IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි

 එස් .ඩි.කොඩිකාර

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි. දෙනියාය වරල්ල ඉළුක්කැටිය ප්‍රදේශයේදී එය පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඇතුළු පිරිසක් අද මහින්ද රාජපක්ෂ මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.



අදහස් (52)

ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි

Mahinda Sunday, 03 September 2017 03:34 PM

මෙතුමා ගැන හරිම කණගාටුයි...

:       10714       10349

ruwanSunday, 03 September 2017 04:37 PM

ඉතින් ටිකක් අන්දන්නකෝ මහත්තයෝ. ඔය තරම් කණගාටු නම්..

:       404       503

ruwanMonday, 04 September 2017 03:33 AM

අන්දන්න දෙයක් නැහැ හොඳටම අන්දගෙන තමයි ඉන්නේ.

:       119       3041

ach-cha-ruSaturday, 09 September 2017 10:38 AM

මහින්ද ඔයා හරි... මෙතුමා මොකෙන් ආවත් හරියන්නේ නැහැ. නඩු නිෂ්ප්‍රභා වෙයි. හිරේ ඉන්න අය එළියට එයි. පිටරටවල හැංගිලා ඉන්න අයට නිකන්ම පාස්පෝට් 2,3 හම්බවෙයි. සුදුවෑන්, කළු වෑන් වෙයි. ආයෙමත් පාරවල්වල රේස් යාවි.

:       38       39

Asanka Sunday, 03 September 2017 04:26 PM

එන්න එන්න අනේ ඔබතුමා මොකෙන් අාවත් අපි ඔබතුමාව රජතුමා කරනවාමයි කලින් කල වැරැද්ද අායේ කරන්නේ නැහැ...

:       6133       6384

rohana kumar mendis Sunday, 03 September 2017 04:44 PM

ඔව් එ්ක හොඳයි දැන් මල පරවෙලා නිසා පොහොට්ටුවෙන් එන එක නම්...

:       198       1030

Chanak Los angeles Sunday, 03 September 2017 05:02 PM

අනේ මෙහෙම තණ්හාවක් ... මොහු එන්නේ කොහොමද රටේ තිබෙන ව්‍යවස්ථාව අනුව?

:       1061       2741

rajapathi Sunday, 03 September 2017 05:05 PM

තනතුරු ගැන ඇති සිතිවිල්ලේ....අවසන මුලවෙයි ලතැවිල්ලේ..., ඇයි මේ විදියට හැසිරෙන්නේ.. ඔබ යළිදු නොඑනු ඇත ඔබ ආයේ.... බලයෙන් මත්වී හැසිරෙන්නේ ඔබ අගමැති ගැන ඇති සිතිවිල්ලේ.... කිසිඳු දිනෙක යලි නොමවෙන්නේ... අවසන මුලවෙයි ලතැවිල්ලේ.... අගමැති තනතුර රනිල් මැතිඳු ළඟ යලි නොම දෙනු ඇත මේ කපයේ.... ඒ ගැන ඇති වන සිතිවිල්ලේ අවසාන මුලවෙයි ලතැවිල්ලේ.... රටක් වටින මහ රජෙකුව සිටි ඔබ ඇයි මෙහෙම දෙයක් වූයේ...!!!

:       273       505

PITIGALA MILANO Monday, 04 September 2017 10:54 AM

ඔය සින්දුව දාන්න ඥාති මිතුරු රැළට ඇහෙන්න. එතකොට වත් හේතුව තේරෙයි.

:       5       64

sanath Sunday, 03 September 2017 05:06 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මකලා දමන්න කිසිම අලුත් පක්ෂයකට බැහැ. පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, විජය කුමාරතුංගගේ මහජන පක්ෂය, ලලිත් සහ ගාමිණීගේ පෙරමුණ, සරත් ෆොන්සේකාගේ පක්ෂය සහ මහා සංගයාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පිහිටවූ ජාතික හෙළ උරුමය මුල් අවස්ථාවේදී ඇතිකළ ජන ආකර්ශණය ඉතාමත්ම තාවකාලික විය. මල් පොහොට්ටුව මහින්ද මහතාගේ ආකර්ෂණය නිසා පිපුණත් එය ඉතා ඉක්මණින්ම පරවෙන බව අපි හොඳාකාරවම දනිමු.

