(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
වසංගත රෝග විද්‍යා ඒකකයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව ගත් තීරණයකට අනුව මෙම මාත්‍රා ලබාදීම සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව වයස අවුරුදු 20ත් 60ත් අතර ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට ද කැමතිනම් මෙම මාත්‍රාව ලබාගැනීම නිර්දේශ කර ඇති බව ඇමතිවරයා කීවේය.
තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇති අයට පමණක් සිවුවන මාත්‍රාව ලබාගත හැකි බව ද අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
ෆයිසර් එන්නත ගත් ඇතැම් පුද්ගලයන්ට හෘදයේ ආසාදන ඇතුළු ආබාධ ඇති වූ බැවින් පාසල් සිසුන් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් තදබල ශාරීරික වෙහෙසවීම් නොකළ යුතු බව නිර්දේශ කර ඇතැයි ද මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට