IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔමික්‍රෝන් ලංකාවට

(සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන "ඔමික්‍රෝන්" නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනයවූ පුද්ගලයකු  මෙරටින් ප්‍රථම වරට හමුවූ බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.

මෙම රෝගියා  දැනටමත්  නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා  ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද  පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්  ප්‍රකාශ කළේය.

විදේශයන්හි සිට පැමිණී පුද්ගලයන් රැසකගේ ජෛව පටල සාම්පල  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පසුගිය  සතිය පුරා විශේෂ  පරීක්ෂණවලට (ජාන අනුක්‍රමණ) යොමු කරනු ලැබීය. එක සාම්පලයක තිබී මෙම නව ඔමික්‍රෝන්  සැර කොරෝනා වයිරසය  හමුවී ඇත්තේ  ඇත්තේ එම පරීක්ෂණයේදීය



අදහස් (24)

ඔමික්‍රෝන් ලංකාවට

ජයසුමන Friday, 03 December 2021 11:15 AM

කොහොමද ආවේ? කවද්ද ආවේ? දවස් ගාණක ඉඳන් ඒ රටවල්වල මිනිස්සුන්ට තහනම් කරලා නේද තියෙන්නේ? මේ පුද්ගලයා නීතීයට ඉහළින් ඉන්න බලවත් පුද්ගලයෙක්ද?

:       8       184

AsankaFriday, 03 December 2021 02:08 PM

ඔමික්‍රොන් පැතිරීම ආරංචි වූ විගස ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට දේශසීමා අවහිර කළ නමුත් අවසන් වරට යොදාගෙන තිබූ ගුවන් ගමන් වෙනස් කරේ නැත. එසේ පැමිණි අය දින 14ක නිරෝධායනයකට යොමු කරන ලදී. මෙම රෝගියා තහවුරු වී ඇත්තේ එලෙස නිරෝධායනයේ සිටියදීයි...

:       36       12

ජයසුමනFriday, 03 December 2021 03:01 PM

නිරෝධායනයේ ඉඳලා නැහැ. ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය...

:       3       23

Dasa PFriday, 03 December 2021 10:19 PM

ගුවන් තොටුපළෙන් නම් ආවා වෙන්න බැහැ. පොළව පලාගෙන ආවා වෙන්න බැරිද?

:       0       2

මහසෙන් Friday, 03 December 2021 11:30 AM

නාමල් බේබී නිදාගත් වෙලාවේ හොරෙන්ම එන්න ඇති. එන්නම දෙන්නෑ කීවනේ. දැන් අඩුපාඩුව සම්පූර්ණයි. අර විහිලු නීතී ටික ආයේත් ගේන්න වෙලාව එනවා වගේ ළඟළඟම...

:       12       117

gamage Friday, 03 December 2021 12:19 PM

කෝ මේ නාමල් බේබි..?

:       6       65

Rohan Friday, 03 December 2021 12:48 PM

ඔමික්‍රෝන් පාර්ලිමේන්තුවට...

:       2       177

Shan Friday, 03 December 2021 01:04 PM

නාමල් බබාගේ කයිවාරු පේනවා නේද? සුරංගනා කතා කිය කියා මිනිස්සු රවටනවා.

:       4       72

Chaminda Friday, 03 December 2021 01:10 PM

මේක දැන් බ්‍රේකින් නිවුස්...! බය වෙන්න එපා මාසෙකින් ඕක සාමාන්‍ය වෙනවා.

:       1       23

Samantha Friday, 03 December 2021 01:44 PM

සියලු සත්වයෝ සුවපත් වේවා..!!!

:       0       85

යෝගා Friday, 03 December 2021 02:02 PM

මෙම නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු නැතිබව නවතම පරීක්ෂණ වලින් හෙළි වී ඇත. එය අස්වැසිල්ලක්...

:       3       17

මැක්ස් Friday, 03 December 2021 02:42 PM

ආණ්ඩු විරෝධීන් සමහරුන්ට ඕමික්‍රෝන් මෙහි පැමිණීමත් මංගල කාරණයක් වී ඇති වග යම් යම් කමෙන්ටුවලින් ගම්‍ය වේ. මෙහෙමත් අපත රැලක්...!