:       601       2238

ranavi Sunday, 03 September 2017 05:07 PM

අනේ මන්දා. ඔබතුමා ආයෙත් එන්න හදන්නේ හත්මුතු පවුලත් එක්කමද?

:       864       2207

sathyayaa Sunday, 03 September 2017 05:41 PM

කැලේ පිපුන මල් පොහොට්ටු මොන තරමක් ඔබලා අතින් අකාලයේ මියැදෙන්නට ඇත්ද? පිපෙන පිපෙන පොහොට්ටු අයිති ඔබලාටමයි කියා සිතපු කාලය අවසන් යයි සිතන්න කාලය එළඹ ඇත. ඔබලාගේම අපරික්ෂාකාරී අතීතය විසින් ඔබලාට දැන් ඉතිරි කර ඇත්තේ ඉටි මල් පොහොට්ටු පමණයි. ඒවා මිනිසුන් අතින් කෙලෙසෙන්නේද නැත. කල් ගත වී හෝ පරවෙන්නේ ද නැත. අද ඔබට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉටි මලින් සැබෑ මල හඳුනාගන්න පුළුවන් ජනතාවකටයි. දෙවිවරු පවා ආයුෂ අවසන් වී දෙව්ලොවින් චුතවෙන සමයක මල් පොහොට්ටුවක් අතින් ගෙන ඔබ මේ ප්‍රවිෂ්ට වෙන්න උත්සාහ කරන්නේ සිහින ලොවකට බව කණගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.

:       54       584

K Perera Sunday, 03 September 2017 06:01 PM

අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්!

:       109       395

ජයන්ත මිලානෝ Sunday, 03 September 2017 06:06 PM

අදහස් දාන අය ටිකක් කල්පනා කර බලන්න, උපදින්නට ඉන්න දුප්පත් දරුවන් ගැන හිතලා අවංක පාලකයන් පත්කර ගන්නා ලෙස පාට පක්ෂ ඉවත් කර ගනිමු .

:       134       361

raveendra Sunday, 03 September 2017 06:07 PM

අප මවුබිම බේරාගැනීමට, එඩිතරව නිර්බයව තීරණගෙන එම මෙලෙච්ච රැලගෙන් රට බේරාගැනීමට අපගේ විරෝධාර රණවිරුවන්හට නායකත්වය දීමට මූලිකවූ ඔබගේ නම ලක්මවගේ හදවති රන් අකුරෙන් ලියවී ඇත. එය කිසිවකුහට මැකිය නොහැක. තවද ලක්මවගේ දරුවන් හැටියට අප ඔබට ඇතුළු සියලු රණවිරුවන් හට අප හිස නමා ආචාර කරන්නෙමු. නමුත් ඔබ නැවත අප මවුබිමට නායකත්වය දීමට සැරසෙන්නේනම් ඔබගෙන් වුන අඩුපාඩු පිළිබදව ලක්මවගේ ආදරණිය දරුවන් වන අපව දැනුවත්කිරීම ඔබගේ ඉදිරිගමනට එය හොද රුකුලක්වෙනු නියතය. තවද අවසාන වශයෙන් මෙයද කිවයුතුමය. ඔබ අවට ඉන්නා කපටි අයගෙන් ප්‍රවේසම් වීම ඉතා වැදගත්වේ.

:       1475       1634

sathyayaaMonday, 04 September 2017 09:35 PM

රවීන්ද්‍ර! ඔබ ඉතා හැඟුම් බර පුද්ගලයෙක් බව පේනවා. එය නරක දෙයක් නොවෙයි. නමුත් අප හෙළ වර්ගයාගේ එක් විශේෂ ගුණාංගයක් වූ මේ උත්තරීතර ගුණාංගය අප රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදුන දා සිට දේශයේ හතුරන් බවට පත්ව ඇති පාලක ද්‍රෝහීන් විසින් නිරන්තරව සූරාගෙන මිනිසුන්ගේ නිදහස්ව සිතීමේ හැකියාව මොට්ට කර දමා ඇත. ඔබගේම දෙපයින් නැගී සිටින්න. නිදහස්ව සිතන්න. එවිට මෙතෙක් ඔබට නොපෙනුන බොහෝ දේ පෙනෙනු ඇත. ඒ චින්තනය ඔබගේ මතු පරපුරටද උරුම කරන්න. එදාට අපේ ම කියා කිව හැකි මව්බිමක් අපට ඉතිරි වෙනු ඇත.

