IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් ප්‍රේමතිලක සහ සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා  දික්වැල්ලේ දී ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


ඡයාරෑප සුමිත් ප්‍රේමතිලක

 



අදහස් (28)

ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

Ratne Friday, 26 November 2021 07:14 AM

පොලිස් විහිළු.

:       2       2

සිරිබිරිස් Friday, 26 November 2021 07:39 AM

දුමින්ද සිල්ව වගේ අයවත් සඟවා තිබුණු ආයුධ පෙන්නන්න අරන් යන්න බැරි උනා නේ ඒ දවස් වල .

:       1       25

පැරකුම් Friday, 26 November 2021 08:30 AM

හරියට හරි හංගපු ආයුධ පෙන්නන්න ගිහිල්ල. අනිත් කට්ටියත් ආයුධ පෙන්නන්න එක්ක ගියානම් උසාවි වල වැඩ පහසු වෙනව. හැබැයි ඉතිං නීතිඥයො නම් කැමති වෙනකක් නෑ නේද…?

:       4       23

Bunny Preena Friday, 26 November 2021 08:40 AM

අපරාධකාරයෝ, පාතාලයෝ නම් යහපත් සමාජයක සාමකාමී පැවැත්මට ලොකු බාධාවක්.

:       3       16

Nalaka Friday, 26 November 2021 09:11 AM

මොනවා කරත් මේ විදියට කරන්න පොලිසියට පුළුවන්ද??? කිසිම නීතියක් නැති රටක්.

:       14       28

ChinthakaFriday, 26 November 2021 01:58 PM

මිනී මරන්න කිසිම නීතියක් නැති කාලයක් තිබුනා 1988/89, ඒ අයගේ මරණ සහතිකවත් අදටත් නැහැ.

:       16       12

sharm warn Friday, 26 November 2021 09:13 AM

අයියෝ මේ තිර නාටක දැන්වත් වෙනස් කරන්න.

:       4       21

ලුම්බිණි Friday, 26 November 2021 09:32 AM

දඬුවම... ලංකාවේ ක්‍රමයට... ප්‍රශ්නේ ඉවරයි.

:       4       14

සෙනෙවිරත්න Friday, 26 November 2021 10:27 AM

සන්සයින් සුදා කියල කෙනෙක් ගැන අපි අහල නැහැ.

:       4       10

BamunuarachchiFriday, 26 November 2021 01:58 PM

ඇයි ඒ කාලේ එක කූඩුවේ නොවෙයිද හිටියේ...?. අව්ව තපින්න එළියට දානකොටවත් හම්බ වුනේ නැද්ද?

:       16       8

සෙනෙවිරත්න Friday, 26 November 2021 04:22 PM

හරි හරි මට අමතක වුණා... තමුන් මරණ දඬුවම් නියමවෙලා ඉඳලා ජනාධිපති සමාවෙන් එළියට ආ බවත් මතක්වුණා...

:       1       15

BamunuarachchiSaturday, 27 November 2021 10:37 AM

මටත් මතකයි මරණීය දණ්ඩනයෙන් කෙනෙක්ව නිදහස් කළ බව, හරි හරී හලෝ ඒ නිදහස් කළේ ඔයාවද? තමන් ගැන තමන්ට අමතකද? අහන්න දෙයක්ද ඉතින් ටින්කර් ලසන්න අමතක වෙන එක....

:       1       2

Siri Friday, 26 November 2021 10:53 AM

පොලිසිය සමග ගිය මොහුට අත්බෝම්බයක් අතට ලැබුනේ කෙසේද.?

:       6       33

පැරකුම්Friday, 26 November 2021 08:12 PM

සිරි, අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙපා...

