IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජ.වි.පෙ නායකයාගෙන් ප්‍රශ්න කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු දෙදෙනා එම ප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහා රුපියල් කෝටිතුනකට අධික මුදලක් වැය කර ඇතැයිද තොරතුරු හෙළි වී  තිබෙන බවද ඒ මහතා කීය.

වීරසේකර මහතා මේ අදහස් පළ කළේ පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලයේ අද (18 ) විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී ය.

 



අදහස් (54)

ජ.වි.පෙ නායකයාගෙන් ප්‍රශ්න කරන්න යයි

tarzan Thursday, 18 March 2021 08:45 AM

මෙයා ආපු ගමන්ම.. හැමෝටම හමුදා පුහුණුව දුන්නා. සැකකරුවන්ව ප්‍රසිද්ධියේ පින්තූර දැම්මා, බුර්කා තහනම් කළා... දැන් අලුත්ම එක...​

:       16       216

NimalThursday, 18 March 2021 01:42 PM

ජ.වි.පෙ කණ්ඩායම හැමදාම වෙනත් අයට ඇඟිල්ල දිගු කරනවා. අනුර පමණක් නොවේ ඔය කණ්ඩායම හැමෝගෙන්ම ප්‍රශ්න කළ යුතු වෙනවා. මොහොමඩ් ඊබ්‍රහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නොව වෙනත් පක්ෂයකට සම්බන්ධවී සිටියාම 3% කණ්ඩායම් මොනවා නොකියාවිද?

:       114       39

නිමලThursday, 18 March 2021 02:36 PM

ඒක ඇත්ත....

:       0       0

puppaFriday, 19 March 2021 12:13 AM

වෙනත් අයට ඇඟිල්ල දික්කරන්නේ... හ්තු පෙන්වා දෙන්න නම් ඒක වරදක්ද? වැරැද්ද පෙන්වා දීම අගය කළ යුතුයි නේද? ජවිපය වරදක් කරලා ඇතිනම් ඔවුන්ටත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. දැන් අපිට බලන්න පුළුවන් කවුද හරි, කවුද වැරැදි කියලා.

:       0       0

RaveendraFriday, 19 March 2021 01:02 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. පළමුව අප වැරදි කරන්නේ කවුද.. එයාව කිසිවිට ආරක්ෂා නොකරන්නෝය. කලුකුමාරයා ප්‍රමුඛ රතු චිත්තකාරයින් උදේ නැගිටින්නේ අද මොකටද අපි විරුද්ධ වෙන්නේ..? අද මොකට අපි දියව් දියව් කියමින් අපේ පක්කලියන් වන අන්තරේ බූරුවන්ව පාරට දමන්නේ යන්න බව මුළුරටම දන්නා කරුණකි. කිසිදු සාධනීය අදහස් නැති මේ රතු මල්ලිලා ඊළඟ වාරයේ ලබාගන්නේ 300%ක් අඩුවෙන් බව ඒ අයම දන්නා බවත් නොරහසකි.

