IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොවිඩ් ආසාදිත ගැබිනි මවකගේ මරණය ගැන වෛද්‍යවරයෙක් තැබූ සංවේදී සටහන

(ඩයනා උදයංගනී)

කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවකගේ මරණයක් ඉකුත්දා වාර්තා වූ අතර ‍එය බෙ‍ාහෝ දෙනෙකුගේ හදවත් සසල කළ සිදුවීමක් විය.

එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍ය තරිඳු සී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් ද තිබිණි

කොවිඩ් වසංගතය හමු‍වේ සෞඛ්‍ය අංශවල ධාරිතාවන් ඉක්මවා ගොස් සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇති බවත් ඔවුන් ඔවුන්ගේ උපරිමය කරමින් සිටින නමුත් ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා‍ නොසිතුවහොත් ඉන්දියාවට වූ දෙය නොබෝ දිනකින් මෙරටට උදාවිය හැකි බවත් ඔහු එහි දක්වා තිබිණි.

මේ එම සටහනයි.

” වේලාව සවස 4.30ට පමණය. කොවිඩ් ඉහළ නිරීක්ෂණ ඒකකය (HDU) එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි. මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රෝගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ හෙදියන් පැය ගනනක් ඇඳ සිටි පී.පී.ඊ ඇඳුම් ගලවා පැමිනියා පමනි. රෝගීන් ලියාපදිංචි කරන්නා එක වරම කඩා වැදුනේ ගැබිනි අම්මා කෙනෙකුට ඇඳක් තිබේදැයි විමසමිනි. ඒ වන විටත් අපගේ ඇඳන් හයම රෝගීන්ගෙන් පිරි ඇත.

සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු වෙන්ටිලේටර් හා CPAPයන්ත්‍රවලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් ලබාදෙමින් ඇත. ඒකකය තුළ වූ සියලුම සිරින්ජර් පොම්ප (Syringe Pump) රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි.

වෙන කල හැක්කක් නැත. තරමක් හෝ ස්ථාවර මට්ටමක සිටි රෝගියා විගසින් වාට්ටුවකට මරු කර ඇඳක් සූදනම් කෙරිණි. සවස 6.30ට පමණ මිනුවන්ගොඩින් මාරුකර එවූ ඇය වයස 45ක පමණ තෙමස් ගැබිණියකි. ඒ ඇගේ පළමු දරුවා වීමද විශේෂත්වයකි.

ඇය ඉහළ නිරීක්ෂණ ඒකකය තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියාය. කඩිනම් වූ අප කාර්ය මණ්ඩලය ඇයව විගස ඇඳකට දමා යන්ත්‍රවලට සවිකරගත්හ. CPAP යන්ත්‍ර සූදානම් විය.

අමාරු වූ හුස්ම අතරින් ඇය බෑගයෙන් දුරකතනය ගෙන ඇමතුමක් ගන්නටද දැගලීය. බෝහොවිට ඒ තමාගේ ස්වාමියාට විය හැක. ඇඳට දමා ගත වූයේ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය නිසල විය. මගේ වෛද්‍ය මිතුරා තප්පර ගන්නකදි පී.පී.ඊ ඇඳුමින් සැරසී ඇය අසලට දිව ගියේ එය හරිහැටි ඇඳගත්තාදැයි යන්න පවා නොබලමිනි. සියලුම හෙදියන් සමග ඔහු ඇයට නැවත හුස්ම ලබාදීමට පටන් ගන්නා අතර තුර මම සියලු විශේෂඥ කණ්ඩායම් කැඳවන්නට පියවර ගත්තෙමි.

විනාඩි 45 පමන අප දන්නා සියලු ශිල්ප යෙදීමු. නමුත් ජිවිතේ අනිත්‍ය බවත්, කොවිඩ් නියුමෝනියාවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටිණි.

මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් සිටී. මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.

 



අදහස් (7)

කොවිඩ් ආසාදිත ගැබිනි මවකගේ මරණය ගැන වෛද්‍යවරයෙක් තැබූ සංවේදී සටහන

Puppa Friday, 07 May 2021 08:26 AM

මගේ ඇස් දෙක මටම නොදැනී කදුලින් තෙත් විය. අනේ අපට වුනු දෙයක්...

:       1       38

Raveendra Friday, 07 May 2021 09:07 AM

.ඉතාම කනගාටුදායක මෙන්ම අවාසනාවන්ත සිදුවීමකි. ඔබලාගේ කැපවීම අප ඉහලින්ම කරන්නෙමු. එනමුත් ලංකා මාතාවගේ දු දරුවන් වන අප අපගේ යුතුකම් වගකීම් හරි හැටි ඉටු කරන්නේද යන්න ගැටලුවකි.රෝගීවූ සැමට ඉක්මන් සුවය ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි....ලංකාමාතාව මෙම ව්‍යාසනයෙන් ඉක්මනින් මිදේවා.....

:       0       0

විපරමා Friday, 07 May 2021 09:34 AM

හරිම දුකයි. ඇයට නිවන්සුව පතමි. මේ වසන්ගතය අපේ රටෙන් තුරන් වේවා!

:       0       23

Sri Lanka Friday, 07 May 2021 09:44 AM

වෙන ලෙඩක් දැන් හදිලා මැරුණත් වැටෙන්නේ කොරෝනා ගොඩටමයි. ඇයි මීට කළින් ඔය හිත් සංවේදි වුණේ නැත්තේ? කළින් මිනිස්සු කීදෙනෙක් මැරුණාද? ස්ට්‍රයික් කරලා දැන් ඒවා අමතක වුනාද? බොරුවට කොරෝනා අරමුදලින් සල්ලි ගන්න කඩේ යන්න එපා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       41       8

ගමේ එකාලා Friday, 07 May 2021 01:47 PM

පහුගිය කාලවල ලෙඩ්ඩු බිල්ලට තියලා කරපු හරිය හොදටම ඇති.

:       5       2

pakeer Friday, 07 May 2021 04:04 PM

ඔය දොස්තරලාට බනින ඔයාලත් ඔහොම තමයි. තමන් වෙනුවෙන් තම අයිතීන් වෙනුවෙන් නුඹලා ඔක්කොම එහෙම කරනවා. ඒත් මේ මනුස්සයා මේ සිදුවීම ලියලා තියෙන්නේ.. ඒ වෙලාවේ ඒ මනුස්සයාට දැනිච්ච දේ. ප්‍රශ්නය තියෙන්නේ ඔතන නොවේ. ප්‍රශ්නය කාලකණ්ණි දේශපාලකයින්ට ඕවා නොදැනෙන එක. එයාලට ඕන් එයාලගේ ගොඩ ලොකුකරගන්න. එච්චරයි.

:       0       0

ජේ.ඒ.පී.සී.කුමාර Saturday, 08 May 2021 03:49 PM

ඔබලා වෛද්‍යවරු නොව මිහිබට දෙවිවරු ය. සුව අසරණ ජීවිත රුදුරු මරුවාගෙන් බේරා ගැනීමට වැර වීරිය දරන සුව සේවාවේ ඔබ සැමට අපගේ උත්තමාචාරය. ඔබ සැමට තෙරුවන් සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1940 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 999 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 783 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 371 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 639 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 576 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site