IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෝඨාභයට අලි පැටවු බරක් වේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නීත්‍යානුකූලව සිටි බව කියන අලි පැටවුන් දෙදෙනා ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති අතර චාරිකා නම් පැවටා හිටපු ජනාධිපතිවරයා විසින් සන්නසක් මගන් ලබාදී ඇත. තමන්ට මේ සතුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට බාරදෙන බව හිටපු ලේකම්වරයා කී බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඔහුගේ මේ ක්‍රියාව පැසසිය යුතු බවයි.

 

 



අදහස් (0)

ගෝඨාභයට අලි පැටවු බරක් වේ

රංජිත් Sunday, 01 February 2015 03:21 AM

අපිට කියපු ලැම්බෝගිනියි බකිංහම් අශ්වයෝයි සී ෂෙල්ස් වල බැංකුවක ද දන්නේ නැහැ. (නදී)

:       0       0

සුචරිත Thursday, 05 February 2015 02:19 AM

අපි නම් ‍ගොඩක් විස්තර දන්නවා (නි)

:       0       0

සම්පත් Sunday, 01 February 2015 03:31 AM

මුදිතා, දැන්වත් මඩ ගහන එක නවත්වන්න. ඔයාගේ දෙමව්පියෝ ඔයාට නම දාල තියෙන්නේ ඔයාගේ චරිත ලක්ෂණවලට නෙවෙයි. ගෝඨාභය ඔයාල වගේ කාගෙවත් සල්ලිවලින් කන මනුස්සයෙක් නෙවෙයි. මේ රට බේරාගත්තු නායකයා. (නදී)

:       0       0

චාමර Sunday, 01 February 2015 03:56 AM

එතකොට කලින් නඩත්තු කලේ රජයේ මුදල් වලින් ද ? (නදී)

:       0       0

පතිරණ Sunday, 01 February 2015 04:40 AM

අලි ඇතුන් වගේ සත්තු ගෙවල් වලට ගෙනල්ල හදන්නේ හීන මානයෙන් පෙලෙන අය. මෙයාලා ඒ කෙන් අපේක්ෂා කරන්නේ තමන්ට හිමි නැති ලොකුකමක් මිනිස්සුන්ට පෙන්නන්න. මේ වැඩෙන් හොදටම පැහැදිලියි දැන් උන්ව නඩත්තු කරගන්න විදියක් නැති බව. ඉස්සර ආන්ඩුවේ සල්ලි වලින් අලින්ට කන්න දුන් බව පැහැදිලීයි. එතකොට අර සුරතලයට හදපු මිනී මෝරුන්ට මොකද කලේ? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 01 February 2015 04:49 AM

කොන්ඩෙ බැදපු චීන්නුන්ට මේ කතා හොදයි. මට වෙන ලියන්න දෙයක් නැහැ. බන්දුල පෙරේරාගේ හිටපු පාලකයෝ. (නදී)

:       0       0

හසිත් Sunday, 01 February 2015 04:51 AM

පතිරණ, මිනි මෝරු ටික බන්දුල පෙරේරා හෙවත් යහපාල හදන්න භාර අරගෙනද දන්නේ නැහැ. මෙතන ඉන්නෙම අපිට දත් විලිස්ස ගත්ත ගමන් නේ. (නදී)

:       0       0

නාමල් Saturday, 07 February 2015 02:53 AM

මෙයා මේ බොරු බබා පාට් දාන්නේ. මම හොරකම් කරලා නෑ ඒක නිසා මගෙ ළඟ සල්ලි නෑ ඉතින් අලින්ව නඩත්තු කරන්න විදියක් නෑ කියලා රටට පෙන්වන්නයි මේ හදන්නේ.(නදී)

:       0       0

ජයන්ත Sunday, 01 February 2015 06:59 AM

සම්පත් ඇත්ත කොහොමත් තිත්තයි (දිල්)

:       0       0

චාමි Saturday, 31 January 2015 04:53 PM

ඒක හොඳයි නැත්නම් අපිට තමයි ගෙවන්න වෙන්නේ (බ)

:       0       0

එස්. හේරත් Saturday, 31 January 2015 05:01 PM

අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ගත්තේ කොහොමද - පින්නවලින් අලි පිටට දීම තහනම් නේද ? (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Saturday, 31 January 2015 05:09 PM

මේවා බලයේ සිටිය කාලයේ කරේ රාජ්‍ය බලය නිත්‍යානුකුල කර ගනිමින්. ඔහුගේ සිතම ඔහුට දැන් කියනවා ඇති මෙම අලි පැටවා බාර දීම සුදුසුයි කියා (නදී)