:       0       0

BamunuarachchiSaturday, 20 March 2021 05:52 AM

හලෝ මෝඩ කතා කියන්න එපා. රටක ජනතාවට අලුතින් යමක් එකතු කරන්න ඕනෙ නම් පළමුව කරන්නේ කරන්න යනදේ ඉදිරිපත් කර මහජන මතයක් ඇතිකරන එකයි. අදහස ඉදිරිපත් කර බලාගෙන ඉන්නවා රටේ ජනතාවගේ ප්‍රතිචාරය මොකක්ද කියලා. එක බලලා සමහර විට ටිකක් පසුකරනවා අදාළ පරිසරය හදා ගන්නකම්. එහෙමයි මෙවනි දේ ක්‍රියාවට නගන්නේ. හම්බයින්ට අමාත්‍යාංශ 42 දෙනකොට. ගම්මිරිස් ප්‍රතිඅපනයනය හම්බයින්ට දීලා ඒ කර්මාන්තය වැටෙනකොට මීක් කිව්වත් ගොබ්බයින් දැන් බුර්කාව ඉවත් නොකළේ මොකද කියලා අහනවා. කොළඹ බෝම්බ පිපිරිලා සිංහලයෝ සිය ගණනින් මැරෙනකොට කොන්ඩේ කඩාගෙන පාරේ අඬා වැටුණු අය යුද්ධය නවත්වපු නිලධාරීන්ට මානව හිමිකම චෝදනා කරනකොට ඇඟිල්ල දික්කරන්නේ රජයට... එහෙව් ගොබ්බයින් බුර්කාව ගැන කතා කරන එක පුදුම නැහැ. මේවා පැය 24 කරන්න බැරි තරමට උඩු දුවන්න මග පෑදුවේ යහපාලකයින්. දැනුත් ඔවුන්ට සුලුජාතිකයින් නැතුව රට කරන්න බැහැ. රට කරන්න ඔවුන්ගේ උදව් ගන්න... ඒ අය ඉල්ලන දේ දෙන්න වෙනවා. එතකොට සිංහලයා ඔවුන්ගේ ගාණට වැටෙනවා. එක නොතේරෙන ගොබ්බයින් මෙතන ඉන්නවා.

:       0       3

Puppa Thursday, 18 March 2021 08:51 AM

අනේ වීරසේකර නිකං පච වෙන්න එපා..ඊට ඉස්සෙල්ලා අර වන්ධ්‍යා සැත්කම් 7000ක් කළ දොස්තර සාෆිට මොකද කළේ කියන්න අපේ දෙයියෝ...? ඔයා කරන විහිළු දැකලා අපට එපාවෙලා...

:       16       276

Tharindu Perera Thursday, 18 March 2021 08:55 AM

සීනි බදු වංචාවෙන් රටම දැක්කා විලි වහගන්න මුලින් ම පාපිස්සක් දැම්මා. දෙවැනියට බුර්කාව දැම්මා. තුන්වෙනියට අහිංසක ගැහැණු ළමයෙක් පස්සේ පැන්නුවා. දැන් අනුරව අල්ලගන්න හදනවා. අයියෝ සර් අපි හිතුවේ නෑ ඔයා ඔය තරම් දෙකේ කොළේට වැටෙයි කියලා. මොනවා කළත් කවුද මන්දා ෆේල් කියන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.

:       16       230

Ranjith Thursday, 18 March 2021 09:06 AM

බුර්කා ගලවලා ඉවරද? ලොක්කා බංග්ලාදේශයට ගිහින් ආවට පස්සේ ඒවත් අර භූමදානය තහනම් කළා වගේ ඉබේම සල්ලං වෙයි ඔන්න.

:       9       192

BamunuarachchiFriday, 19 March 2021 02:39 AM

මේ සිංහලයාට බුර්කාව ගැන දුක හිතිලා වගෙයි. අනේ මෙහෙව් සිංහලයින්! මෙහෙව් ජාති විරෝධියෝ ලංකාවේ ඒ කාලේ සිටම හිටියා. ඒ නිසානේ රට වඩිගයෝ පාලනය කළේ..

:       3       2

Rata Perata Thursday, 18 March 2021 09:19 AM

මෙයයි, නන්දසේනයි නියමෙට ගැලපෙනවා. තව කෙනෙක් එකතු කර ගත්තා නම් පරණ විනෝද සමය පරද්දන්නත් තිබුණා.

:       11       177

Hafeel Thursday, 18 March 2021 09:47 AM

මෙතකම් විමල් කරපු කොන්ත්‍රාත්තුව දැන් මෙයා කරනවා. දවසෙන් දවස මොනවා හරි විනෝද කතා...

:       10       123

BamunuarachchiFriday, 19 March 2021 02:32 AM

විමල් කරපු කොන්ත්‍රාත්තුව නවත්වන්න ඕනේ නැහැ. කෙළවරක් දකිනතුරු කරගෙන යන්න ඕනේ. අපිට මෙරට හම්බයින්ට පාවාදෙන්න බැහැ.

