IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනක පන්නන්න සියල්ල සූදානම්

 

(යොහාන් භාසුර)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පැවසීය.

ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ක්‍රම කීපයක් ඇති බවත් ඉන් වඩාත් සුදුසුම ක්‍රමවේදය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා කීය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුව රැස්වන මීළඟ පළමු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනක රත්නායක මහතාට එම ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව කී අමාත්‍යවරයා ඔහුට රාජ්‍ය ආයතනයක කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට පාර්ලිමේන්තු කාරක සභාවකින් ද දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.

ජනක රත්නායක මහතා කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවකදී මහතාට ඒ සඳහා සුදුසුකම් නොමැති බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (36)

ජනක පන්නන්න සියල්ල සූදානම්

Lal Sunday, 29 January 2023 01:00 PM

කොහොම වුණත් වැඩේ හොඳයි... ඒ මිනිහා කරදර කාරයෙක් විතරයි.

:       173       80

Dinesh Sunday, 29 January 2023 02:14 PM

ඔව්... මිනිහා කරදර කාරයෙක්. අපි වෙන කෙනෙක් දාලා කරන්ට් බිල වැඩිකර ගනිමු. අපි කොයිතරම් දුක් වින්දත් මන්ත්‍රී උත්තමයෝ සැප විඳින්න ඕනෑ.

:       41       171

randilMonday, 30 January 2023 10:01 AM

මෙ වගේ රටට හෙන ගැහුවත් රට කරන දුර්ජනයො ඉනකල් මෙ කලකන්නි රගනව

:       0       19

Sisira Sunday, 29 January 2023 01:03 PM

ඔබතුමා ජනකව පන්නන්න... අපි ඔයාලව පන්නන්නයි ඉන්නේ...

:       64       225

පැරකුම්Sunday, 29 January 2023 01:57 PM

අපේ ආණ්ඩුවක් ආවහම බලන්න ජනකට එන තැන...

:       43       81

මහසෙන් Sunday, 29 January 2023 01:31 PM

තමුන්ලා දෙන්නම රඟන්නේ නාට්‍යයක්. ඒකෙන් අන්දවන්නේ රට්ටුන්ව. දැන් ද තමුන්ට මෙයාගේ සුදුසුකම් හොයන්න මතක් වුනේ. කොහොම හරි ලයිට් කපන වැඩේ එකතුවෙලා කරන් යනවලා. බිලත් ඒ විදියට නග්ග ගන්නලා...

:       9       175

මරිසිපාල Sunday, 29 January 2023 01:34 PM

එහෙම නොකර කොහොමද කොමිසමේ ඉන්න එක් අයෙක් කෙළ පෙරමින් පොහොට්ටුව දිනවන්න වගේම යහපාලනය නැතිකරන්න කොපමණ වලිකෑවාද කියලා සමහර නාලිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කළ අවස්ථාවල දැකලා හොඳට පුරුදුයි... ඇමැතිතුමා කොහොමින් කොහොම හරි වැඩි සුදුස්සාට මුල්තැන දෙන්න එපායෑ නේද? එයා සභාපති ජනක උන්නැහේ විවේචනය කළ ලිපියක් සති අන්ත පුවත් පතකත් තිබුණා නොවැ...

:       61       31

මරික්කාර් Sunday, 29 January 2023 01:44 PM

මහජනතාවට දැනට අවශ්‍ය වන්නේ කංචන විජේසේකර ඇමැතිකමින් පන්නන්න. මහජනතාව වෙනුවෙන් කතාකරන රජයේ නිලධාරීන්ව කිසිසේත් පාලකයින්ට කැමතිම නැහැ.

:       83       93

amila Sunday, 29 January 2023 01:44 PM

හොර පොහොට්ටුවෝ පන්නන්න රටම සූදානම්..!

:       45       117

Rata Perata Sunday, 29 January 2023 02:01 PM

මේ වගේ කෙනෙක් කොහොමද ඇමැති කෙනෙක් වුණේ? මෙයාගේ තාත්තගේ සෙල්ලම් අපිට හොඳට මතකයි. අනිත් එක උසස්පෙළ කාලේ ළමයින්ට පාඩම් කරන්න විදුලිය දෙන්න ඕනෑ කියන කෙනාව පන්නන්න හදන කාලකණ්ණි දේශපාලුවන් රටට ඕනෑ නැහැ.

:       32       120

Hafeel Sunday, 29 January 2023 03:04 PM

ඔව්, ඔව් ඔබ නිවැරැදියි. මෙයාගේ තාත්තා තමයි චීන සමාගමකට අපේ මුහුදෙන් මාළු අල්ලන්නත්, ඒවා ටින් කරලා, අපිටම විකුණන්නත් අවසර දුන්නේ...