:       0       0

ලලිත් Saturday, 31 January 2015 05:43 PM

අම්මල එක්කල කැලේ හැදුනු අහිංසක අලි දරුවන් සන්නස් මගින් එක එක්කෙනාට භාර දෙන්න අලි තාතත්ලත් හිටපු රජයේ හිටියද? දැන් පෙනෙනවා නේද කැලේ අලි පැටවුන් සොරකම් කලේ කාගෙ අනුදැනුම ඇතුවද කියලා. තව කල් යනකොට විහාර දේවාල වල චුද මානික්‍ය හොරකම් කරපුවා, නිදන් හොරකම් කරපුවා, රෑ එළිවෙනකොට වල්ල පට්ට ගස් අතුරුදහන් වෙච්ච එව්වා, කටුගෙවල් වල රන් රිදී මුතු මැණික් සොරකම් කරපුව එහෙමත් සන්නස්‌ පත්‍ර එක්කම එලියට එයි. අපට වැරදිලා දොරටුපාලකයටවත් ඔටුන්න පලන්දවලා තිබිලද වත් ද? (නදී)

:       0       0

රුවන් Monday, 02 February 2015 04:23 PM

හොඳ බුද්ධිමත් තීරණයක් (නි)

:       0       0

පරිමේ Sunday, 01 February 2015 08:06 AM

හොඳ තීරණයක් මැතිඳුනි. (ර)

:       0       0

ඉඳුරුව විදානාරච්චිගේ ඉතාලිය Sunday, 01 February 2015 08:47 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමය. (නදී)

:       0       0

විපුල Friday, 06 February 2015 06:59 AM

මේකෙන් හොඳටම තේරෙනවා මේ ගොල්ලෝ යන්න නෙවෙයි ඉඳල තියෙන්නේ කියලා. (නදී)

:       0       0

රුකී Sunday, 01 February 2015 09:38 AM

දැන් සම්පත්ල කියන විදියට ඔක්කොම රට බේරා ගත්ත ඇත්තෝ එකම පවුලක. අනිත් මිනිස්සු ඒ ටික ඒගොල්ල කරන කන් ගෙදර බුදියාගෙන ඉඳලා (නදී)

:       0       0

සරත් Saturday, 31 January 2015 10:40 PM

කටකතා වලට හොද පිලිතුරක්. ඔබ තුමන්ට සහ ගරු වසන්ත සේනානායක මැතිදුන්ට අන්තගාමි නොවන ජනතාවගේ උපහාරය. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 05 February 2015 09:24 PM

නඩු දැම්මට මේ මහත්තයාගේ නඩුව බරක් වෙන එකක් නැහැ (නි)

:       0       0

සමන්ති Saturday, 31 January 2015 11:42 PM

දැන් අලියන් නඩත්තු කිරීමට මුදල් නැතිව ඇති. (නදී)

:       0       0

ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 08:41 AM

අලි කියන්නේ ජාතික වැදගත්කමක් තියෙන සත්තු ජාතියක්. එහෙම එකේ කාගෙවත් පුද්ගලික භූදලයක් හැටියට අලින්ව තියා ගන්න එක අපරාදයක්. පුංචි ලමයින් හරිම කැමති සතෙක් අලියා කියන්නේ. මේ ගැන තවත් විස්තර කියන්න බලන්න.(හේ)

:       0       0

නලින් Friday, 06 February 2015 03:24 PM

"තමන්ට මේ සතුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් ....." ඒ කියන්නේ කලින් නඩත්තු කලේ රජයේ වියදමින්? (නදී)

:       0       0

සෑම් Sunday, 01 February 2015 12:51 AM

කොහොමද එක එක අයට ඕනෑ විදිහට රටේ දේවල් ගන්නේ ? (නදී)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 01 February 2015 01:28 AM

අයියා ආණ්ඩුවයි පක්ෂෙයි දෙකම බාර දුන්නා. මල්ලිට අලි පටියත් බර වෙලා. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 01 February 2015 01:45 AM

හත් දෙයියනේ, අලි පැටව් ඉන්න ඕනේ මව් ඇතින්න සමගනේ. වැඩියෙන්ම අලි මරපු සුද්දට හෙන ගැහුව එක මතක තියාගෙන කව්රු කව්රුත් අලි හොරු හිමින් සීරුවේම අලි ආපහු දීපල්ලා (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 01 February 2015 01:49 AM

අලි නොදුන්නොත් නඩු වැටෙනවා. (නදී)

:       0       0

මුදිතා Sunday, 01 February 2015 01:53 AM

කලින් නඩත්තු කලේ රජයේ සල්ලි වලින් කියන එකනේ ඔය කියන්නේ (නදී)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 01 February 2015 03:14 PM

එතකොට අර හුඹස් වල නාග පැටව් හදාපු අක්කත් පව්? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 5 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 203 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 853 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 489 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1531 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site