IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෝටි පනහක් වියදම් කළත් ප්‍රශ්නය එතනමයි

(සුජිත් හේවාජූලිගේ සහ අංජල මහීකවීරරත්න)

අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිර කිරීමට රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් 2019 සහ 2020 වසරවලදී වැය කර ඇතත් එම ගැටුම පාලනයක් නැතැයි රජයේ ගිනුම් සභාව පවසයි.

අලි - මිනිස් ගැටුමමෙන් මිනිස් මරණ  28ක් හා අලි මරණ 83ක් මේ වසරේ මාර්තු 23 වැනි දා වන විට වාර්තා වී ඇතැයි ද එම කමිටුව ඉදිරියේදී තොරතුරු අනාවරණය වේ.

අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීමට 2019 වර්ෂයේදී විසි හත් කෝටියක් පනස් හතර ලක්ෂ හතළිස් දහස් හයසිය තිස් නවයක් ද, 2020 වර්යේදී  රුපියල් විසි දෙකෝටි පහළොස් ලක්ෂ පන්දහස් අටසිය දහඅටක මුදලක් ද වැය කර ඇතැයි එම කමිටුව පවසයි.

මෙම මුදල වැය කර ඉදිකර ඇති විසුලි වටේ සම්පූර්ණ දිග ප්‍රමාණය  කිලෝ මීටර් 4756කි.

රජයේ ගිනුම් පිළිබඳ කාරක සභා සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්විණි.



අදහස් (5)

කෝටි පනහක් වියදම් කළත් ප්‍රශ්නය එතනමයි

api ali Saturday, 27 March 2021 03:53 AM

ඉන්දියානු ආක්‍රමණිකයන් අපේ පාරම්පරික වනයේ පදිංචි වෙලා ඔවුන් කතා කරන්නේ පැරැණි රාවණා පරපුරේ භාෂාව අඳුනාගන්න බැරි නිසා අපි පහර දෙනවා. ඔවුන් පිටව යන තුරාවට ඔවුන් අපේ රූපය ගසාගෙන දේශපාලනයත් කරනවා.

:       2       6

Nimal wijesooriya Saturday, 27 March 2021 09:01 AM

මේ සඳහා ඌරුවරිගේ ඇත්තන්ගෙන් උපදෙස් ගන්න.

:       0       9

Pradeep Saturday, 27 March 2021 12:08 PM

ප්‍රශ්නය තිබෙන්නේ වියදම් කල මුදලේ නොවෙයි. එම මුදල් වියදම් කර සිදුකල ක්‍රියාවන් වලයි. අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා විදුලි වැට එකම හා ප්‍රායෝගිකම විසඳුම නොවෙයි. ඊට සාපේක්ෂව වියදම් අඩු, හානිකර නොවන ක්‍රම තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ ක්‍රම හඳුනා ගැනීමට බලධාරීන්ට වුවමනාවක් නැති කමයි. මොකද එහෙම වුණාම එයාලාට මුදල් වියදම් කරන්න හේතු නැතිවෙනවා. අනික ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් වෙන්නේ දේශපාලකයින්ට තියන ඉල්ලුම නැතිවෙන එකයි. එම නිසා දේශපාලකයා කැමතියි සාමාන්‍ය ජනතාව හැමදාම මොනවා හරි ප්‍රශ්ණයක ගිලිලා ඉන්නවට. මොකද ඊළඟ පාර බලයට එනකොට ජනතාවගේ තියන ඔය එක එක ප්‍රශ්ණ ඔවුන්ට හරියට වැදගත් වෙනවා. අනික ඔය කෝටි 50ක මුදලින් අඩුම තරමින් 50%ක් වත් විදුලි වැටවල් සඳහාම යොදවලා නැහැනේ...

:       1       14

Senaka Saturday, 27 March 2021 12:15 PM

ඕක මොකක්ද? බිලියන ගණන් වියදම් කරලා තවත් ප්‍රශ්න එකතු කරපු ඒවා කොයි තරම් තියෙනවද...?

:       0       5

sharm warn Monday, 29 March 2021 03:53 AM

කොහොමත් එයාලා කරන්නේ ප්‍රශ්න වවලා ලොකු ලොකු ඇස්තමේන්තු පෙන්නලා.. අලියන්ගෙයි, මිනිස්සුන්ගෙයි.. කුට්ටියක් කඩාගත්ත එක. මේ ආණ්ඩු කොයි එක ආවත් ඔව්වට විසඳුම් නැහැ. වියදම් නම් තියෙයි ගාණ සැරේට... මොකද ඒ අයගේ අම්මා අප්පගේ බූදලේනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1293 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 351 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site