:       7       95

sweneSunday, 29 January 2023 05:25 PM

මෙයාගේ තාත්තාට දඬු වමක් ලැබුනා. කාගෙන් හෝ මෙයාටත් ලැබෙයිද ?

:       0       0

Channaka suresh gurusinghe Sunday, 29 January 2023 02:15 PM

හරි හරි.... ඕනෑ කෙනෙක් පන්නන්නකෝ... දෙන්නේ මේ පාර ඇප නැතුව දුවන්න...

:       20       86

නිහාල් Sunday, 29 January 2023 02:16 PM

ඔය දෙන්නම කරන්නේ බොරු රඟපෑමක් කියන්න අපි දන්නවා...

:       11       83

nandana Sunday, 29 January 2023 02:30 PM

ජනතාව වෙනුවෙන් කතාකරන නිලධාරීන් පන්නලා බඩුමිල, බිල් ඔක්කොම වැඩිකරලා හොරුන් ටික එකතු වෙලා, තවත් තියෙන දෙයක් හොරකම් කරලා රට විනාශ කරන්න..

:       43       53

fairoos Sunday, 29 January 2023 02:35 PM

මෙලෝ රහක් නැති අය වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ...

:       30       31

Hafeel Sunday, 29 January 2023 03:20 PM

ජනකගේ සුදුසුකම් බලන්නට කලින් මෙයාගේ සුදුසුකම් කොහොමද කියලා බලන්න ඕනේ. මෙයාට විදුලිය පිළිබඳව හෝ ඉන්ධන පිළිබඳව හෝ දැනුමක් තියනවාද? මේ ජනාධිපතිත් හිටපු ගෝඨාභයත් සුදුස්සන්ට සුදුසුතැන දුන්නේ නැහැ. සෞඛ්‍ය සහ කෝවිඩ් මර්ධනයට පත් කළේ සෞඛ්‍ය පිළිබඳව කිසිම අවබෝධයක් නැති අයට. ඒකේ ප්‍රතිඵල තමයි පවිත්‍රා කෝවිඩ් මර්දනය කරන්නට ගඟේ මුට්ටි හලපු එක. වෛද්‍ය රමේෂ් පතිරණට වැවිලි කර්මාන්ත සහ වෛද්‍ය සුදර්ෂනීට බන්ධනාගාර ඇමැතිකම. මේ ඇමතිලාත්... නිකම් හම්බවුණොත් දෙමළ පත්තරයත් කමක් නැහැ වගේ, තමන්ට අදාළ නැතිවුණත් කමක් නැහැ බාරගත්තා...

:       17       58

Buddika Sunday, 29 January 2023 03:24 PM

මේ කාංචන අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ මහ ඡන්දයක් එනතෙක් කෘතගුණ සලකන්න ඔහෙලට.. මහ ඡන්දෙන් පස්සේ ඉතා දීර්ඝ නිවාඩුවක් ජනතාව ඔහෙලාට දෙනවාමයි...

:       13       65

Pk Sunday, 29 January 2023 03:46 PM

මොනවා කළත්, ඔයාටත් වෙන්නේ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න... අපි ඉන්නෙත් ඔයාලව පන්නන්න තමයි ඇමැතිතුමෝ...!

:       8       40

Pankumburage Sunday, 29 January 2023 03:49 PM

මේ වෙලාවේ ජනක ඉන්නේ ජනතාව සමග, හොරුන්ට ජනකලා හරියන්නේ නැහැ.

:       36       44

Mangala Wellambure Sunday, 29 January 2023 03:52 PM

තාත්තා කරපු වැඩවලට දැන් සැපට විඳවනවා. මේ දරුවන්ට කරන දුෂ්ඨකම් වලට මෙයාටත් ඉක්මණටම ඵලදෙනවා. පිටිපස්සෙන් බෙල්ලට එකපාරයි ගහන්න තියෙන්නේ..

:       26       41

osharap Sunday, 29 January 2023 04:12 PM

ඔක්කොම පැන්නිලි තව ටික දොහයි අම්මා. ගැට හත ගහල තියෙන්නෙ දැනටම නූලෙ ඔයාලව පන්නන

:       0       0

Water Sunday, 29 January 2023 05:35 PM

සුදුසුකම් නැති අයෙක් පත්කළේ විදුලි බල මණ්ඩලය විසින්ද? නොඑසේ නම් ජනතාව විසින්ද? මුලින්ම පත්වීමට වගකිව යුතු අය රටට හෙළි කරන්න. රජයේ ආයතන වලට මිනී මරලා හිරේ ගිය අය පවා පත්කළ බව රටම දනී.. කොම්සමේ ඉන්න එහෙයියාද සුදුස්සා..?

:       10       29

Kumara Sunday, 29 January 2023 05:44 PM

ඇමැතිකම් දාලා යන්න ලෑස්තිවෙන්න.