:       2       29

liyanage hemantha Sunday, 03 September 2017 06:22 PM

2009 යුද්ධය අවසන් කල අවස්ථාවෙදී අපි හිතුවෙි මේ රටට අවශ්‍ය නායකයා ඔබතුමා බව. තවත් අවුරුදු 50 කට. නමුත් යුද ජයග්‍රහණයෙන් පසුව කුමක්ද වුනේ. ටිකක් සිතා බලන්න. දූෂිතයන් නැතිව ඉදිරියට යන්න එවිට අපි ඔබතුමා සමගයි. ඔබතුමාට අපි සියළු ශූී ලාංකිකයන් නමස්කාර කරනවා හැමදාටම අපේ රට කුරිරු LTTE වනචාරිගෙන් බෙිරාගත් අසහාය නායකයා මහින්ද රාජපක්ෂ නම් වු ඔබතුමා.

:       409       633

Bando Sunday, 03 September 2017 07:23 PM

USA වල හිටපු ජනතිපති ඔබාමා කෝ දැන්

:       147       408

Hafeel Sunday, 03 September 2017 09:40 PM

මොනවද සටන් පාඨය ඉදිරිපත් කරන්න යන්නේ! දැන් කොටිත් නැහැනේ

:       141       390

vidya Monday, 04 September 2017 12:15 AM

පොට්ටුව කඩන්නේ කොහොද? වට කරගෙන ඉන්න සෙට් එක මඩ ගොඩක් නේ.

:       61       363

ase Monday, 04 September 2017 01:20 AM

තණ්හාව මිනිසෙක් වනසන සැටි, දුකයි මොහු ගැන

:       500       777

Nimal Monday, 04 September 2017 01:31 AM

අයේ එන්නේ බැසිල් එක්කද? මෙතුමා අපරාදේ නැති නාස්ති වෙන්න යන්නේ

:       172       527

sathyayaa Monday, 04 September 2017 09:45 PM

නැහැ ! මෙයාගේ මල්ලි බැසිලුත් පිහිට පතන්නේ සිරිසේන ජනාධිපතිගේ ඥාති පුත්‍ර යෙකුගෙන්. ඔක්කොම ජාඩියට මුඩිය වගේ. "උඹව ගලව ගන්න මං එංඥන්, මාව ගැලව ගන්න උඹ පැනපන් මස්සිනේ" කියල තමයි වැඩ අල්ලන්නේ. ජනතාවට හුළං!

:       0       53

ලුම්බිණි Monday, 04 September 2017 02:20 AM

ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලාද ඉන්නේ?

:       94       267

Lapaya Monday, 04 September 2017 02:24 AM

ජය වේවා රට බේරාගත් විරුවාණෙනි.. අතීතය අමතක අය අතලොස්සක් තවමත් රටේ සිටි.

:       1072       823

sahanMonday, 04 September 2017 10:42 AM

අතීතය මතක නිසා තමයි 2010 දී සරත් ෆොන්සේකා පරදවා මෙතුමා ජනාදිපති කලේ, හැබැයි ඊට පස්සේ මෙතුමා හිතුවේ මේ රට රාජපක්ෂ පරම්පරාවට ලැබුණු දෙයක් කියලා. එ්කේ ප්‍රතිපල තමයි 2015 දී ලැබුනේ, එ්ක නිසා රටේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ලපයා ඔබත් මෙතුමාව විකුණලා කීයක් හරි හොයා ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්... එ්ත් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න හොඳ නැහැ. මෙතුමා පැරදුනේ මෙතුමාගේ සහ පවුලේ අයගෙන්...

