IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාප නායක රනිල් ජුලියේ මැතිසබයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යා යුතු බවට මේ වන විට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබෙන බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේ නව වසරේ ගාල්ල එජාප කාර්යාලයේ වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.

රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා තරම් පාර්ලිමේන්තු යාමට සුදුස්සෙක් තවත් නැතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැම අවස්ථාවකදීම රටට කිසිම හානියක් නොකළ ඉතිහාසයක් තිබෙන බව කී අබේවර්ධන මහතා වර්තමාන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළේය.

 



අදහස් (8)

එජාප නායක රනිල් ජුලියේ මැතිසබයට

fairoos Thursday, 15 April 2021 10:17 AM

රට ගොඩගන්න එක කොහොම වුණත් මිනිහා නම් ගොඩ ගියා.

:       1       4

C.K.Lankaputhra Thursday, 15 April 2021 10:37 AM

කවුරු මොනව කීවත් මේක තමයි හරි තීරණය. අද වනවිට රනිල් පාර්ලිමේන්තුවට අවශ්‍යම පුද්ගලයෙක්. ඔහු ලඟ වැරදි ඇති, දුර්වල කම් ඇති, ඔහු නිහඬ නායකයෙක්. ඔහුගේ නිහඬ බව මේ වන විට අපට යමක් වියන්ගයෙන් පවසා සිටිනවා. ඔහුට සම කල හැකි දේශපාලකයෙක් අද මේ රටේ නැහැ. එතුමාට මඩ ගහන්නට කවුරු උත්සාහ කලත් ඒ කිසිම උත්සාහයක් කවදාවත් සාර්ථක වුණේ නැහැ. ඇත්ත, ඔහු ඡන්ද වලින් පැරදුනා එක සත්‍යයක් . ඔහුගේ දේශපාලන තුරුම්පු සමහරක් අසාර්ථක වුණා, එකත් සත්යයක් වෙන්න පුලවන්. නමුත් අද වන විට සැබවින්ම පැරදිලා ඉන්නේ කවුද ? අපි. අපි. සාකල්පයෙන්ම අපි. රනිල් කියන්නේ හිටගත් විට ලෝකයක් අත්පොලසන් දෙන නායකයෙක්.

:       5       3

NM Thursday, 15 April 2021 04:50 PM

රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා වීමෙන් පසුවය.

:       4       2

abc Thursday, 15 April 2021 08:54 PM

රජුන් තනන්කු බව කියන්නවු මංගල සමරවීරගේ මාධ්‍ය සාකච්ඡාවට පිළිතුරක් දීමට අවශ්‍යව ඇත

:       1       1

Bandara Thursday, 15 April 2021 09:16 PM

නැවතත් සාදරයෙන් පිළිගන්නවා

:       3       2

Deepal Nirosh Friday, 16 April 2021 06:02 AM

ඒ පාර ආයෙත් මළ ජූලියක්ද? නැතිනම් කළු ජූලියක්ද?

:       1       3

lal Friday, 16 April 2021 06:22 AM

ගෙදරට වෙලා ඉන්න දැන් ඇති හොඳටම ඔයා හොඳ මහත්මයෙක් නමුත් හොඳ නායකයෙක් නෙමෙයි

:       1       2

BamunuarachchiSaturday, 17 April 2021 05:40 AM

රට පැත්තකට දමා යාලුවන්ට උදව් කරන මහත්තයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 13 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 65 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2469 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1323 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 991 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 433 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site