IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඥාන අක්කගේ හෝටලය හදන්න හමුදාව යෙදවීම වැරදියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

හමුදා සාමාජිකයන්  එතුමාගේ   සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට  මෙලෙස යැවීමට   පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ  මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන  බවද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි  චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන්   ඉල්ලා සිටින බවත්  තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත්  හෙතෙම සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම  වැරදි වැඩක් බවද  ඔහු පැවසුවේය.

හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම  පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර  යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද    පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත්  දිසානායක මහතා පැවැසීය.

හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා    රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට  ගෞරවය ලබා දිය යුතු බවද  කිවේය.

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා  අවධානය යොමු කළ යුතු  බව   ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ද අද  විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත්  පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ  බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.

රටේ කොස්තාපල්වරුන්  17,500  හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (13)

ඥාන අක්කගේ හෝටලය හදන්න හමුදාව යෙදවීම වැරදියි

ජල්තර Friday, 03 December 2021 04:03 PM

පුංචි අම්මටත් හදමු හෝටලයක්...

:       22       2

සෙනෙවිරත්න Friday, 03 December 2021 10:19 PM

වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. මේ යථාර්ථය හමුවේත් පියවි සිහිය නොමැතිකමට එකම පිළියම ඒකයි.

:       0       9

රූකඩ Friday, 03 December 2021 04:31 PM

ලොකුම දේසපාලකයින්ට අන දෙන්නේ ඥාණාඅක්කා. අල්ලේ නැටවෙන රූකඩ​....

:       2       21

Ana Friday, 03 December 2021 04:55 PM

මැල්සිරිපුර උමංදාව කියන පංසලේ වතුවැඩ කරන්නෙත් හමුදා සෙබළුන්...

:       6       40

Podi Malli Friday, 03 December 2021 05:03 PM

පොලිසියේ වැඩි හරියක් රටේ දේශපාලුවන් සහ හිටපු දේශපාළුවන් ආරක්ෂා කරන්න දාලා තියෙන්නේ... සාමාන්‍ය මිනිස්සු ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න වෙලා තියෙන්නේ. ගෙදර හොරු කැඩුවොත් හොරා අල්ලන් එන්න කියලා කියන තත්වයක් තියෙන්නේ...

:       2       50

sharm warn Friday, 03 December 2021 05:10 PM

මෙහෙමනේ සහෝ.. රාජකාරි-දේවකාරි කියලා දෙකක් තියෙනවනේ... දේවකාරි රාජකාරිවලට වඩා උසස් වෙන්නේ මේ වගේ වෙලාවටනේ. එහෙම නැතිව අපි කොහොමද බලය රකින්නේ...?

:       2       39

ගමේ එකාලා Friday, 03 December 2021 05:58 PM

ඕවා මොනවද? අපේ රණවිරුවන් ලවා මොනවද නොකළේ...? ගෙදර මකුළු දැල් කැඩෙව්වා... මල් පෝච්චි වලට වතුර දැම්මා. බේබිලාට කාර් රේස් තියන්න වැලි කොට්ට කරගැහැව්වා.. අනේද කියන්නේ..?

:       1       30

Shan Friday, 03 December 2021 07:12 PM

එකසැරයක් මේ අදහස් තියෙන අයටත් රට කරන්න දීලා බලමු... අනිත් පක්ෂ දෙකම රට කාපු හැටි අපි දැක්කනේ...

:       3       49

අනුලා Friday, 03 December 2021 10:29 PM

හමුදාවේ, පොලීසියේ සමාජිකයින් හා ඒ අයගේ පවුලේ උදවිය ඝාතනය කරන එක හොඳයිද?

:       5       0

Sashi Saturday, 04 December 2021 03:01 AM

ඔය ඔක්කොම එකයි... ඔය කවුරුත් බොරු කයිවාරු ගහලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. නුඹලා කවුරුත් එහෙට මෙහෙට කිය කියා රට කාපියව්...

:       5       1

Bamunuarachchi Saturday, 04 December 2021 10:43 AM

හලෝ ඥාණා අක්කාගේ හෝටලය පැත්තකට දාලා අන්න එජාප මන්ත්‍රීලා ඉඩම් කොමිෂන් සභාවට අයිති ඉඩම් කොල්ල කනවා. ඒ ගැන කතා කරනවා, ප්‍රශ්න කරනවා නම් කියලා...

:       7       1

fairoosSunday, 05 December 2021 03:02 PM

ලැජ්ජා නැතිකම කියන්නේ මේකට තමයි.

:       0       3

BamunuarachchiSunday, 05 December 2021 06:39 PM

ලැජ්ජා නැතිකම කියන්නේ මිනිස්සු ගහලා, මරලා පුච්චන එකද? එ්ක ජෙප්පොත් කළා. හම්බයින් තාමත් කරනවා. අපි කරන්නේ නැතුව බලන් ඉන්නවා. හලෝ ලැජ්ජා තිබෙනවා නම් ගම්මිරිස් මල්ලත් අරන් ආව රටකට යනවා...

:       6       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1401 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 546 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 974 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 928 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 360 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 538 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site