:       101       211

sathyayaa Tuesday, 05 September 2017 04:57 PM

අතීතය අමතක කළ අය 608යි . අතීතය අමතක නොකළ අය 717 යි. හරියට ජනවාරි 8 වෙනිදා වගේ.

:       1       4

chandana Monday, 04 September 2017 03:01 AM

ඔබතුමා පක්ෂයක් ලකුණක් නැතුව හිස් කොලේකින් ආවත් රටට ආදරේ අපි ඔබතුමාට ආපහු රට බාර දෙනවා. අද ඔබතුමා අපේ දරුවන්ට හදල දීපු වරායවල්, එයාර් පොර්ට් අර යටත් විජිත කාලේ වගේම පිටරට වලඅය භුක්ති විදිනවා

:       959       856

ShanFriday, 08 September 2017 06:24 AM

මෙතුමා හදපු ඒවා නෙමෙයි, මේවා චීනෙන් ණයට අරගෙන, කරපු ඒවා. මේවා ඔක්කොම ගෙවන්න වෙන්නේ හදපු හොරුන්ට නෙමෙයි අපිට. පොඩ්ඩක් අධ්‍යනය කරලා කතා කරන්න.

:       2       61

බණ්ඩාර(කැකිරාව) Monday, 04 September 2017 03:20 AM

ඉහත දක්වා ඇති අදහස් දැක්කම පුදුම කණගාටුවක් ඇතිවෙන්නේ.රටට සෙතක් කරපු උතුම් මිනිසෙකුට මෙවැනි අවමන් කිරීම ඉතාමත් පහත් ක්‍රියාවකි. එවැනි ප්‍රකශ අප තරයේ හෙලා දකිමු.

:       2421       2726

Kariyawasam Monday, 04 September 2017 04:12 AM

අපේ රටේ ඉන්නේ මෙයා විතරද? මොන විකාරද මන්ද?

:       1204       1219

jayampathi Monday, 04 September 2017 05:15 AM

ඉතින් තවමත් ශ්‍රීලනිප නායකයින්, මහින්දට සහ ඒකාබද්ද නඩයට අනේ එන්න එන්න කියනවද ? මහින්ද තාමත් ශ්‍රීලනිප අනුශාසකද ? ඔවුන් පක්ෂේ විනය කඩකරලා නැත්ද ? ශ්‍රීලනිප අපගේ චන්දෙන් පත්වුණු මේ කට්ටිය තවමත් ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් ලෙස පාර්ලිමේතුවේ ඉන්න පුලුවන්ද ?

:       168       51

Santha Monday, 04 September 2017 05:17 AM

සන්තෝසයි , එක්සත් ජාතික පක්ෂය ගොඩේ ගොඩ. අනේ තව පක්ෂයක් හදන්නකෝ.

:       194       658

kumara Monday, 04 September 2017 06:18 AM

තමුන් ගැන තමුන්ටවත් නිසි වටිනාකමක් නැතිකමේ පලවිපාක

:       44       171

Ruwan Monday, 04 September 2017 06:40 AM

නිදහසේ අපගේ දුවා දරුවන් සමග මේ ගෙවන ජීවිතය අපට අපේ ළමුන්ට වටිනවා. ඔවුන් දැන් දන්නවා උදේ වැඩට යන තාත්තා හවසට ගෙදර දැන් එන බව. ඒ මානසික නිදහස ඔවුන්ට මොන සැපතකටත් වඩා වටිනවා. සල්ලි නෙවෙයි ජීවිතය කියන එක දැන් ඉන්න ළමුන් හොඳට තේරුම් අරගෙන් ඉන්නේ. ත්‍රස්තවාදය මොන ආකාරයෙන්වත් අපි අනුමත නොකලත් රාජ්‍ය ත්‍රස්තවාදය සහ අනුන්ගේ මත නොපිළිගැනීම ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට හේතුවක් නොවේ.

:       108       1130

kumar (galf) Monday, 04 September 2017 06:57 AM

ලොකු මහත්තයෝ වෙනත් ලකුණකින් එන්න.

