IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කාලකන්නි පැත්තකට වුනොත් දෙසැම්බරයේ සංචාරකයන් ඒවි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක්  පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහාසික සංචාරක ප්‍රමාණයක් එ්වි යැයි  විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටට සංචාරකයන්  ගේන්නැයි විපක්ෂයේ සමහර කණ්ඩායම් කතා කරන අතර ඔවුන්ම පාර්ලිමේන්තුව පෙරලන්න, වටලන්න උත්සාහ කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

සංචාරක සමුලු වලින් සංචාරක කර්මාන්තය දියුණු කරනවා යැයි කියන අතර ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතැයි ලෝකයට කියන බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.

 කංචන විජේසේකර ඇමතිවරයා සමඟ  එකතුවී සංචාරකයන්ට වෙන්වුණු ඉන්ධන අවසර පතක් එළිදක්වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්  තිබේදැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.



අදහස් (22)

කාලකන්නි පැත්තකට වුනොත් දෙසැම්බරයේ සංචාරකයන් ඒවි

කිරි පුතා Wednesday, 05 October 2022 02:39 PM

මෙයත් ඇමැතිකමක් බාරගත්තේ නැත්නම් ඔය කියන කාලකන්නි සතුට ලබන ගොඩේම සාමාජිකයෙක් තමයි...

:       12       94

අසන්ක Wednesday, 05 October 2022 02:45 PM

සහතික ඇත්ත...!

:       38       106

fairoos Wednesday, 05 October 2022 02:52 PM

එහෙනම් ඉතින් ආණ්ඩුවේ ඉන්න අය තමයි ඉස්සෙල්ලාම පැත්තකට වෙන්න ඕනෑ.

:       99       52

විජේ Wednesday, 05 October 2022 02:59 PM

සුදු රෙද්දක් පටලවන් නිරුවතින් ඉන්න නරින්ට කුමක් කළයුතුදැයි ජනතාව දැන් දන්නවා. තාම වතුර රත්වෙන්න පටන්ගත්තා විතරයි, නටනකන් ටිකක් ඉමුකෝ බලන්න.

:       117       61

VithanaSaturday, 08 October 2022 05:00 AM

ඔයත් එහෙම කෙනෙක් වගෙයි.

:       0       54

sharm warn Wednesday, 05 October 2022 03:21 PM

හරින් වගේ කෙනෙක් තව ඉන්නවද?

:       13       54

Rexi Wednesday, 05 October 2022 03:38 PM

සර් නියමයි, මල් හතයි...

:       22       78

Rexi Wednesday, 05 October 2022 03:41 PM

කතාකරන භාෂාවෙන් කියන්න පුළුවන් වැදගත් කෙනෙක් කියලා. මෙයාලා මෙදා රටක් නියෝජනය කරන්නේ... හිරිකිතයි..!

:       75       35

pradeep Wednesday, 05 October 2022 03:43 PM

රට විනාශ කරපු කාලකණ්ණි ටික පැත්තකට වුණානම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.

:       77       30

චමින්ද Wednesday, 05 October 2022 06:33 PM

ඔවුන් යන්නේ නැහැ.. මැතිවරණය වෙලාවේ ඔවුන් ඔක්කෝම යවන්න ඕනෑ... එහෙම නැතුව ඔහොම කියලා වැඩක් නැහැ. ඒ වෙලාවට ප්‍රදීප් වුණත් කියාවි ලැයිස්තුවේ හොඳ කෙනෙක් නැහැ. හිටපු කෙනා දන්න එක්කෙනා නිසා එය‍ාටම දෙනවා කියලා... මෙතෙක් රටේ වුණේත් ඒකම තමයි...!

:       3       24

de silva berlin Wednesday, 05 October 2022 04:08 PM

සංචාරකයෝ ගෙන්වාගන්න ඕනෑ නම් මුලින්ම අර සංචාරකයන්ට ගුවන් තොටුපලේදී දෙනවා කිව්ව ඉන්ධන QRකෝටා එක ලබාදෙන ක්‍රමය ක්‍රියාත්මක කරන්න. සංචාරක හෝටල්වලට අවශ්‍ය ක්ලෝරීන් සහ වෙනත් අමතර දේවල්, සනීපාරක්ෂක කට්ටල, සෝලා පැනල් වැනි දේවල්, ඔවුන්ගේ ගිණුම්වල තිබෙන විදේශ මුදල් උපයෝගී කරගෙන කෙළින්ම පිටරටින් ගෙන්වන්න අවසර දෙන්න. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කෝකිවරු වැනි සේවකයන්ට දැනට කරන පුහුණුවට වැඩිය හොඳ පුහුණුවක් දී සංචාරක හෝටල් සඳහා රැකියා බැංකුවක් ඇති කරන්න. ඉන්පසු යුරෝපයේ රටවල්වල හොඳ ප්‍රචාරයක් දෙන්න. මේවා අඩුවියදමකින් තිබෙන සම්පත් ප්‍රයෝජනයට අරන් ක්‍රියාත්මක කළොත් දෙසැම්බර් වෙනකොට ප්‍රතිඵල ලැබේවි..

