IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආරක්ෂාව පතා හිටපු අගමැති රැගෙන ගියා

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (11) පස්වරුවේ පැවසීය.

අරලියගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි රැඳීසිටීම සුදුසු නොවන බවත් ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට තාවකාලිකව රැගෙන ගිය බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (13)

ආරක්ෂාව පතා හිටපු අගමැති රැගෙන ගියා

Kumara Wednesday, 11 May 2022 02:28 PM

අපි හිතුවේ කට වගේම වැඩත් ඇතියි කියලා... බලපුවාම බයගුල්ලෙක්නේ...

:       17       70

sachith Wednesday, 11 May 2022 02:34 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව ඇයි ඒ විදිහට තියාගෙන, මුළු පරම්පරාවටම කන්න, බොන්න දිදී තියාගෙන ඉන්නේ..?

:       23       72

vikum Wednesday, 11 May 2022 02:48 PM

මහින්ද රාජපක්ෂ පරිණත දේශපාලඥයෙක් වශයෙන් අඩුම තරමේ විනාඩි 10ක් ජාතිය අමතලා, රටේ තියෙන තත්වය මිනිසුන්ට කියලා, තමන් අගමැති ධුරයෙන් අයින් වෙනවා කියලා ගෞරවයෙන් යන්න. අනික රටේ මිනිස්සු විඳින දුක ඔවුන් දැක්කේ නැද්ද? පැය 5, පැය 6 පොලිම් ගානේ... අන්තිමට අපේ රටේ වැදගත් යයි අපට යම්යම් අවස්ථාවල සිටින නායකයින්, අන්තිමට සමාජයෙන් විවිධ ගැරහුම්, නින්දා ලබමින් යන තත්වයට පත්වීම සැබවින්ම කණගාටු දායකයි, අවසානයේ ඔහු බලය වෙනුවෙන් තෝරාගත් විකල්පයත්, ඇසුරුකළ දේශපාලනික අනුගාමිකයෝත් මේ අරගලයට වගකිව යුතුයි... මීට මූලික හේතුව අප රටේ මිනිස්සු හැමදාම පාලකයින්... ඔවුන්ගේ වීරයෝ කරගැනීම තමයි මූලික ගැටලුව... මහින්ද ඔබට සුඛගමන්... යුද්ධය වෙනුවෙන් කළ දායකත්වයට" ඔබට මේ රට වෙනුවෙන් මීට වඩා යමක් කරන්න තිබුණා. ඒත් දැන් ඒ අවස්ථාව හමාරවී ඇත. අප රටේ මිනිසුන් තව බොහෝ කාලයක් මේ ආර්ථික පීඩනය හමුවේ ඔබට දොස් පරොස් නගනු ඇත.

:       9       79

anura Wednesday, 11 May 2022 02:58 PM

විජේවීර කියන ත්‍රස්තවාදියාගේ පවුලම අවුරුදු ගාණක් නාවුක හමුදාවේ ආරක්ෂාව යටතේ හිටිය බව මතක නැද්ද?

:       59       26

NuwanWednesday, 11 May 2022 03:18 PM

ඒක ආරක්ෂාවට නෙමෙයි, නිවාස අඩස්සිය කියන දේ අනුව තියන් හිටියේ..!

:       14       53

ජයන්ත Wednesday, 11 May 2022 03:36 PM

ආ.. අදයි දන්නේ..! විජේවීර ත්‍රස්තවාදී නායකයාගේ පවුලම තියාගෙන හිටියේ ආරක්ෂාවට නෙවෙයි කියලා...

:       9       15

සුජිත් පල්ලේවත්ත Wednesday, 11 May 2022 03:26 PM

අනුර, කෙලෙහිගුණ නොදන්න සිංහලයින් සිටින රටක් මේක...

:       41       21

sbWednesday, 11 May 2022 04:25 PM

නොදන්නා දේ කියන්න එපා යාළුවා විජේවීරගෙ පවුල හිර කරල තිබ්බේ ආරක්ෂාවට නෙවෙයි, බයට. එවකට රජය සහ පසුව ආ රජයන් බය වුනා තම්න්ගෙ විරුද්ධවාදීන් විජේවීරගෙ පවුලේ අය යූස් කරයි කියල දේශපාලන වාසි ගන්න. විශේෂයෙන් JVP එක. ඒ වගේම විජෙවීරගෙ පවුලෙ අය එලියෙ හිටියනම් ඔවුන්ගෙ ක්‍රියාකාරකම් දැන් තියෙනවට වඩා බොහොම වෙනස් එන්න තිබ්බ. ඒකත් ආණ්ඩු වලට අවාසියි - ඒක නිසා කෑම්ප් එකේ තියං හිටියා මිසක් ඔවුන්ගෙ ආරක්ෂාවට නෙවෙයි. මහින්ද සහ පවුල ගිහින් ඉන්නෙ තනිකරම බයටනේ.

:       0       0

Ruwan Wednesday, 11 May 2022 03:12 PM

ගෙදරට දහස් ගණන් මිනිසුන් කැඳවා නිර්පාක්ෂික උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහර දෙන්න උදව් කළ පුද්ගලයාට මහජන මුදල් වලින්ම ආරක්ෂාව සපයනවා කියන්නේ මිනිස්සු නම් වෙන්න බෑ. මේ අය ගැනත් පරීක්ෂණ කරන්න වෙනවා.

:       14       60

Mama Wednesday, 11 May 2022 03:41 PM

ඇයි නිරායුධ ජනතාවට පහරදුන් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට නොගෙන මහජන මුදල් වැයකරමින් ආරක්ෂා කරන්නේ..?

:       11       40

Lalith M Wednesday, 11 May 2022 03:59 PM

ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතුයි නේද? සිදුවුණු දේ ඔහුගේ නිර්මාණයක් නේද? රටම කැතකළා...

:       6       40

sugath Wednesday, 11 May 2022 05:17 PM

මහින්ද රාජපක්ෂ කෙරෙහි රටේ මිනිසුන්ගේ යම් ගෞරවයක් තිබුණා නම්, එය ඔහු විසින්ම සම්පූර්ණයෙන්ම කෙළසා ගත්තා.

:       3       21

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 May 2022 05:25 PM

රටම අනාරක්ෂිත කරපු කෙනාව හමුදා කඳවුරුවල තබා ආරක්ෂා කරනවා. මේ රටේ මෙතෙක් ඇතිවූ සියලුම ගිනි තැබීම් හා සියලු කඩාකප්පල් ක්‍රියා වලට ඔහු වගකිව යුතුයි. හොඳට තිබූ රටක් දූෂිත පවුල් පාලනයක් නිසා විනාශ වී ගිය හැටි...

:       2       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 605 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1349 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1565 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 919 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 243 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2059 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site