IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කාබනික පොහොර කියා වැලි අලුයි දීලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැලි හා අඟුරුකුඩු කලවම් කර කාබනික පොහොර ලෙස සැකසීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ස්ථානයක පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් විසින් අද දින වටලණු ලැබීය.

පෞද්ගලික සමාගමක නම සදහන් කර තිබු මෙම කාබනික පොහොර නොරෝච්චෝල ප්‍රදේශයේ දී  ඇසුරුම් කරමින්  සිටියදී මෙම ස්ථානය වැටලිමට පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂීකා තරංගීකා ශාමලි මහත්මිය ඇතුළු නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ. 

නිළධාරින් යන විටත් මෙම ස්ථාන තුළ වැලි හා අගුරු කඩු මිශ්‍රණ  අසුරමින් සිටින ආකාරය දැක ගත හැකි විය.

මෙම ස්ථානයට අමතර නොරෝච්චෝල කලපු තිරයේද කාබනික සැදිමට යැයි පවසමින් රැගෙන විත් තිබු අගුරු කුඩු, වැලි, ලුණූ මඩ ද සොයා ගත් බව කෘෂීකර්ම අධ්‍යක්ෂීකාව පැවැසුවාය.

 

 



අදහස් (5)

කාබනික පොහොර කියා වැලි අලුයි දීලා

ඇත්ත Friday, 13 May 2022 08:52 PM

මේ අය කලිනුත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් අරන් ඇති. මේ අරගලය නිසා අවංක නිලධාරීන්ට නව පණක් ලැබීම සතුටුයි. ඒත් මේ ව්‍යාපාරයට ගෑවුණු දේශපාලකයා හොයන්න වෙනවා...

:       1       40

de silva Friday, 13 May 2022 10:39 PM

මේ දවස්වල සිමෙන්ති හිඟය නිසා ගොඩනැගිලි හදන්නේ නැහැ.., එම නිසා වැලි පොහොර වෙනුවට දෙනවා ඇති. ගම්වල වැලි ජාවාරම් කාරයින්ගෙන් වැඩි දෙනෙක් මහින්දගේ ගෝලයෝ...

:       0       1

ගොවිරාළ Saturday, 14 May 2022 06:32 AM

කාබනික ආරම්භ කළ කාලයේ මමත් හොඳයි කියපු පොහොර ටිකක් ගත්තා තේ වගාව සඳහා, ඉඩමට දැම්මා එයින් වෙච්චි සෙතක් නැහැ. ඒවා මුඩු පොල්තෙල් ගඳක් තිබුණා.. ඇල්ලුවාම අතේ තෙල් ගතියක් තිබුණා බලනකොට පෝර කියලා තිබුණේ පොල්තෙල් මෝල් අසලින් ගත් අපවිත්‍ර පස් කියලා තේරුණා. තවත් පිරිසක් කුකුල් පොහොර කියලා පස්වලට කුකුල් වසුරු හත අටක් මිශ්‍ර කළ කලුපාටවූ පස් එවනවා.. මේවාට උපරිම දඬුවම් දිය යුතුයි....

:       0       1

chandima Saturday, 14 May 2022 06:42 AM

මේ තණකොළ කන අයට ඕක සුළු දෙයක්නේ...! 

:       0       1

Lalith Saturday, 14 May 2022 07:50 AM

කාබනික පොහොර සාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ලංකාවේ මදි. දිරපු කොළරොඩු, දහයියා අලු කලවම්කළ දේවල් තමා වැඩියෙන්ම විකුණන්නේ. ගස්වලට දැම්මට ප්‍රයෝජනයක් නෑ. මේක තමයි අස්වැන්න අඩුවෙන්න හේතුව. දැන්වත් මේ හොරකම නවත්තන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 3 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 115 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත



දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 452 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 764 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 799 1

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1485 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site