:       2       1

BamunuarachchiSaturday, 20 March 2021 05:31 AM

අපිට විමල්ලා තව හය දෙනෙක් විතර ඕනේ...

:       7       1

BamunuarachchiFriday, 19 March 2021 02:34 AM

නැතුව.... අසාද් සාලි වගේ අයගේ කරට අතදාගෙන ඉන්න කියලද කියන්නේ..?

:       1       1

Rihan Thursday, 18 March 2021 09:24 AM

කතාව දෝලාවෙන්.. ගමන පයින්...

:       7       106

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 March 2021 09:26 AM

අප ජේවීපී එකේ හොඳ, නරක පෙන්වා දී තිබෙනවා. ඒත්, මේ වීරසේකර උන්නැහේගේ වැඩ හා වචන ගැන ඒ තරම් විශ්වාසයක් තියන්නට නම් බැහැ. අනුර කුමාරලා හොර මැර වංචා එළිකරන නිසා ඔවුන්ගේ කටවල් වැහීමත් මේ වැඩේ තවත් ඉලක්කයක්ද දන්නෙත් නැහැ. හැබැයි පුතෝ.. බලය අයුතු ලෙස යොදවා විරුද්ධකාරයන් මෙල්ල නොකොට සැබෑ වැරදිකරුවන්ට පමණක් දඬුවම් දෙන්න හිතුවොත් තමයි හොඳ... නැතිනම් අර අශ්වයාට අං ආවා වගේ හැමෝටම අනින්න ලෑස්ති වුණොත්, වැඩේ සෙල්ලං වෙන්නේ නැහැ. අනුන්ට අටවන උගුල් තමන්ටම එනවා.

:       9       163

විජිත් Thursday, 18 March 2021 10:12 AM

සමිත, ඔයාගේ උපමාව තමයි මේ කට්ටියට නියමටම ගැලපෙන්නේ. රටේ ජනතාවගෙන් අවුරුදු 5කට ඡන්දය හිඟාකාලා, " තාවකාලිකව " බලයට පත්වුණු මේ මෝඩ රැල දැන් මොනවද නොකරන්නේ..? මුළු රටේම කැළෑ කපාගන්න තමන්ගේ බත්බැලයන්ට දීලා, රටේ තැනින් තැන ඇති සංවේදීම ස්ථාන විදේශවලට විකුණනවා.. මේ රට, බලවත් රටවල යුද පිටියක් බවට පත්වෙන දවස වැඩි ඈතක නැහැ. රටේ දුප්පත්බව ඉහවහා ගිහින්. හැම අතටම ණය වෙලා. එකිනෙකා ලවා තමන්ගේ පිට කසාගන්නා පක්ෂ විපක්ෂ රාශියක් හැම තැනම. මේ ඔක්කොම රටේ ධනය හොරා කනවා. රටේ අභිවෘද්ධිය සඳහා යමෙක් කතාකළොත් ඔහුට හෝ ඇයට මරණීය තර්ජනය කරන පිස්සන් රැලක් රටේ හැම තැනම බිහිවෙලා. මේ අමන, මෝඩ, බුද්ධි හීන, මිනීමරුවන් මේ රට ඇදගෙන යන්නේ මහා ප්‍රපාතයකටයි.. ඒ වගේම අපිට ශක්තිමත්, අවංක ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ලබන 22 දා අපිට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේ තිබෙන ඡන්දෙන් අපි පැරදුනොත් අපේ රටේ ඉරණම ඒ අය තීරණය කරන තැනකට ඇදිලා යාවි. ඒ තීරණ " රටේ ජනතාවගේ " (හොර දේශපාලුවන්ගේ නොව) ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකි ශක්තිමත් ඒවා "නොවුනොත්" අපි පතන ප්‍රජාතන්ත්‍රවාදය සිහිනයක්ම වේවි...!!!

