IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත .

ඒ අනුව, මෙම රැස්වීම ලබන 29 වැනිදා කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී පෙරේදා (23) රැස්වූ බවත් ,එහිදී මෙම තීරණය ගත් බවත් හෙතෙම සඳහන් කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි , අමාත්‍යවරුන් වන වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් තාවුල්ල ,අසංක නවරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ , කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී ඇති මෙම සාකච්ඡාව පැය පහක පමණ කාලයක් තිස්සේ පැවති බව වාර්තා වේ .

මේ අතර , යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද හෙටම නිකුත් කිරීමටත්, පක්ෂ නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල මණ්ඩල සහ වරාය වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් හෙට දිනයේ දී කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමටත් එහිදී තීරණය කර ඇත .

 



අදහස් (41)

ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට

SISIL Monday, 25 October 2021 04:54 AM

මේ සෙට් එක පාරට වැටෙන්න ඔන්න මෙන්න !

:       4       42

කෝරලගේMonday, 25 October 2021 01:15 PM

මේ ඔක්කොම ත්‍රීවීල් පක්ශ .මහලොකු බොරු ටෝක් දෙනවා.මේගොල්ලන්ට ඇති චන්ද පදනමක් නැහැ.මේ අතන මෙතන රතන සහ පාදෙණිය දෙන්න තමයි රසායනික පොහොර තහනම් කිරීමට මහා ලොකු සද්දයක් කරලා සමස්ත රටේ ගොවියෝ සහ මුළු රටම සාගතයකට යන පාර හදල රටම අනාත කලේ.

:       7       30

Sena Monday, 25 October 2021 02:37 PM

මුකුත් වෙන්නේ නැහැ .මේක ජනතාවට තමන්ගේ ප්‍රශ්න අමතක කරවන්න ගහන උප්පරවැට්ටියක්

:       2       33

පාල මුදලාලි Monday, 25 October 2021 06:01 AM

මේ කරන්නෙ සටනක් නොවෙයි පීලි පැනපු කෝච්චිය පීලි ගත කිරීමට උත්සාහයක් .කෝච්චිය පීල්ලට ගන්න බැරි වුනත් 1970 සිටම අපි හොදින්ම දන්නා වාසු නම් ආණ්ඩුවෙන් යන්නෙ නැහැ පුද්ගලික ඡන්ද පදනමක් නැති විමල් පිල වුනත් පොහොට්ටුවෙන් නම් යන්නෙ නැහැ.

:       3       65

Ruwan Monday, 25 October 2021 06:13 AM

මේවට හිනාවෙන්නෙ කොහෙන්ද..? මහා ලොකු දේශප්‍රේමින්..... අලුත්ම මෙගා නාට්‍යයක් පටන් ගන්න සුදානමක්.

:       3       66

ranjan Monday, 25 October 2021 06:21 AM

රටේ විනාශයට පාර කපලා දීලා දැන් බොරු සංදර්ශන පවත්වනවා .මෙයාලගේ චන්ද ටික රැකගන්න පොහොට්ටුවට චන්දෙ දුන්නත් මෙයාලටනම් කවුරුත් චන්දයක් දෙන එකක් නෑ

:       4       58

Hafeel Monday, 25 October 2021 12:47 PM

ඔබගේ මතයට මමත් එකඟයි. කැබිනට් එකේ අත් දෙකම උස්සලා දැන් එළියට ඇවිත් පම්පෝරි ගහනවා. අනික ත්‍රිකුණාමලේ ඉතුරු තෙල් ටික ඉන්දියාවට විකුණන්න යන්නෙත් මේ ගම්මන්පිල තමයි. විස්සටත් මහා ලොකුවට පම්බෝරි ගහලා, පසුව ඡන්දය දුන්නා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණද්දීත්, වෘත්තිය සමිති විරෝධතාව නිසා ආණ්ඩුවට ඉල්ලා අස්කරගන්නා සිදු වුණා. ඒ අවසන් මොහොතේ මේ බොරු දහයේ කල්ලිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා... අපිත් විරුද්ධයි කියලා කිව්වා...!!!

:       2       29

Nuwan Monday, 25 October 2021 06:45 AM

අලුත්ම නාට්‍යයක්. අපි තව රැවටෙන්න ඕනෙද මේ ජඩ කපටියන්ට උන්ගේ පැවැත්ම වෙනුවෙන්.

:       3       64

Lelwala Monday, 25 October 2021 06:54 AM

රතන හිමි යන පැත්තම ඉවරයි.

:       2       53

ජගත් ලියනගේ Monday, 25 October 2021 07:27 AM

අර හිටගෙන ඉන්න හාමුදුරුවෝ රතන හිමි නේද?

