අවශ්‍යයි. පැහැදිලිවම බිම් මට්ටමේ සිටින නිලධාරින්ගේ සිට වගකිම් පවරා සෘජු අධීක්ෂණයක් සිදුකරන වැඩ පිළිවෙලක් සකසන්න. මෙසේ සිදු නොකරන තාක්කල් බොහෝ අය කෙස් පැලෙන තර්ක සිදුකරමින් කල්මරමින් වාචිකව රට හදමින් සිටින්නේ තමන්ගෙන් වියයුතු යුතුකම ඉටු නොකරමින් මහ ලැජ්ජා සහගත ලෙසයි. යුද්ධය වෙලාවේ යුදබිමෙ සෙබලා යුද්ධ නොකර වාර්තා පුරව පුරවා සිටියේ නම් තවම රට යුද අනතුරේය. මාස්ක් නොදා රජයට බනින රජ වැඩකාරයින් කොරොනා මර්දනයට පෙල ගැසෙනා මහත් අරුමය...!

:       1       5

reks Tuesday, 23 November 2021 03:19 PM

එතකොට රිවස් ගියර් ගහන කටටිය...?

:       1       27

Nuwan Tuesday, 23 November 2021 04:03 PM

කොහෙන් හරි වතුර බස්සන්න ඕනෑනේ...

:       0       13

Royfedricks Tuesday, 23 November 2021 04:03 PM

සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම අපමණ වූ දුෂ්කරතාවලට තල්ලුකොට දැමූ දුර්ජනයින් දොට්ට දමන දිනය කවදානම් උදාවේද...?

:       0       2

නිහාල් Tuesday, 23 November 2021 05:16 PM

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් එක්කෙනෙක් මෙහෙම ඇවිත් කෑගහලා ඒ ආයතනය හරි තැනට ගත්තා. දැන් එතැන කිසි දූෂණයක් වංචාවක් නෑ...

:       17       8

විපරමා Tuesday, 23 November 2021 09:48 PM

ආ එහෙමද..? එතන තියෙන දූෂණ නවත්වන එක නම් මේ සම්මත්ජාතියේ බැරි වෙයි. ආපු කෙනත් රට කාපු හොරෙක් ද දන්නේ නැහැ.

:       3       15

kapila Tuesday, 23 November 2021 08:26 PM

මහ බැංකුවට සද්දයක් දානකන් ඔවුන් වැඩකලේ නෑ. මෝටර් රථ දෙපාර්තමේන්තුවට සද්දයක් දානකන් එතන අකාර්යක්ෂමව තිබුනේ. සෞඛ්‍ය අංශවලට සද්දයක් දානකන් කොරෝන සංඛ්‍යා ලේඛන යාවත්කාලීන වුනේ නෑ. ජනාධිපතිතුමනි, මීට වඩා දැඩි තීරණ ගන්න. කීප දෙනෙක් ගෙදර යැව්වා නම් අනික් අය බයට හරි වැඩකරයි...

:       16       0

Perera Tuesday, 23 November 2021 11:32 PM

ඔය තනතුරුවලට පත් වෙන්නේ සුදුසුකම් නැති පලපුරුදු නැති දේශපාලන බත්බැලයින්ය.

:       0       3

Sarath Mohotty Wednesday, 24 November 2021 12:40 AM

හමුදා සේවයෙන් පසුව මමත් දැන් ගොවිතැන් කරන්නේ... මෙම විනය ක්‍රියාව ගැන ඉතාමත් සතුටු වෙනවා. මේක තමයි විය යුත්තේ...

:       14       11

Vithana Wednesday, 24 November 2021 08:59 AM

ඔබතුමාත් ජනාධිපති පදවිය දරන්න දැනගත යුතු බොහෝ දේ දන්නේ නෑ. පලපුරුද්ද නැති බව ඔබතුමාම කිව්වා. ඒක නිසා ඔබාතුමාත් අස් වෙලා ගියා නම් හරි.

:       1       20

kamal Wednesday, 24 November 2021 10:37 AM

ඊළඟට වැඩ බැරි ජනාධිපතිලා වත් දොට්ට දමයි

:       1       18

Bamunuarachchi Wednesday, 24 November 2021 12:33 PM

දැන් ජෙප්පෝ කියයි එහෙම කරපු එක අසාධාරණයි, මීටින් එකට එනකොට එහෙම දැනුවත් වෙලා එන්න කියන්න පුලුවන්ද?, පාරේ තිබෙන ට්‍රැෆික් කලබල දන්නේ නැද්ද? කියලා. උදැල්ල පැත්තකින් තියා මොරදේවි. කාණු කැපිල්ල පැත්තක...

:       19       4

Shan Wednesday, 24 November 2021 12:59 PM

වැඩබැරි ජනාධිපතිටත් ගෙදර යන්න කාලය හරි.., අපිට පව් දෙන්නේ නැතුව.

:       1       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 4 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 377 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 149 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1038 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 509 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 596 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site