:       4       94

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 18 March 2021 10:39 AM

ස්තූතියි විජිත්

:       5       38

Hafeel Thursday, 18 March 2021 09:44 AM

මේවා පදනම් විරහිතයි. ජනතාව මුලා කරන කතානේ. එහෙම නම් කරුණා මහින්දගේ යුගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වුණා. එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමති වුණා. හිටපු ජනාධිපති මහින්දගේ උපදේශක වුණා. පිල්ලෙයාන් මහ ඇමති වුණා. දැන් පොහොට්ටුවේ ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්නේ ටිරාන් අලස්ම කිව්වානේ.. 2005දී උතුරේ ඡන්ද වර්ජනයට කොටින්ට මුදල් දෙන්න ඔහු සම්බන්ධීකරණය කළයි කියලා. එතකොට මේවා හරිද?

:       7       109

chandana Thursday, 18 March 2021 09:52 AM

මෙයා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මනාප වලින් වැඩිම.. එහෙනම් තේරෙනවනේ අපේ රටේ තත්වේ..

:       7       96

chithra Thursday, 18 March 2021 10:18 AM

ඔව්, රටේ අගනගරය වුණත් කොළඹ වැඩිපුරම ජීවත්වන්නේ මෝඩ, බයියන්. නැතිනම් මේ වගේ අය දියවන්නාවට පත්කරගනීද?

:       7       85

Nelum Thursday, 18 March 2021 10:00 AM

අතටම ජවිපය ෆිනෑන්ස් කරන්නේ කවුද කියන එක ලොකු රහසක්. මේවා කවදා හෝ සියලු දෙනා දැනගත යුතුයි.

:       106       23

Puppa Thursday, 18 March 2021 11:37 AM

ඔයා දන්නවා නම් අපවත් දැනුවත් කරන්න. අපි මේ ගැන හොයනවා... අපිට තාමත් හෝඩුවාවක් ලැබුණේ නැහැ.

:       3       66

anaThursday, 18 March 2021 04:25 PM

ඇයි ජවිපෙ ගැන විතරක්...?

:       0       0

mohomed Thursday, 18 March 2021 10:02 AM

අනුර කුමාරගෙන් ප්‍රශ්න අහන්න කළින් සහරාන්ට පඩිදීපු නඩ සංගම් කට උත්තර ගත්තා නම් හරි.

:       4       111

nimal Thursday, 18 March 2021 10:15 AM

මේ මනුස්සයාව වහාම අංගොඩ යවන්න..

:       4       87

Bamunuarachchi Thursday, 18 March 2021 11:03 AM

මේ ගොයියාගෙන් ප්‍රශ්න කළයුතුමයි. මෙයා තමයි ශ්‍රී ලාංකික කියලා 75%ක් සිංහල ජනතාව.. 20%ක් සිටින සුළු ජාතිකයින් සමග සමකරන්න හදන්නේ. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ රට මුස්ලිම් වුණාමත් මේ ගොල්ලන්ට JVP කරන්න හම්බවේවි කියලා.

:       92       16

බණ්ඩා Thursday, 18 March 2021 03:17 PM

මේ තවත් සරත් වීරසේකර වගේම තවත් කෙනෙක්. අනුන්ට අනින්න ගිහින් ඇන ගන්න වෙන දවසක් තව ටික කාලෙකින් එනවා. එදාට අපි බලමු. 88/89 කාලෙත් ඔහොම පැන්න අය හිටියනේ.

:       0       0

Raveendra Thursday, 18 March 2021 11:21 AM

ඉස්සර උපමාව - වඳුරට දැළි පිහිය අහු වුණා වාගෙයි. අලුත් එක - සරත් වීරසේකරට ආරක්ෂක ඇමතිකම ලැබුණා වගේ...

:       7       81

Puppa Thursday, 18 March 2021 11:39 AM

මෙයා දැන් ඉන්නේ නිරුවතින්... මොකද ෆොන්සේකා මහත්තයා මෙයාගේ රෙදි ඔක්කෝම ගලවලා...

:       6       77

anil Thursday, 18 March 2021 02:40 PM

ෆොන්සේකා මහත්තයා මෙයාගේ රෙදි ගලවලා ...

