(ඩයනා උදයංගනී)
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් වර්ධනය වී ඇති අතර, එය ඉදිරියේදී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක දෙසට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑමෙන් එම මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, විටින් විට පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් සුළං ඇතිවන අතර, විටින් විට පැයට කිලෝමීටර 90 පමණ වේගවත් ඉතා තද සුළං හැමිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
දැනට මෙම මුහුදු ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාලගුණයෙන් රතු නිවේදනයක්