IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කමිටු රැස්වීමේදී ඇමැති-දේවානි ගැටෙති

(ඩයනා උදයංගනී සහ ගම්පහ තිලකරත්න දිසානායක)
මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර  අද (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මෙම කලපු සංවර්ධනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
මෙම කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී අණරවණය විය.
එබැවින් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඉල්ලා සිටි අවස්ථාවේ දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවය.
කලපු ව්‍යාපෘතිය වන අපරාධකුරවකු වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා නොදෙන බව ද ඇය කීවාය.
මෙහිදී දේවානි ජයතිලක මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුර ඇතිවූ කතාබහ මෙසේය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
මීගමුව කලපුව ශුද්ධ පවිත්‍ර කර ධීවරයන්ට හා රටට අවශ්‍ය ආකාරයෙන් හදන්න ප්‍රමාද වී තිබෙන්නේ වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රමාදවීම නිසා බව ධීවර අමාත්‍යාංශය කියනවා.
දේවානි ජයතිලක මහත්මිය
මේ කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙක්. අපට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බැහැ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
රොන් මඩ ඉවත් කරද්දී පසුගිය කාලයේ පොලිතීන් කිලෝ ගණන් ඉවත් කළා. දැන් ඒ ඉවත් කිරීම සම්පූර්ණයෙන් නැවතිලා. ඔබතුමිය අවසර දෙනවාද නැද්ද කියන්න. එහෙනම් ව්‍යාපෘතිය නතර කරන්න කියන්න පුළුවන්. මේ නිසා මිලියන 600ක මුදලක් භාවිතයට නොගෙන තිබෙනවා.
දේවානි ජයතිලක මහත්මිය
කඩොලාන පද්ධතියට හානි වන සේ දමා ඇති පස් ඉවත් කළොත් මම ඒ සැණින් නිර්දේශය ලබාදෙනවා. ගැටලුව තිබෙන්නේ වන අපරාධකරුවෙකුට මට අවසර දෙන්න බැහැ.
මහජන නියෝජිතයෙක්
මීඩියාවලට වචන කියන්න එපා.
දේවානි ජයතිලක මහත්මිය
අපරාධකරුවෙක් ඉන්නවා නම් අපිට නිර්දේශයක් දෙන්න බැහැ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක්. මීගමුව කලපුවේ පවතින අපද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම තවත් සංවර්ධන කටයුත්තක්. ඒ නිසා ඔබතුමිය මෙතන වලිගෙ පාගාගෙන කතා කරන්න එපා
දේවානි ජයතිලක මහත්මිය
කාර්යයන් පැවරී තිබෙන්නේ මට නෙවෙයි. ධීවර අමාත්‍යාංශයට හෝ ඒ අදාළ පාර්ශවයටයි. වැරැද්ද කර තිබෙන්නේ ඒ අයයි. ඒ නිසා හැමෝම මට පීඩනයක් එල්ල කිරීම වැරදියි. මෙතනදි වැරදි කළ පාර්ශවයට පීඩනය එල්ල කරන්න. ඒ අයට පස් ඉවත් කරන්න කියන්න. එයාලා අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් මේ වෙද්දිත් ව්‍යාපෘතිය කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ටි්‍රලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා
අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා. මෙහෙම යද්දී තවත් පරිසර හානි සිදුවේවි.
රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
කලපුව පවිත්‍ර කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීමක් අනුව මේ සංවර්ධනය කරන නිසා ප්‍රශ්න පටලවා ගන්න එපා.
ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා
රජයේ ව්‍යාපෘතියක් වනඅපරාධකරුවෙක් ලෙස හඳන්වන්ගේ කොහොමද
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා
වනයට පරිසරයට, මමත් ආදරෙයි. එය සුරැකීමට කටයුතු කරනවා.
ගම්පහ දිස්ත්‍රික් කමිටු සම සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කලපුව පවිත්‍ර කිරීමට සහ කඩොලාන පස් ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරනවා.

 
 



අදහස් (28)

කමිටු රැස්වීමේදී ඇමැති-දේවානි ගැටෙති

Ranjith Tuesday, 30 March 2021 08:36 PM

මෙදා පොටෙත් හෙලිකොප්ටරෙන් ඇවිත් එයිද දන්නේ නැහැ.

:       8       131

සේනක Tuesday, 30 March 2021 08:37 PM

''මමත් වනයට ආදරෙයි'' ''මමත් ඔක්සිජන් ගැන දන්නවා'' - ඔක්සිජන් කන්නද? කියලා අහපු අයත් ඉන්නවනේ...