:       28       16

Pani bandaraFriday, 03 December 2021 05:53 PM

ඒ කියන්නේ ඔයා ආණ්ඩුවේ කුණු හෝදන වහලෙක්ද?

:       1       11

parakkramaFriday, 03 December 2021 06:46 PM

මැදමුලනට කඹුරන තවත් එක් තප්පුලමෙක්...

:       4       12

මැක්ස්Friday, 03 December 2021 07:59 PM

මැදමුලනට නම් කැඹුරුවත් මොකද? උන්නැහේ ඔහේ වගේ ස්වාධීනයකු නොවී...

:       5       3

BishanFriday, 03 December 2021 08:24 PM

ඒ කියන්නේ ඔයා මැදමුලනේ වහලෙක්නේ. සික්ස්ටි නයින් පොරක්...

:       1       4

Sajith P Friday, 03 December 2021 03:20 PM

ඇති යාන්තම්.. එච්චරයි අඩුවකට තිබුණේ... දැන් උද්ඝෝෂණ දෙක තුනක් කරලා ඕක රට පුරාම පතුරවන්න පුළුවන්...!!!

:       12       21

සජිත්Friday, 03 December 2021 07:07 PM

තමා කියන්නේ අපි සතියකට හමාරකට පෙර කරපු උද්ඝෝෂණ නිසා මේ නව වසංගතේ ආවා කියලා නේද?

:       1       5

Janatha Friday, 03 December 2021 05:52 PM

ලෝකයේ අනිත් රටවල ඉහළම විද්වතුන් නම් කියන්නේ එන්නත්වලින් ඔමික්‍රෝන් වයිරසයට බලපෑම් කිරීම අමාරුයි කියලා. ආචාර්ය ජිවන්දර නම් මේකට එන්නත් ගහන්න ගහන්න කියනවා. ජීවන්දර එහෙම කියන්න ඔහු කරපු පරීක්ෂණ මොනවද? කරුණාකර ඒවා ඉදිරිපත් කරන්න...

:       0       6

sampath Friday, 03 December 2021 07:03 PM

ඔමික්‍රෝන්, ලැම්ඩා වගේ ඕනෑම නමකින් ඕනෙම ප්‍රභේද එන්න පුළුවන් තමන් උපරිමයෙන් ආරක්ෂා වෙන්න.. නමුත් එවැනි තත්වයක් පේන්න නැහැ. මිනිස්සු උත්සව තියෙනවා, විනෝද චාරිකා යනවා... පොදු ස්ථානවල පොර කකා ඉන්නවා.

:       0       8

Nimal Ambalangoda Friday, 03 December 2021 07:06 PM

මේ මගියා එන්නත් ලබානොගත් මගියෙකු බව කියනවා​. ඔහු පැමිණ ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාවෙන් බව ආරංචියි. කොහොම වුණත් එන්නත් ලබා නොගත් මේ තැනැත්තා කෙළින්ම ගෙදර ගියාද​...?

:       1       7

මැට්ටා Friday, 03 December 2021 07:29 PM

මම නම් කියන්නේ සජිත් ඕක ලංකාවට ගෙනැල්ලා තියෙන්නේ... ඕක පැතිරෙන්නේ සජිත් කරන උද්ඝෝෂණ වලින් විතරයි. වහාම සජිත්ව අත්අඩංගුවට ගන්න ඕනෑ...

:       0       2

Chathuranga Friday, 03 December 2021 09:26 PM

උපුල් මහතා නම් කිව්වේ ඔයිට වඩා වෙනස් දෙයක්... පවුලේ අය හෝ හැදුණු කෙනා හෝ කිසිම කෙනෙක් ගැන දන්නේ නැහැ කියලා...

:       0       0

අගුපිලගේ Saturday, 04 December 2021 05:38 AM

ඇත්තටම ආණ්ඩුවේ රෙදි සෝදන රවීන්ද්‍ර සහ බමුණුආරච්චි දෙන්නාටත් ඔමික්‍රෝන් හැදිලාද? කලකින් ආවෙ නැත්තේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 17 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 15 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 66 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 147 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1269 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 527 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1493 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site