:       10       38

chinthaka Sunday, 29 January 2023 06:29 PM

ජනකගේ සුදුසුකම් බලන්න කලින් ඔය ඇමතිගේ සුදුසුකම් මොනවාද කියලා හොයන්න.එක සුදුසුකමක් අපි දන්නවා ඒකාලේ " තාත්තා එක්ක එකතුවෙලා මිනි මරපු එක. තිස්සමහාරාමේ සමුපකාරය මංකොල්ලකන්න සහයදීම. ගුරුපත්වීම් දෙනවා කියලා ස්ත්‍රී දුෂණය. ( නම් ගම් සමග ඕනැද ? )

:       0       0

Rathnayaka - devinuvara Sunday, 29 January 2023 06:33 PM

මේ ඇමතියා මොලේ අමාරුකාරයෙක්. චන්දෙදි බලාගමුකෝ.

:       0       0

හර්ශ Sunday, 29 January 2023 06:43 PM

තව ටිකක් චන්දෙ කිට්ටු කරල පන්නන්න. නැත්නං ඕව මිනිස්සුන්ට අමතක වෙනව

:       0       0

සුප්පයියා Sunday, 29 January 2023 06:51 PM

ජනක නෙමෙයි පන්නන්න ඕනෑ නුඹයි බෝඩ් එකේ ඉන්න හොරු ටිකයි.හිටපන් ජන බල වේගය බලයට එනකන්.එතරම් නට පල්ලා.

:       0       0

අයියෝ සාමි Sunday, 29 January 2023 07:13 PM

පුස්සන්,නිස්සන්,පිස්සන්,නුසුදුස්සන් තනතුරු වලට පත්කරල යවල ජහමනයා ඇතිවෙන්න දුක වළදනවා. අයියෝ සාමි!!!

:       0       0

Rasika Sunday, 29 January 2023 08:04 PM

මේ අය හොරකම් තමයි කරන්නේ... නාමල්ට තැනක් නැතිවෙයි කියලා තමයි කංචන ලෙඩ දාන්නේ. ලංකාව ඉන්න ගැලරියට ඕවා තේරෙන්න තරම් මොලයක් නැහැ. අන්තිමේ රාජපක්ෂ නූල් සූත්තරවලට නැටවෙනවා...

:       0       8

chandana Sunday, 29 January 2023 10:44 PM

හරි ඇමතිවරයෙක් නම් මේ වෙලාවේ කරන්න ඕනේ කාටවත් බැන බැන ඉන්න එක නෙවෙයි. රටේ අනාගත පරම්පරාවක ඉරණමට අදාල උසස්පෙල විභාගය වෙනුවෙන් විදුලිය අඛණ්ඩව දෙන එකයි.

:       0       0

DILUM Monday, 30 January 2023 09:56 AM

සුදුසුකම් උඹටත් නෑනෙ

:       0       16

නරේන්ද්‍ර ගුණතිලක Monday, 30 January 2023 12:32 PM

ජනක උපාධියක් තියෙන ව්‍යාපාරිකයෙක්. මේ කාළකන්නි ඇමැතියාගේ සුදුසුකම් මොනවද?

:       0       17

sumith Monday, 30 January 2023 03:33 PM

මම දැකපු දේ මන්ත්‍රී හිතාගෙන ඉන්නව ඒයාට අව්‍යශ්‍යදේ එයාට කරන්ඩ පුළුවන් කියල. කාන්චන කියන්නෙ දඩබ්බර චරිතයක්

:       0       3

චන්දිම Monday, 30 January 2023 05:46 PM

මේ සමහර දේශකාපාලුවන් ළමයි ඉගෙන ගන්නවාටත් අකමැතියි. ඔවුන්ට අපොස උසස් පෙළ සමත්වෙලා මෙරට සරසවියකට යන්න බැරිවෙච්ච එකේ වාඩුව ගන්න හදන්නේ මේ අහිංසක ළමයිව විභාගෙදි නනත්තාර කරවලා. මේ දෙෂකාපාලුවෝ තමන්ගේ මහවුන් විවිධ අයතා ක්‍රම වලින් හම්බ කල සල්ලි වලින් ඔය පිට රටවල සල්ලි වලට දෙන උපාධි ගහලා ඇවිත් හරි උගත් බුද්ධිමතුන් විදියට රඟපාන්න හදනවා. වචනේ දෙක කතා කරන කොට තේරෙනවා මේ උන්දලාගේ රට උපාධියේ තරම.

:       0       4

Piyal weerasinghe Tuesday, 31 January 2023 10:11 PM

අපි උඹලා ඔක්කොම පන්නන දිනය වැඩි ඈතක නැහැ .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 41 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 92 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 112 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 153 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 404 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3454 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site