:       18       247

Wca Tuesday, 30 March 2021 08:58 PM

දේවානී වගේ අය හින්දා තමයි මේ පරිසරය මෙහෙම හරි තියෙන්නේ. පරිසරය සුරකින ඔබ වගේ අයට බොහොම පින්... අපේ රටේ පාලක හැත්ත ඔක්කෝම කරන්නේ ඡන්දෙ බලාගෙන. එකෙක් මේ පරිසරය ගැන කතා කරනවද නෑ. ඇමති කියන විදිහට ඇනුමැතිය දුන්නා නම් මෙලහකට වැඩේ කරලා ඇමැතියා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන... අයින් කරන්න කියපු පස් ඔතනම තමයි .

:       53       308

lansaWednesday, 31 March 2021 04:36 AM

ඇමතිලා කියන මෝඩයින් කියන විදියට කළොත් පරිසරය විනාසයි. ඒ නිසයි රාජ්‍ය නිලධාරින් ඉන්නේ උගත් ඒ පිළිබඳව දන්නා ඇමතිලාට ඕනේ විදියට රටේ පරිසර තීන්දු ගන්න බැහැ කොහොමවත් ...

:       1       34

BamunuarachchiWednesday, 31 March 2021 05:54 AM

අධිවේගී මාර්ග, කටුනායක මත්තල ගුවන් තොටුපල කරන්න කොපමණ ගස් කැපෙන්න ඇද්ද? මහවැලි ව්‍යපාරයෙන් හදපු කුඹුරු ප්‍රමාණ කොපමණද? එ් සියල්ලම 1960 කාලේ තිබුණු ඝන වනාන්තර තමයි අද අක්කර ලක්ෂ ගණනක කුඹුරු වෙලා තිබෙන්නේ... ඒ කාලේ දේවානිලා හිටියා නම් අපි තවමත් රබර් දීලා චීනෙන් හාල් ගෙන්වනවා. ලංකාව පුංචි රටක් අපිට කැලේත් බේරාගෙන විශාල සංවර්ධන වැඩ කරන්න බැහැ. එහෙම වුණොත් අනාගත දරුවන්ට කැලේ දිහා බලාගෙන ඉන්න පුළුවන්... නැතිනම් දඩයමින් ජීවත් වෙන්න පුළුවන්.

:       42       6

KooralageWednesday, 31 March 2021 07:18 AM

අනේ බමුණුගේ ටිකිරි මොලේ තරම... වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක්ද දන්නේ නැහැ. අනේද කියන්නේ. මේ අය තමයි හොර ඇමැතියන්ට උල්පන්දම් අල්ලන්නේ.

:       2       25

moda bamunaWednesday, 31 March 2021 07:21 AM

බමුනා කියන කෙනා ප්‍රදර්ශනය කරන්නේ මේ පොහොට්ටු ගවයන්ගේ මොලයේ තරමයි. අනාගත දරු පරපුරට ගස් වැල් එපාලු.

:       4       27

BamunuarachchiWednesday, 31 March 2021 10:03 AM

ඉස්කෝලේ ගියා නම් ඉස්සෙල්ලා ඉගෙනගන්න බමුණා කියන පුද්ගලයා ගැන නොවෙයි... ඔහු ඉදිරිපත් කළ අදහස විවේචනය කරන්න. මම පෙන්නපු කාරණා වලට විරුද්ධ අදහසක් දෙන්න ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත දෙයින්...

:       6       3

Nihal Thursday, 01 April 2021 12:26 AM

නුගත් මිනිස්සුන්ට හා අඩු මිලට දුරකථනයක් හා අන්තර්ජාල සම්බන්ධතා ලැබුණාම මේකයි වෙන්නේ.

:       0       1

BamunuarachchiThursday, 01 April 2021 12:08 PM

නූගත්කමයි, අඩුමුදලට ලැබෙන අන්තර්ජාල ගැනයි කතා කරන්න එපා. මම අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ලංකාවට ඒ පහසුකම ලැබෙන්න කලින් සිට... ගොබ්බ කතා එපා. මගේ තර්කයට විරුද්ධ තර්කයක් දමන්න. ගස් නොකපා අලුතින් හදන ටයර් කම්හල කොහෙද හදන්නේ...? එක ගහක් හරි කැපෙනවා. ඔබලාගේ තර්කය ගස් කපනවා කියන එක පමණයි.

:       1       0

මංජුල milano Tuesday, 30 March 2021 09:00 PM

රජයේ නිලධාරිනිය සතු නිවහල් හරි දැක්ම ගැන අපේ උපහාරය...

