IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


චන්දිමාල් - පියුමි උසාවි යති

නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින සෙසු 14 දෙනා, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇතැයි චන්දිමාල් ජයසිංහගේ නීතීඥවරුන් 'ඩේලි මිරර්' සමඟ පවසා ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උසාවියට අපහාස කළ බවත්, පසුගියදා 'යූ ටියුබ්' වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් එම නීතීඥවරු පෙන්වා දෙති.

චමුදිත සමරවික්‍රම,අධිකරණය විවේචනය කළ බවත් අධිකරණයට අපහාස කළ බවත්, ඔහු මුහුණු ආවරණයක් නොමැතිව යූ ටියුබ් වැඩසටහනකට සහභාගී වීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවත්, චමුදිත සමරවික්‍රමට ද නීතිය සමාන විය යුතු බවත් චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි දෙදෙනාගේ නීතීඥවරුන් පෙන්වා දී තිබේ.

නීතීඥවරු කොටුව පොලිසියට සහ රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.ඊට අමතරව, ඒ බව ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාවෙත ලිඛිතව දන්වා යැවූ බව ද පැවැසෙයි.

ජමිලා හුසේන් ඩේලි මිරර්



අදහස් (23)

චන්දිමාල් - පියුමි උසාවි යති

Praase Tuesday, 08 June 2021 11:24 PM

හා හා ඔහොම ගියොත් ජනාධිපතිතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා උසාවියයි, සූම් තාක්ෂණයයි භාවිතා කර ජාත්‍යන්තර මිටින් තිබ්බට මුහුණු ආවරණ නැතිව...

:       0       4

Shan Tuesday, 08 June 2021 11:34 PM

මෝඩ මිනිස්සු ඉන්න රටක්..

:       0       15

Sri Lanka Tuesday, 08 June 2021 11:45 PM

පුදුම විදිහට මේ කේස් එකට කඩේ යන්නේ...!!! 

:       0       2

sriyal Tuesday, 08 June 2021 11:47 PM

හොඳටම පිස්සු තදවෙලා..!! 

:       0       2

Ruhunu Tuesday, 08 June 2021 11:55 PM

හරිනම් පුනුරුප්තපනය කරන්න ඕන ළමයි මේ.

:       0       2

chandima Tuesday, 08 June 2021 11:57 PM

අඩේ වැඩේ අල වෙන්න වගේ යන්නේ

:       0       13

karu Wednesday, 09 June 2021 04:11 AM

චමුදිතට පින්සිද්දවෙන්න මේ හොර රැල අල්ලා ගත්තා. ඔහු කොහෙවත් අධිකරණයට අපහාස කරලා නැහැ. හැබැයි ඉතින් ගොරකා දඩමස් කරන හොර පෙරකදෝරුවන්ටත් හොර නඩුකාරයින්ටත් ඕනදෙයක් කරන්න බලය තියෙන කාලයක් මේක. ප්‍රවේශමෙන්, වෙන ආණ්ඩුවක් බලයට ආවොත් නඩු කාරයාටත් දෙවියන්ගේම පිහිටයි. එයාටත් කූඩුවක් වෙන්කරලා තියන්න.

:       14       58

lakvidu Wednesday, 09 June 2021 05:21 AM

මම චමුදිතට සහාය දෙන්නේ නැහැ. ඒත් මේ දෙන්නා ඉල්ලන් කන්නයි යන්නේ. මේ නෝනා යූ ටියුබ් හරහා චමුදිතට කළ අපහාසෙට වන්දි ඉල්ලුවොත් රෙද්ද ගැලවිලා තමයි නවතින්නේ...!!! 

:       22       26

Reks Wednesday, 09 June 2021 05:47 AM

එතකොට මේ නෝනා අර බස් එක ඇතුලේ ඉන්දියන් වට්ටි අම්මා වගේ කෑගහනකොට ඔය කියන මුඛ ආවරණය තිබුණේ කොහේද මන්දා..?

:       1       128

මුණසිංහ Wednesday, 09 June 2021 06:58 AM

මේ දෙන්නා උඩ පනිනවා වැඩියි. මෙයාලා කියන විදියට නිවුස් කියන්නත් ඕන මාස්ක් දාගෙන. (චමුදිතගේ වැඩේ ගැන මම දන්නේ නැහැ) වැරදි කරලා උඩ පනින එක වැරදියි. මෙයාලා නිවැරදි කරුවන් නොවෙයි.

:       1       59

saali Wednesday, 09 June 2021 07:19 AM

යුක්තිය, නීතිය, නීතිය ඉදිරියේ සමානාත්මතාවය... මේවා තුට්ටුවකටවත් මායිම් නොකළේ මේ දෙන්නා නේද?