:       1       32

VithanaSunday, 09 October 2022 05:07 AM

සංචාරකයන්ට වෙනම ඉන්ධන කාඩ් පතක් දෙනවා කටුනායක එයාර්පෝට් එකේදී. ඒකේ තියෙන සම්පත් බැංකු ශාඛාවෙන් ඇමරිකානු ඩොලර් 50 සිට ගෙවා එය ලබා ගන්න පුළුවන් වගේම රට පුරා තියෙන සම්පත් බැංකු ශාඛා වලින් එහි අගය ඉහල දාමා ගන්නත් පුළුවන්. මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක්. එමගින් සංචාරකයන්ගේ ඉන්ධන ප්‍රශ්ණය විසඳෙනවා වගේම රටට ඩොලර් ආදායමත් එනවා.

:       0       0

de silva berlin Wednesday, 05 October 2022 04:21 PM

අර මම කළින් සඳහන් කරපු කරුණු කාරණා ඉෂ්ඨකර ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කර යුරෝපයේ ප්‍රචාරයක් දෙන එක ඉතාම වැදගත්... මෙහෙ ඉන්න බොහෝ දෙනෙකු සිතා ඉන්නේ තවමත් ලංකාව තෙල් සහ ගෑස් පෝලිම් තිබෙන, සංචාරය කරන්න අපහසු රටක් ලෙස... කෙටියෙන්ම කියනවා නම් මේ රටවල්වල ආණ්ඩු ජනතාවට නිකුත් කරපු අනතුරු හැඟවීම් තවම ඉවත් කරලා නැහැ. යුරෝපයේ සේවය කරන ලංකා තානාපති නිලධාරින්ගේත් මේ ගැන උනන්දුවක් නැහැ. මමත් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල මුදලක් ආයෝජනය කර ඇත. අපට මේක මාකට් කරන්න නම් ආණ්ඩුවේ සහයෝගය අවශ්‍ය වෙනවා. මම ඉදිරිපත් කළේ ඉතාම පහසුවෙන් දෙන්න පුළුවන් ඉල්ලීම් ටිකක්... කරුණාකර සලකා බලන්න.

:       1       36

pakeer Wednesday, 05 October 2022 04:49 PM

අපිටත් කියන්න තියෙන්නේ... නියම කාලකණ්ණි, සල්ලි කණ්ණි, රටම කණ්ණි, ඒ අය අයින් වුණා නම් හරි.

:       30       18

ගමේ එකාලා Wednesday, 05 October 2022 05:05 PM

තමුන් තරම් අවස්ථාවාදී වැඩකරපු කෙනෙක් ගැන මොන කතාද?

:       53       20

Surain Wednesday, 05 October 2022 05:19 PM

කතාවට ඔබින විදිහටනේ සුදුපාට ඇඳන් ඉන්නේ..! ඔයාට මොනවද ඕනේ...?

:       38       10

Buddika Wednesday, 05 October 2022 06:09 PM

ආ.. මාරයි නේද? එතකොට ගාලු මුවදොර අරගලය තිබ්බ දවස්වල එක්කෙනෙක් අරගලයට ගිහින් නිදිමරාගන්නත් ලෑස්ති වුණා නේද? දැන් කතාකරන්නේ නිරුවතින් වගේ... මෙයා ගැන මිනිස්සු දන්නවා. සල්ලි හම්බ කළ විදිහත් මිනිස්සු දන්නවා. මේ සියල්ලට පිළිතුරු අපි දෙන්නම්. ඉදිරි ඡන්දෙදී ගෙදරටම වෙලා රෙස්ට් කරන්න..

:       38       16

Dasa P Wednesday, 05 October 2022 06:23 PM

එදා 21 පල්ලි යන්නයි තිබුණේ...!

:       38       10

hundesohn Wednesday, 05 October 2022 06:57 PM

ලංකාවේ සංචාරය කරපු සංචාරකයෝ මේ දවස්වල ඔවුන්ගේ රටවල්වල බන්ධනාගාරගත වෙලාලු...! හේතුව ‘‘හෙරොයින්..‘‘

:       6       13

Prase Wednesday, 05 October 2022 09:39 PM

නියම උත්තර දෙන්න හරීන් හ හ හා

:       0       51

Sunil Thursday, 06 October 2022 10:26 AM

මොනවද මේ කතා ?කාලකන්නි 134 පැත්තකට වෙනකල් සංචාරකයෝ එන්නේ නැහැ

:       45       3

Vithana Saturday, 08 October 2022 05:03 AM

ඉතා හොඳ විග්‍රහයක්. අරගලේ කරන කිසි කෙනෙක්ට දැක්මක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් නෑ. කරන එකම දේ සියළුම දේ විනාශ කරන එකයි, කඩාකප්පල් කරන එකයි... විතරයි. ඒක නිසා මේ හිසරදේ කොහොම හරි ඉවර කරන්න ඕනෑ... රටට ඔලුව උස්සන්න නම්. අරගලේ අය කරන්නේ කොටි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත් එකක්..!.

:       1       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 318 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 36 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1736 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 344 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1598 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1563 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site