:       44       506

BamunuarachchiWednesday, 31 March 2021 05:32 AM

අධිවේගී මාර්ග, කටුනායක, මත්තල ගුවන් තොටුපල කරන්න කොපමණ ගස් කැපෙන්න ඇද්ද? මහවැලි ව්‍යපාරයෙන් හදපු කුඹුරු ප්‍රමාණ කොපමණද? එ් සියල්ලම 1960 කාලේ තිබුණු ඝන වනාන්තර තමයි අද අක්කර දහස් ගණනක කුඹුරු වෙලා තිබෙන්නේ. ඒ කාලේ දෙවානිලා හිටියා නම් අපි තවමත් රබර් දීලා චීනෙන් හාල් ගෙන්වනවා. ලංකාව පුංචි රටක් ... අපිට කැලේත් බේරාගෙන විශාල සංවර්ධන වැඩ කරන්න බැහැ. එහෙම වුණොත් අනාගත දරුවන්ට කැලේ දිහා බලාගෙන ඉන්න පුළුවන්... නැතිනම් දඩයමින් ජීවත් වෙන්න පුළුවන්..

:       36       5

AjithWednesday, 31 March 2021 09:09 AM

බමුණුආරච්චිට තියෙන්නේ බමුණු මොලයක් තමයි. සංවර්ධන කටයුතු කරන ගමන් පරිසරයත් රැකගන්න ඕනෑතරම් ක්‍රම තිබෙනවා..

:       0       9

BamunuarachchiWednesday, 31 March 2021 10:23 AM

ඔබට තිබෙන පර්චස් 10 ගේ හදාගන්න ඕනේ නම් කොපමණ පරිසරයට ආසා වුණත් ගේ හදන්න ඕනේනම් එහි තිබෙන ගස් කපන්න වෙනවා. පරිසරය රකින්න ඕනේ නම් ගෙය හදන්නේ නැතුව ඉන්න වෙනවා. ගෙයක් හදන්න ගියාම මිනිස්සු දේව පාද, ප්‍රේත පාද, දිසාවන් මෙකී නොකී හැමදේම තෝරලා තමයි තැන තෝරන්නේ එතන ගස් තිබෙනවා නම් වැඩේ හබක්. සංවර්ධන ව්‍යාපෘති අපිට ඕනේ ඕනේ තැන්වල කරන්න බැහැ. ව්‍යාපෘති සුදුසු තැන තීරණය වෙන්නේ බොහෝ සාධකවලට අනුවයි. ව්‍යාපෘතිය කළයුතුම නම් එසේ තෝරාගත් තැනක තිබෙන ගස් ගැන හිතන්න බැහැ. අපේ තුනී ලෑලි කර්මාන්ත ශාලාව පිහිටුවේ කොහෙන් ලී ගෙනෙන්න බලාගෙනද? වැඩේ අසාර්ථකයි... එ්ක වෙනම කතාවක්. පරිසරය රැකගෙන දකුණු අධිවේගී මාර්ගය කළා නම් මුහුදු වෙරළ දිගේ තමයි කරන්න වෙන්නේ. එතකොට කොළඹ නුවර අධිවේගී මාර්ගය...

:       23       4

KAPILA Tuesday, 30 March 2021 10:45 PM

දේවානිට ළඟදීම ගම්පහින් පිටට ස්ථාන මාරුවක්. එහෙම නොව්නොත් මේක සුපිරි රටක්.

:       0       0

කුමාර Tuesday, 30 March 2021 11:14 PM

කඩොලාන පද්ධතියට පස් පිරවූයේ අද ඊයේ නොවෙයි නේ. ඇයි ඔබ එදා ඔය වන අපරාධකරුවන්ට එදා විරුද්ධ නොවූයේ. එදත් ඔබ විරුද්ධ වූවා නම් ඉතා අගය කළ යුතුයි . එතන විනිවිද භාවය පිළිබඳ ගැටලුව ක් තිබෙන බව නම් පෙනේ.

:       0       0

අබය Wednesday, 31 March 2021 12:14 AM

පරිසරය සුරැකීම උදෙසා නැගෙන, ඔබතුමියගේ අභීත හඬ වෙනුවෙන් අපගේ උපහාරය!

:       0       0

Praba Wednesday, 31 March 2021 12:30 AM

"මාධ්‍ය වලට කතා කරන්න එපා" හිරිකිතයි ඇමැතිතුමා. මේ කතා කරන්නේ දේශපාලකයන්ගෙන් පරිසරය රැකගන්න අභීතව හඬ නගන කාන්තාවක්. මාධ්‍ය මාකටින් කරල මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තුවට ගිහිල්ල රට කන දේශපාලකයෙක් නෙමෙයි.