:       1       69

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 07:26 AM

මේ ප්‍රශ්නයේදී ජන සන්නිවේදකයෙකු ලෙස මා අදහස් දක්වනුයේ මධ්‍යස්ථ මතයක සිටයි. පියුමිගේ ඇතැම් හැසිරීම් ගැන අපටද ගැටළු තිබේ. එහෙත් එය ඇයගේ නිරූපණ වෘත්තිය හා සම්බන්ධ දේය. නීතිය ඉදිරියේ පියුමි මෙන්ම අන් අයටද සමාන අයිතිවාසිකම් ඇත. කිසියම් පරිපාලන ක්‍රියාවක් නිසා හෝ ආයතනයක් හෝ රජයක් හෝ පුද්ගලයෙකු ඒවා උල්ලංඝනය කළහොත්, හානිය වූ අංශවලට අධිකරණයේ පිහිට පැතිය හැකිය. චන්දිමාල් හා පියුමිගේ නීතිවේදීන්ට මේ පියවර ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම අනෙක් පාර්ශවයෙන් සාදා දුන්නාදැයි නොදනිමු. ඒ කෙසේද යත්, ඔවුන්ට අධිකරණයෙන් නීතිය ක්‍රියාත්මක කොට තිබියදී, ඊට පරිබාහිරව කවුරුන් හෝ නීතියට පටහැණි දේ සිදුකළ බව ඔවුන් ඔප්පුකල යුතුව ඇත. ඒ වගේම, තම ප්‍රතිවාදියා අධිකරණයට අපහාස කිරීම හා නිරෝධායන නීති උල්ලංඝනය කළ බව පැහැදිලිව ඔප්පු කළ යුතුය. නාටාමියා, මාළුකාරයා යන අපහාස වදන් ඇති වීඩියෝව ඇයට විශාල අවාසියක් ගෙනදිය හැකි බවත්, පැවසිය යුතුව ඇත. කෙසේ වෙතත්, කාගේ කාගෙත් හුණු කිල්ලෝටවල හුණු ටිකක් හෝ තිබිය හැකි බැවින්, මේවා සාමයෙන් බේරාගැනීම අගනේය...

:       54       42

Sisira Wednesday, 09 June 2021 09:15 AM

කවුරු නැත්තන් ඇමැතිතුමා උදව්වක් කරයි.

:       3       77

ගගන Wednesday, 09 June 2021 09:53 AM

ඉවරයක් නෑ කුස්සියේ වලිය. ප්‍රකටත්වය තියෙන්නේ අර කළු අය සුදුවෙන්න දඟලන ආධුනික අතරමං වූ නළු නිළි ව්‍යර්තකයින් අතරේ විතරයි. කවුද මෙවැනි අශීලලෙස අන්තර්ජාලයේ වැජඹෙන්න උත්සාහකරන අයෙක්ට මෝස්‌තර නිරුපිකාවක් කියන්නේ? මෙම වචනයේ තේරුම දන්නවද? නිකන් මාධ්‍යයේ මෙවැන්න වටා රොක්ව සිටිනා පාඨකයින් සහ මෙහි පරිශීලකයින්ට මේ වේබ අඩවියේ තත්ත්වය පහතට දමා එපා නොකරන ලෙස ඉල්ලමු...

:       2       57

DewaWednesday, 09 June 2021 11:15 AM

බොරු සමයන්...

:       1       7

mihira Wednesday, 09 June 2021 10:28 AM

චමුදිත දැන් බයවෙයි... නේද? අනේ මේ වගේ අය ඉන්නවද තවත්...?

:       8       54

ගමාWednesday, 09 June 2021 01:07 PM

රංජන් රාමනායක මහත්තයාටත් ⁣ඔහොම කියලා තමයි චූන් කලේ... අද ඒ අසරණයා තනියෙන් හිරබත් කනවා...

:       0       24

Nuwan Wednesday, 09 June 2021 11:19 AM

මගේ පුංචි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා...

:       2       83

Ravendra Wednesday, 09 June 2021 12:06 PM

මේවා ගැන කතා කරල වැඩක් නැ

:       0       5

fairoos Wednesday, 09 June 2021 12:17 PM

ඔහොම ඇදගෙන යමු තව සති දෙක තුනක් පුලුවන්

:       1       22

kamal Wednesday, 09 June 2021 12:59 PM

අපි පියුමිට, පියුමි අපට...

:       3       2

RS Wednesday, 09 June 2021 03:29 PM

14 අවසන් වි එළියට ආව ගමන් චමුදිත අනිවාර්යයෙන් නඩු දානවා. නඩු දාන්න තරම් පියුමි ඔහුට අපහාස කළා. මේක නම් නීතිය නැමීමට සූදානම් වීමක් විය හැකියි. දමුදිතගේ ඩියුටිය හරියටම හරි... මොකද ඔහු මීඩියා නිසා ඇත්ත රටට හෙළි කළා..

:       0       2

isuru Wednesday, 09 June 2021 05:20 PM

නැවේ ගින්න නිව්වේ හංසමාලි...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 3 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 24 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 155 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 46 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 160 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 304 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site