:       0       0

ජයන්ත Thursday, 18 March 2021 01:09 PM

ඉල්ලන් කන මෝඩ කතා. බලයට ආපු දා ඉඳලා නානවා. අනුර සමග වන කටඋත්තර මාධ්‍යයට විවෘත කළ යුතුයි. එතකොට අපිට සහරාන්ට පඩි නඩි දීපු තැන ඉඳලා සියලුම කතා දැනගන්න පුළුවන්...

:       5       73

BamunuarachchiFriday, 19 March 2021 04:57 AM

ජෙප්පෝ කට ඇරලා කරපු මගුලක් නැහැ නේද? උන්දලම 3% වැටුණා මිස. මොකද අපි ජෙප්පන්ට කතිරේ ගහනවා කියලයැ.

:       18       3

BamunuarachchiSaturday, 20 March 2021 06:03 AM

හලෝ JVP නායකයින් කරන්නේ ඩීල් එකක් බව නොදන්නා ගොබ්බයින් රටේ 3%ක් ඉන්නවා. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනකොට වර්ජන, තර්ජන, උද්ඝෝෂණ කරපු අනුර බටහිර පර්යන්තය දෙනකොට මීක් නැහැ. එතකොට ඒ උද්ඝෝෂණ කලේ පොහොට්ටුවේ වුවමනාවට නේද? හම්බන්තොට චීනෙට දෙනකොට නැගෙනහිරට කළ වර්ජන, තර්ජන, උද්ඝෝෂණ කළාද?... නැහැ. ඒ රනිල්ගේ වුවමනාවට. හලෝ JVP බින්දුවට වැටුනත් JVP නායකයෝ පඩි නොගෙන සැපට ජීවත් වෙනවා. ළමයි අධිරාජ්‍යවාදී රටවල ඉගෙන ගන්නවා. ඔහෙලා තාප්ප හොයහොයා පාප්ප ගානවා. පෝස්ටර් අලවනවා. JVP එකේ හිටිය නායකයින් JVP යෙන් අයින් වුණාම මුදලාලිලා නේද?

:       4       3

සුරේෂ් ද සිල්වා Thursday, 18 March 2021 03:56 PM

මේ මනුස්සයාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නල බේත් අරන් දුන්නා නම් හොඳයි. මහජනයාගෙන් යැපෙන අන්දරේලා ඕනෑවටත් වඩා ඉන්නවා. දැන් ඇති...

:       0       0

සෙනෙවිරත්න Thursday, 18 March 2021 04:28 PM

මේ ඊබ්‍රාහිම්ට මහින්ද 2015ට පෙර මොනවා හරි සම්මානයක් දුන්නා නේද? එතකොට මහින්දගෙනුත් කටඋත්තර ගන්නවාද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 18 March 2021 04:29 PM

මෙයා තමයි ඉල්ලන් කන ඇමැති...

:       0       0

Kumara Thursday, 18 March 2021 04:39 PM

අනේ පව්, අපරාදේ... ඔයා ඉල්ලගෙනම කන්නයි හදන්නේ...!!! 

:       0       0

chandana Thursday, 18 March 2021 05:25 PM

මෙයා ජාතික වීරයෙක් ලෙස සලකගෙන ඉහළ ඡන්ද ප්‍රමාණයකින් ඇමැති කෙනෙක් කළා. ඒත් දැන් මෙයා නිකන්ම ජෝකර් කෙනෙක් වෙලා කඩේ යනවා තමන්ගේ ඉදිරිය ගැන හිතලා...

:       0       0

මෝ Thursday, 18 March 2021 06:12 PM

මොන කොමිසම් දැම්මත් කාගෙන් ප්‍රශ්නකලත් මොන පක්ෂය වුණත් ඔය කවුරුවත් දඬුවම් විඳින්නේ නැත. නිදොස් වී නිදහස් වෙනවා සත්තයි.

:       0       0

කමල් Thursday, 18 March 2021 06:53 PM

ආදාහනයද? භූමදානයද? තාම තෝරගෙන නෑ නේද?