:       0       0

Raveendra Wednesday, 31 March 2021 12:57 AM

සර්ලටම හරියන ගෝලයො ටික..රට බේරගන්න කියල බලයට ආපු අය දැන් හැප්පෙන්නෙ පරිසරය ගැන කතා කරන භාග්‍යා, දේවානි, වගේ අය එක්ක..

:       0       0

Ajith Wednesday, 31 March 2021 02:40 AM

හැම ඵකටම දේශපාලකයෝ අත දාල රට විනාශ කරනවා

:       0       0

wasantha Wednesday, 31 March 2021 03:51 AM

මෙතුමියගේ උත්සාහය ඉතිහාසගතයි. පිරිමින්ගෙන් කරදරයක් නැතිව බස් එකක වත් යන්ට බැරි රටක සම්පුර්ණ ආරක්ෂාව සමග පැමිණි ඇමතිවරුන්ට බය නැතිව තමන්ගේ මතය ප්‍රකාශ කිරීම ආදර්ශමත්. මෙතුමියගේ සහයට තව නිලදාරී නැත්ද. යල් පැනපු ලංකාවේ පරිසර නීතිය පැහැදිලි කරන්ට කවුරුත් නැත්ද

:       0       0

nalin Wednesday, 31 March 2021 04:21 AM

අප ඇයට කොපමණ සහයෝගය දැක්වුවත් ඇයට මේ සටන වැඩිකාලයක් කරගෙන යන්න ලැබෙන්නෙ නෑ ... මේ ඇමැතිලා එක්ක ... මුන් හොද මූන පෙන්නගෙන ආවට මුන් කරන්නෙම ඔය වගේ කැලෑ පාලු වැඩ ... ලන්කාවෙ ඉන්න බහුතරයකට ඔය කැලෑ ගැන දැනීමක් නෑ... ඉතින් ඉස්සරහට අපිට ලංකාවේ ඉන්න පුලුවන් වෙන එකක් නෑ වතුර ... ඔක්සිජන් වගේ ප්‍රශ්න ගොඩක් ඒවි ... දැන් ඉතින් කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ වෙන රටක පදිංචියට යන එක විතරයි...

:       0       0

a.b.Srila Wednesday, 31 March 2021 05:12 AM

මාළුවන් නැතිකළ ධීවරයන් නැතිබව ඔවුන්ට කියාදෙන්න. ඔබතුමිය පරිස්සම් වෙන්න. දූෂිත වාතය තුළ ජීවයක් නැතිබව සමස්ත සමාජයම දැනුවත් වෙන්න. හැකි සැමවිටම පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න. දූෂිත නිලධාරින් වරප්‍රසාද වෙනුවෙන්ද, අමන දේශපාලුවන් ඡන්දය කොමිස් වෙනුවෙන්ද පෙනී සිටියි..

:       1       34

fairoos Wednesday, 31 March 2021 07:44 AM

මෙතුමියගෙත් ඇඩ්‍රස් නැතිවෙයි වගේ.. කුඩ්ඩා එක්ක තමයි හැප්පිලා තියෙන්නේ...

:       2       6

Dewa Wednesday, 31 March 2021 08:05 AM

ඔය වීඩියෝ එක බැලුවා. නිලධාරීන්ගේ ඉරණම මෙයයි. අන්තිමට කියන්න තියෙන්නේ හොඳට තිබුණු රටක්... රටට වෙච්චි දෙයක්... කට්ටියටම සැපද?

:       1       18

Nandana Wednesday, 31 March 2021 08:48 AM

ඔබට සුබපැතුම් දේවානි, ඔබ රටට ආඩම්බරයක්...

:       1       17

real man Wednesday, 31 March 2021 09:02 AM

පස් ටික අපි ඉවත් කරන්නන් කියලා වැඩේ කරන්න බැරි මැති ඇමතිලා ටිකක්නේ ලංකාවේ් ඉන්නේ. අනික එක එක අමාත්‍යාංශ එ්කට සම්බන්ධීකරණය කරගන්න මේ අයට බැරුව හිතනවා නම් රට සංවර්ධනය කරයි කියලා එහෙම හිතන අය අංගොඩ යවන්න ඕනේ්...

:       1       20

mal Thursday, 01 April 2021 07:57 AM

එතුමියගේ වාසනාවට මිරිස්කුඩු තිබ්බේ නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 549 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 345 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1098 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 64 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2348 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site