(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මහා භාණ්ඩාගාරය එම ව්‍යාපෘතියට අවශ්‍ය ඩී.අයි පයිප්ප සහ උපාංග ගෙන්වීමේ කාර්යය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවරා තිබූ අතර එම මණ්ඩලය එම කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදී තිබිණැයි ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.
එම භාණ්ඩ බදු නොගෙවා ගුදම් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා රේගු සටහන් කර 8ක් නිකුත් කර ඇතැයි කියන කමිටුව භාණ්ඩ ගුදම්කර වටිනාකම ඇමෙරිකා ඩොලර් 5139621ක් නමුත් එම භාණ්ඩ ගුදමෙන් නිදහස් කර ගැනීමේදී දේශීයව සැකසූ ඉන්ඩෙයිස් භාවිත කර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් 6350364ක් ලෙස දක්වා ව්‍යාජ තොරතුරු සටහන්කර ඇමෙරිකා ඩොලර් 1207598ක මුදලක් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා ගැනීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානයට යොමු විය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශීය මෙන්ම දේශීය මුදල් ද අයාථ ලෙස ලබාගෙන තිබියදී ශ්‍රී ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය.
මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගුඅධ්‍යක්ෂ ජනරාල්වරයි මෙහිදි සඳහන් කළේය
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට
සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 March 2021 12:57 AM
"හොර මැර වංචාව පිරිලා සතර අතේ ... ඉහළ සිටම පහළට එය ගලනු ඇතේ ... ඉහළ හොරුන් සැම තැනකම නිදොස් වෙතේ ... පහළ එවුන් ගැන පමණක් සොයනු ඇතේ ... "
bandula Monday, 15 March 2021 03:42 AM
කජු ඇටද? කොස් ඇටද?
janabala asamagi Monday, 15 March 2021 03:42 AM
ගෝල්ඩන් කී ආයතනයේ තිබෙන ජල සම්පාදන එක ඉංජිනේරුවන්ගේ මිලියන 21.. මේවායෙන් උපයාගත් මුදල් තම විධායකයේ වත්කම් පරීක්ෂා කළොත් ඔක්කොම එළිවෙනවා.
sharm warn Monday, 15 March 2021 03:56 AM
අපෝ... ඉතින් මේක විතරද මේ රටේ බහිරවයා ගිල්ලේ සහ ගිලින්නේ..? චීන බහිරවයෙකුයි, ඉන්දියන් බහිරවයෙකුයි රටේ ඉඩම් ගිලගෙන ගිලගෙන යන්නේ ඔය ඇස් ඉස්සරහා පිටම... මොකෝ රටේ ඉන්න බූරුවන්ට වගේ වගක් තියෙනවා කියලද?
jagath Monday, 15 March 2021 04:27 AM
නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.... "ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදි සඳහන් කළේය..."
Purawesiya Monday, 15 March 2021 04:38 AM
මෙම ආයතනය බිස්නස් ගනුදෙණු වලදී හරිම කුප්‍රකට විදිහට මීට පෙර නොයෙකුත් අවස්ථාවලදී හැසිරී තිබෙනවා නේද? මෙවර මෙයා එළියට ආවේ කාට හෝ දෙන්න පොරොන්දු වූ කොමිෂන් එකක් නොදුන් නිසාද?