:       75       60

Deepal Nirosh Monday, 04 September 2017 09:11 AM

ඊළඟ ඡන්දයෙන් එන ලකුණ තීරණය කරන්න කලින් ඊළඟ ඡන්දය එන දිනය තීරණය කර ගත්තා නම් නේද හොඳ? පරිණත දේශපාලඥයෙක් විදියට 2020 වෙනතුරු ඡන්දයක් නො එන බව ඔබතුමා දැන නො සිටීම කණගාටුවක්. නැතිනම් ඇත්ත දන්න නිසා නේද මේ වගේ නිර්භීත ප්‍රකාශ නිකුත් කරන්නෙ?

:       53       68

de silva Monday, 04 September 2017 09:15 AM

පොට්ටුවෙන් බැරිනම් හැරමිටියෙන් හරි එන්න

:       76       287

de silva berlin Monday, 04 September 2017 09:21 AM

ඔබතුමාට ගැලපෙන්නේ ඔටුන්න ලකුණ.

:       8       63

siri Monday, 04 September 2017 09:26 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අන්තිම ඇණයද මේ ගහන්න යන්නේ. රනිල්ට දැන්නම් හරිම සතුටක් දැනෙනවා ඇති.

:       54       85

husen-riyad Monday, 04 September 2017 09:42 AM

මෙතුමාට සහ නඩේට හරියන කාලෝචිත ලාංඡනය වන්නේ පොහොට්ටුව නෙමෙයි. විලංගුවයි.

:       56       116

PITIGALA MILANO Monday, 04 September 2017 10:32 AM

කහඹිලියා පොහොට්ටුවෙන්ද? එන්න අායෙත් අත දිග හැරලා දෙන්නම් කතිරයක්...!!!

:       69       19

shan saudi Monday, 04 September 2017 11:11 AM

එක පාරක් මට්ටු නොවුණු එකේ පොහොට්ටුවෙන්වත් මට්ටුවෙන්නේ නැතෙයි.

:       40       66

rohana Monday, 04 September 2017 02:24 PM

නැහැ නැහැ මෙයා ආපහු කොහෙන් හරි මහා ඇමති වෙලා මුල ඉඳන් එයි නැත්නම් විරුද්ධ පක්ෂේ නායකයා වෙන්න හරි පුළුවන්නේ නේද?

:       30       2

wasanjaya Monday, 04 September 2017 03:03 PM

පොහොට්ටුව අත්හැරලා පොල්ගෙඩිය දාගන්න හොරපොල් නඩේ කියලා පක්ෂයේ නමත් මාරු කරන්න.

:       32       72

Padmini Tuesday, 05 September 2017 04:57 AM

මෙයා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් බව නොදන්නා රට ගොන් ටිකක් තවත් වහල් සේවයේ යෙදෙන හැටි .

:       1       22

ROHAN Tuesday, 05 September 2017 06:00 AM

හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න ඕනා එළිපිට ..... තටමල තටමලා කිකිළි බිත්තරේ අමාරුවෙන් දැම්ම ....දැන් තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහා ලේකම් තුමාගේ කාර්ය භාරය ....???

:       1       0

ලෝරන්ස් රාජපක්ෂ... Tuesday, 05 September 2017 12:57 PM

අත ලකුණ ජනතාවට මතක නැහැ..පුටුවට 10 බුලත්කොලයට10..මල්පොහොටිටුව ආවත් ජනසතු ප්‍රතිපත්තිය මුලික වෙන්න ඔිනි....නැතිනමි අපට මෛති්‍රි හොදයි

:       0       44

de silva Tuesday, 05 September 2017 06:53 PM

ඔය වටේ හිටපු හොර නඩය නැත්නම් ඔබ අදත් ලංකාවේ ජනපති ,

:       25       9

ravindra Wednesday, 06 September 2017 01:48 PM

ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් ....

:       0       12

soorasena Friday, 08 September 2017 05:55 AM

ඔබතුමා පොහොට්ටුව වෙන්න පුළුවන් එත් කවූරුත් දන්නවා වටකරගෙන ඉන්නේ මඩ ගොඩක් බව ...

:       0       1

Ranjith Silva Friday, 08 September 2017 02:00 PM

කිසිදා නොපිපෙන පොහොට්ටුව.

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 584 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1984 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1467 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 829 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2021 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site