:       2       11

BamunuarachchiTuesday, 30 November 2021 07:16 AM

රටට ඕනේ විදිහට වැඩේ සිද්ද වුණා. සිරි ඔය විදිහේ ප්‍රශ්න අහන්නේ නැහැ. එයාගේ රත්තරන් මාලේ පාරේදී කඩා ගත්තා නම්, පාරේ කෙනෙක්ව කපාකොටා මරා තිබෙනවා දැක්කා නම්...!!!

:       0       0

Asanga Friday, 26 November 2021 11:16 AM

අවි ගත්තෝ අවියෙන්ම නසී.

:       8       14

පිටිගල මිලානෝ Friday, 26 November 2021 12:00 PM

මේ ආකාරයේ ඝාතන වලින් අපරාධකරුවන් සහ දේශපාලකයන් අතර ඇති රහස් සම්බන්ධතා සදා සැගව යයි. දේශපාලකයන්ට මොවුන්ව භාවිතා කර අපරාධ කරවාගෙන පසුව මේ ආකාරයට මරාදැමිය හැක.

:       6       38

Ruwan R Friday, 26 November 2021 12:29 PM

මේ වගේ වෙලාවක මිනිහෙක් මැරෙන්නේ නැති වෙන්න වෙඩි තියලා අනතුර වලක්වා ගන්න පුළුවන් බව ලංකාවේ පොලිසිය තවම දන්නේ නැතිද.

:       7       30

maheel Friday, 26 November 2021 12:41 PM

කොහොමින් කොහොමින් හරි කමක් නෑ ඔන්න ඔහොම පාතාලේ අඩු වෙනවානම්.

:       18       21

Ruwan R Friday, 26 November 2021 01:08 PM

ඒ අය කරෙත් කොන්ත්‍රාත්.

:       2       19

hesa Friday, 26 November 2021 02:01 PM

නඩු මගට ගියාම වසර ගණන් ඇද ඇද තියන් නිදහස් වෙනවා..

:       4       7

Bamunuarachchi Friday, 26 November 2021 02:10 PM

වැඩි කතා ඕනේ නැහැ... ඔහොමවත් ඉවර කරන එක රටට යහපතක්...

:       19       13

nuwa Friday, 26 November 2021 05:53 PM

ලංකාවේ පොලිසියට බැජ් කැම් දෙන්න ඕන.. එතකොට ආයුධ පෙන්නපු හැටියි මැරිච්ච හැටියි බලාගන්න පුළුවන්... අපරාධකාරයෙක් වුණත් මේ විදියට මරන්නයි පාදඩ දේශපාලඥයින්ට ඕනෑ එවුන් විතරක් රකින්නයි දෙන්න බෑ..

:       1       21

ලේක්කෝ ගලබඩ Friday, 26 November 2021 06:51 PM

පොලිස් ඇමතිට ජිනීවා ගිහිල්ලා මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන කියලා රට බේරාගන්න කියන්න.

:       1       11

Roshan Friday, 26 November 2021 10:26 PM

කමක් නෑ... ඔහොම හරි ඉවරයක් කරන්න....

:       6       4

Binkunndaa Saturday, 27 November 2021 02:39 AM

මෙයා රටේ මහා අයගේ ගොඩක් දේවල් දන්නා කෙනෙක් වෙන්න ඕන.

:       0       4

Demuni Uduwara Saturday, 27 November 2021 03:21 AM

71 කැරැල්ල පටන් ගත්තේ පොලිස් ස්ථාන වලට පහර දීමෙන් බව මතක් කළ යුතුයි! අපරාධකරුවන්ට දඬුවම් දීමට පවතින නීති ප්‍රමාණවත් නමුත් "කැලෑ" නීති !

:       0       1

Lal Saturday, 27 November 2021 10:15 AM

හිතමිත්‍ර අපරාධකරුවන්ගේ ඉරණම මෙලෙසින් විසඳන එක ගැන බොහොම කණගාටු ඇති නේද? පව්, නීතිඥ සංගමය...

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 369 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 759 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 892 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 640 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 176 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1812 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site