(හර්ෂණ තුෂාර සිල්වා)
මින් ඉදිරියේදී පැවැත්වෙන රාජ්‍ය නිලධාරීන් බඳවාගැනීමේ විභාගවලදී ඒවාට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇතුළත් කරන බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (9) කොළඹදී ප්‍රකාශ කළාය.
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පනත සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පසුගිය වසර වෙන් කළ බවත් එළැඹෙන වසරේදී මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කාලය වෙන් කරන බවත් ඇය එහිදි කීවාය.
තොරතුරු දැනගැනීමේ පනතින් ජනතාව සවිබල ගැන්වීම යන තේමාව යටතේ නෝර්වේ තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කර තිබූ දෙදින සමුළුවේදී අදහස් දැක්වමින් ඇය එම කරුණු කීවාය. ඊයේ (8) ආරම්භ වූ මෙම සමුළුවේ අද (9) අවසන් විය.
තොරතුරු දැනගැනීමේ පනතේ දැක්ම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් දිගුකල් දක්නා චින්තනය යන මාතෘකාව යටතේ පැවැති සමුළුවේ අවසන් සැසියේදී තවදුරටත් අදහස් දැක්වූ තිලකා ජයසුන්දර මහත්මිය මෙසේ ද කීවාය.
‘‘පසුගිය වසරේදී අපි රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් දියත් කළා. මේ වසරේදී අපි මහජනතාව තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් කිරීම සඳහා වැඩසටහන් දියත් කරනවා. අපි කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන තිබෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන විභාගවලට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ උපකාරක සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
විශ්ව විද්‍යාල සහ පාසල් විෂය මාලාවලට තොරතුරු දැනගැනීමේ පනත සහ අයිතිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා බඳවාගන්නා උපාධිධාරීන්ගෙන් 300ක් ප්‍රාදේශීය තොරතුරු නිලධාරීන් ලෙස බඳවාගැනීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබෙනවා’’ යැයි ඇය තවදුරටත් කීවාය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තොරතුරු අයිතිය ගැන රාජ්‍ය විභාගවලටත් එයි