(අජිත්ලාල් ශාන්තඋදය)
කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.
ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ද රාත‍්‍රියේ දුරකතනයෙන් කතා කර ඔහුට ද දොස් පවරා තමාට කොවිඞ් සුව වී ඇති නිසා නිරෝධායනයට ලක්කර ඇති තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් ද මුදාරින ලෙස බලකර ඇති බව ද පොලීසිය පැවසුවේය.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩද එවා ඇති බව පොලිසිය පැවසුවේය. කෝවිඞ් ආසාදිත වූ මෙම හිමිනමගේ පළමුපෙළ ආශ‍්‍රිතයින් 35ක් මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇත. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති.
පොලිසිය විසින් මෙම හිමි නමට අවවාද කර ඇති අතර නැවත අනිසි හැසිරිම් සම්බන්‍ධයෙන් පැමිණිල්ලක් ලදහොත් නඩු පවරන බවට අවවාද කළ බවද කුරුවිට පොලීසිය පැවසුවේය.
කුරුවිට පරගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට පපුවේ අමාරුවක් සෑදී ඇති නිසා 1990 හදිසි සේවා ගිලන් රථයක් එවන ලෙස පසුගිය දෙසැම්බර් 27දා දැනුම් දී තිබුණි
ආසන්නම ගිලන් රථය කුරුවිට පොලිස්ථානය වූ අතර ඒ වනවිටත් එම ගිලන් රථය වෙනත් රෝගියෙකු රැගෙන යමින් තිබුණි. ආසන්නම වෙනත් පොලිස්ථානයක නවතා ඇති 1990 ගිලන් රථයක් එකී පන්සල වෙත යැවිමට අඩුම තරමින් පැයකට ආසන්න කාලයක් ගතවන් බව තහවුරු වී තිබුණි.
එතෙක් සිටින්නට බැරිනිසා තමා පොලිස් ජීප් රථයෙන් හෝ යවන්නැයි කුරුවිට පොලිස්ථානයට කතාකර හිමිනම ඉල්ලා ඇත. ඒ අනුව නිලධාරින් හතරදෙනෙක් ජීප් රථයෙන් විහාරස්ථානයට ගොස් දායක මහත්මයෙක්ද සමග හිමිනම රත්නපුර මහ රෝහලට ඇතුළුකර තිබුණි.
ඒ අවස්ථාවේ හිමිනමගෙන් පීසීආර් සාම්පල් ලබාගෙන තිබුණි. ඒවායේ ප‍්‍රතිඵල 29දා රාත‍්‍රී ලැබි තිබුණි. හිමිනමට කෝවිඞ් ආසාදිත බව තහවුරුවී තිබුණි.උන්වහන්සේ කොළඹ අයිඞීඑච් රෝහල වෙත යැවිනි. 31දා සිට උන්වහන්සේගේ පළමු පෙළ ආශ‍්‍රීතයන් 35 දෙනෙක් නිරෝධායනයට ලක්කරනු ලැබීය. විහාරස්ථානය ආසන්නයේ නිවාස තුනකුත් යාබද, කනේගල්ල, අඩවිකන්ද, තෙප්පනාව, ආදී ප‍්‍රදේශවල අය එසේ නිරෝධායනට ලක්කර තිබිනි. එ අතර හිමිනම් රෝහල්ගත කිරීමට ගිය පොලිස් නිලධාරින් හතර දෙනාද විය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති
Prabha Thursday, 14 January 2021 11:09 AM
දායකයෝ නිරෝධායනයේ හින්දා දානේ වේල වරදින්න ඇති.
fairoos Thursday, 14 January 2021 12:25 PM
හැම ජාතියෙන්ම මේ වගේ මිනිස්සු ඉන්නවා. මේක එක ආගමකට බැනලා විසඳන්න බැහැ.
සමන්Thursday, 14 January 2021 02:54 PM
හැම දේකටම ආගම පලි නෑ තමයි. ඒත් සමහර දේවල් වලට ආගමත් වගකිව යුතුයි. සමහර ආගම් ඇත්තටම දේශපාලන පක්ෂ වගේ දිව්‍ය ලෝක පිළිබඳ බොරු පොරොන්දු තමයි දෙන්නේ... ඒවාට අහුවෙලා සමහරු ලොකු විනාශයක් කරනවා මනුෂ්‍ය වර්ගයාට...
SamanThursday, 14 January 2021 06:23 PM
ජාතිවාදය පතුරුවන්න එපා..
BamunuarachchiFriday, 15 January 2021 03:28 AM
මෙතන ආගමකට බැන්නේ නැහැ... ඔහේලා ෂේප් වෙන්නයි මේ හදන්නේ... ඔබලත් එක්ක තිබෙන කතාව වෙනම එකක්...
Bamunuarachchi Friday, 15 January 2021 03:17 AM
මේත් මේ ආණ්ඩුව පත්කළ අපේ බලාපොරොත්තු සුන්කළ බව කියන කෙනෙක්... මොවුන් පසුපස යන්නෝ අනුවණයෝමයි.