:       0       0

Demuni Uduwara Thursday, 18 March 2021 09:51 PM

ගෝඨාභයගෙනුත් ප්‍රශ්නයක්...!!! 

:       0       0

Perera Thursday, 18 March 2021 11:25 PM

විරුද්ධවාදීන් ඔක්කොමලා හිරකරලා, විපක්ෂය නිශ්ශබ්ද කරලා සිංගප්පූරුවේ ලේක්වාන් යූ වගේ ලංකාව සිංගප්පූරුවක් කරන්නද හදන්නේ? එහෙම නැතිනම් උගන්ඩාවේ ඉඩි අමීන් කළා වගේ ලංකාව උගන්ඩාවක් කරන්නද හදන්නේ..?

:       0       0

ranjith Friday, 19 March 2021 12:36 AM

දේශපාලන විරුද්ධකම් නෙවෙයි... මෙම අපරාධයට මුල්වුණු අය නේද නීතියේ රැහැනට ගෙනආ යුත්තේ?

:       0       0

kumara Friday, 19 March 2021 02:37 AM

කතාකරන තෙක් මෝඩයා පණ්ඩිතයෙක්ලු...

:       0       2

පිටිගල මිලානෝ Friday, 19 March 2021 05:07 AM

සරත් ෆොන්සේකා මේ වගේ සෙට් එකක් එක්ක යුද්දේ කොහොම කලාද කියලා හිතාගන්නත් අමාරුයි.

:       0       18

Nihal Friday, 19 March 2021 05:26 AM

හමුදාවලටත් ලැජ්ජයි.

:       1       10

dananjaya Friday, 19 March 2021 05:27 AM

කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට පක්ෂයේ තනතුරු දුන්න හැටිත් හොයන්න වෙයි

:       1       11

පිටරැටියා Friday, 19 March 2021 10:46 AM

කරුණා අම්මාන්ට හොර පාස්පෝට් එකක් හදලා දීලා UK වලට එවපු එකත්, ලියම් ෆොක්ස් ගෙන්න ගෙන කරපු හරිය ගැනත් හොයන්ඩ වෙනවා.

:       0       3

BamunuarachchiSunday, 21 March 2021 12:56 AM

ගුණමකු වෙන්න එපා.. යුද්දෙදී කරුණා අම්මාන් පිල්ලෙයාන් තම ජාතියට විරුද්ධව ගිහිල්ලා සිංහල හමුදාවට දීපු සහයෝගය... රනිල්ගේ ආණ්ඩුව දුන්නේ නැහැ. ඔවුන් කිලිනොච්චිය, මැදවච්චිය දැනගෙන හිටියේ නැහැ. රනිල්ලා වහේ සිංහලයින්ගෙන් අබමල් රේණුවක සහයෝගයක් යුද්දෙට ලැබුනේ නැහැ. 2005 රාජපක්ෂවරු බලයට නාවා නම් අද උතුර පාලනය කරන්නේ ලෝකේ බලවත්ම කියා ලෝකයා කියපු රනිල් පරාද කරන්න බැහැ කිව්ව ත්‍රස්තවාදියන්. තේරුණාද? ඔයාව හිතන ගොබ්බ සිංහලයින් ඕනෑතරම් රටේ ඉන්නවා.

:       0       0

duminda Friday, 19 March 2021 11:29 AM

සරා ගොයියා මරු මිනිහා . තුවක්කුවක් කරේ තියා අවි පුහුණුව දෙන්න ගියා

:       1       7

Nihal Friday, 19 March 2021 10:23 PM

යුදබිමේ විහිලුකාරයා..

:       1       4

BamunuarachchiSunday, 21 March 2021 12:59 AM

කිලිනොච්චිය, මැදවච්චිය දැනගෙන නොසිටි රනිල්ලා හිටපු රටේ ඔයවගේ හිතන ගොබ්බ සිංහලයින් ඕනෑතරම් රටේ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 152 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 402 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1024 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1320 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 441 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 206 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site