IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි

( පුෂ්පකුමාර ජයරත්න ) කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් අද (21) නිකුත් කර ඇත. ඒ අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ. තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.



අදහස් (19)

කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි

wedage Sunday, 22 January 2023 09:07 AM

අර මවිල් ගසකට අනතුරක් කරන්න දෙන්නේ නෑ කිව්ව කෙනා දැන් කෝ.

:       1       117

senaSunday, 22 January 2023 10:57 AM

එයා ඕන නැහැ අපේ කුරුණෑගල ජනතාව මෙයා නැවත පත්කරනවා.

:       91       21

LalindraTuesday, 24 January 2023 11:50 AM

ඔව් අපි දන්නවා රටක් වෙච්චාම මුළු ජනතාවම පාඩම් ඉගන ගන්නේ නෑ. මෝඩයෝ කොටසකුත් ඉන්නවා. ඒක ඔප්පුවෙනවා ඔයාගේ comment එකට දාලා තියන like-dislike අනුපාතයෙන් .වාසානාවට රටේ මෝඩයෝ මේ වෙනකොට ඉන්නේ 20%කට වඩා අඩුවෙන් . මොලේ බද්ද කරන්න බැරි නිසා ඒ ගැන කමක් නෑ.

:       0       3

Hafeel Sunday, 22 January 2023 12:05 PM

එයාත් එයාගේ දේපලට හානිකරවිට හැංගිලා හිටියේ. එයාටත් නඩු පිට නඩු. අනුන්ගේ මයිල් ගහට අනතුරක් වෙන්න දෙන්න නැහැ කියපු කෙනත් හැංගිලා හිටියා. ඒකට තමයි කියන්නේ රාජ්‍ය බලයට වඩා ජනබලය ඉහළින් කියලා...

:       2       85

ananda Sunday, 22 January 2023 09:35 AM

Next step would be governor will loss his post. This is sri lanka.

:       5       83

Sunil Sunday, 22 January 2023 09:58 AM

මෙතුමා එයාව තනතුරින් පහ කළේ නැතිනම් ජනතාව නුදුරේදීම මෙයාව තනතුරින් පහ කරනවා පමණක් නොවෙයි ගහලා පන්නනවා. එයාගේ ගුරා ජොනියත් එක්කම.

:       2       136

C.K.Lankaputhra Sunday, 22 January 2023 12:36 PM

සැමදා නියං එකදා වැහි වලාවේ. ඔය සෙල්ලමේ හැටි ඔහොම තමා. හිටපු ගමන් පොර වෙලා පළාතටම පාට් එක දානවා. ඔන්න හිටපු ගමන් බල්ලා මාක් වැදිලා නිකම්ම නිකං හොරිකඩයා වෙනවා. මෙයාට ලබිය යුතු දේ දැන් ලැබෙමින් පවතියි. ලස්සනම වැඩේ තවත් ඒ වංසෙම කෙනෙක් අතින්ම වැඩේ සිද්ධ වීමයි.

:       1       62

burampi Sunday, 22 January 2023 12:45 PM

අසව්.. අසව්.. කුරුණෑගල නගරයේ තිබුණු තවත් කුණු කන්දක් ඉවත් කළා වගේ...

:       1       76

Bishan Sunday, 22 January 2023 01:15 PM

කුරුණෑගල ඉන්නේ බුරුවන් නෙමෙයි කියලා ඊළඟ පාර පෙන්නන්න...

:       2       71

sumedha koswatta Sunday, 22 January 2023 03:37 PM

එහෙනම් තානාපති කමක් දීලා යවාවි...

:       1       29

කොන්ඩෙ බැදපු චීනා Sunday, 22 January 2023 05:01 PM

බොරු වැඩ තමයි, නැත්නම් පළාත් පාලන මැතිවරණයට දින නියම කළාම එම ආයතන විසුරුවා හරින්න ඕනෑ... එහෙම කරල නැහැ... මෙවර මැතිවරණ අවස්ථාවේ වංචා බොහෝමයක් වේවි ඕක තමයි කෙනෙක් කිව්වේ ඔහුගේ මයිලකටවත් අත උස්සන්න කාටවත් ඉඩක් දෙන්නේ නැහැ කියලා...

:       1       27

Kumara Sunday, 22 January 2023 05:46 PM

මේ වගේ අය නිසා ඉපදෙන්න ඉන්න දරුවොත් කාලකණ්ණි වෙනවා...

:       1       29

Sisira Sunday, 22 January 2023 05:56 PM

මුන්දෑ කරපු වරදට දඬුවමක් දෙන්නේ නැද්ද?

:       1       31

Manjula Sunday, 22 January 2023 08:48 PM

ප්‍රශ්නයක් නැහැ... කුරුණෑගල ආදරණීය ජනතාව නැවත ඔහුට බලයට ඒමට ඡන්දය දේවි...! 

:       1       0

ranjith Monday, 23 January 2023 04:17 AM

පොහොට්ටුවේ ඔක්කොම ගොන් තක්කඩි

:       0       2

swene Monday, 23 January 2023 10:56 AM

මෙච්චර කල් ඔය නගරාධිපති කරපු කිසිම දේකට දඬුවම් නොදී දැන් නියම වැඩක් කලාකියල ප්‍රසිද්ධ කරමු. ආණ්ඩුකාර තුමාට ඕකත් කරන්න තිබුනේ තව මාස දෙකකින් විතර පස්සේ. නගරාධිපතිත් ආන්ඩුකාරයොත් ඔක්කොම එකයි

:       0       1

Pankumburage Monday, 23 January 2023 01:05 PM

මයිල් ගස් වලට හානියක් නොකර අයින් කරපු එක හොඳයි. නැත්නම් ලොක්කට මළ පනී.

:       0       0

චින්තක Monday, 23 January 2023 01:58 PM

එසැන කියන වචනයේ තේරුම මොකක්ද කියන්න එසැන ඉවත්කර වෙනත් වචනයක් යොදන්න

:       0       0

සුප්පයියා Monday, 23 January 2023 06:45 PM

ඕකට ජන්දය දීලා පත්කරපු උන්ට තමයි තලන්න ඕනෑ. මම හිතාගෙන හිටියේ කුරුණෑගල ඉන්නේ බුද්ධිමතෙකු කියලා ලබන සැරෙත් ඕකම පත් කරයිද කුරුණෑගල ජනතාව ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 517 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 103 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 778 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 786 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1189 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1086 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site