(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අනවසර සංක‍්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාරවලදී මෙම ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් හඳුනාගත හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත‍්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර තිබේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාව දෙසට සංක‍්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඞ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක‍්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද නාවික හමුදාව එම නිවේදනයෙන් සදහන් කර ඇත.
(ඡායාරූප: රොමේෂ් මධුසංඛ)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි
mihira Tuesday, 04 May 2021 12:16 PM
අනුකම්පා, භූමිකම්පා එපා... වෙඩි තියන්න තියෙන්නේ... නැතිනම් උන් රෑ වුණාම ආයේ එනවා දෙකක් නෑ.