:       2       37

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 October 2021 07:38 AM

ඔක්කොම උප්පරවැට්ටි දාලා, ජනතාව ගොනාට අන්දලා, ජාතිවාදය අවුස්සලා,2/3 ත් ලබාදීලා අන්තිමට ආයෙත් පාරක් රට හා ජනතාව ගොනාට අන්දවන්නයි මේ පවතින සූදානම. ඒත්, මෙදාපාර නම්, ජනතාව ගොනාට අන්දවනවා බොරු ... දැන් මිනිසුන් ඇත්ත දන්නවා හොඳහැටි.. ගිරිය පුප්පං දෙසාබාන බේගල්, බොරු පිරුණ ඊනියා ජාතිවාදය, නැති උගත්කම පෙන්නීම ගැන දැන් ජනතාව හොඳහැටි කරුණු කාරණා දනී. දැන් නම් ඔබලාට පැවැත්මක් ඇත්තේම නැත. බොරුව වංචාව කපටිකම සැමදා දිනන්නේ නැත. බොරුකාරයන්, වංචාකාරයන් හා කපටින්ට පැවැත්මක් ඇත්තේ ජනතාව සත්‍ය දැනගන්නා තෙක් පමණය. ජනතාව දැන් හොඳහැටි සත්‍යය අවබෝධ කොට ඇත. ඒත්, දුර්වල විපක්ෂයත් හා විපක්ෂ නායකයෙකු සිටින රටක වෙනත් ශක්තිමත් නායකයෙකු පෙනෙනතෙක් මානයක නැත. කවුරුත් දඟලනුයේ පවතින දුර්වලතා දඩමීමා කරගෙන කෙසේ හෝ බලයට පැමිණීමට ය. ඒත්, රටට අවශ්‍ය වනුයේ, රටට ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන නායකයෙකි. එවන් අයෙකු මේ රටේ සිටීදැයි සිතේ. බලය වෙනුවෙන් ජනතාව රවටන තවත් අය නැවත අවශ්‍ය නොවේ. අපි මහා අවාසනාවන්ත මිනිසුන් පිරිසක් වෙමු. ඒත්, හැඟීම් වලට වහල් නොවී, අවේගශීලී නොවී බුද්ධිමත්ව සිතමු. කොයි පක්ෂයේ හෝ රැවටිලි කාරයන්ට, බොරුකාරයන්ට තිත තියමු.

:       4       59

දාස Monday, 25 October 2021 07:47 AM

මොන සටන්ද, මේ මිනිස්සු අන්දන්න තව වටයක් ලැස්තිවෙනවා, එන ඡන්දෙ බලා ගෙන. ජනපති කිව්වොත් බහින්න එලියට කියලා යන්න තැනක් නෑ. මේ අය මේවා කරන්නෙ අප්පච්චිගෙ ආශිවාර්දය යටතෙ.

:       3       48

ලලිත් අම්බලන්ගොඩ Monday, 25 October 2021 08:02 AM

දැන් හරි ටිකක් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්. එසේ නොකලහොත් ඔබලාගේ මිනී වලටවත් හෙණ ගසන්නැයි අනාගත පරපුර පවා සාප කරාවි. කෙසේ වෙතත් , දැනුත් ඔබලාගේ අනුහසින් මෙරට පාලනය කල පාලක පක්ෂ දෙකම මේ රටට කර ඇති වින්නැහිය සුලු පටු නැත.

:       6       28

Nirmal Monday, 25 October 2021 08:34 AM

ආණ්ඩුව කීයක් ගෙවනව කිව්වද මේ රඟපෑමට?

:       3       63

ravin Monday, 25 October 2021 08:43 AM

බොරු සෝබන. අන්තිමට සුවච කීකරු අය වගේ නකුට වනවනා ඉඳියි.

:       3       51

sharm warn Monday, 25 October 2021 09:01 AM

හා... මේ ඇත්තන්ට දීර්ඝ නින්දකින් පස්සේ ඇහැරිලා තියෙන්නේ.

:       2       43

N i pallege Monday, 25 October 2021 09:09 AM

දැන් තෙල් නැති වෙන්න යන නිසා මෙගොල්ලේ ඒකතුවෙලා වර්ජන කරලා. තේල් නැති උනේ වර්ජනය නිසා කියන්නයි ඔය ලෑස්ති වෙන්⁣⁣නේ.

:       3       35

sandagalathenna Monday, 25 October 2021 09:19 AM

ඔයාලා ඔක්කොම එකයි. ඔක්කොම යාලුවෝ. මේවා නාටක. අපි රැවටෙන්නේ නැහැ.

:       2       47

Chandiya Monday, 25 October 2021 09:31 AM

මැක්කෝ උනාම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන. 20ට ඇත උස්සද්දී ඔය චන්ඩිකම් කොහෙද තිබුනේ.?

:       2       44

jayath Monday, 25 October 2021 09:51 AM

මේක තමයි මේ පැයේදී වෙන්න ඕන ගුරුවරුන්ට රුපියල් 2000 ක් දෙන්න බැහැ වගාවට අවශ්‍ය පොහොර ටික ගෙන්න බැහැ හම්බන්තොට ෆෝමියුලා ට්‍රැක් හදන්න පුළුවන් ඔක්කොම එකතුවෙලා පාරට බැහැල මේ ජනපීඩක අය එලවන්න ඕන හැබැයි ඉතින් මේ විනාසෙට ඔය දැන් සාකච්චා තියන හාදයොත් වගකියන්න ඕන.

:       3       43

කිරි පුතා Monday, 25 October 2021 09:55 AM

මේක නිකම් දේශපාලන නාටකයක්. මේ බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට දීම ගැන මනෝජ් අබේධීර මහතා පූර්ණ විස්තරයක් කර තිබුණා. එය කියවා සියලු දෙනා සත්‍ය තේරුම් ගනිත්වා !

:       4       31

kamal Monday, 25 October 2021 10:22 AM

රස්සාවල ඉන්න කට්ටිය දිහා බලන්න. ඊළඟ ඡන්ද පොරොන්දුත් යන එනමන් නැති අය නේද.?

:       2       28

chandana Monday, 25 October 2021 10:34 AM

විමල් මොනවද කිව්වේ ඡන්ද ගන්න. ඒ කිව්ව චන්ඩි කතා වලින් 1%ක් වත් තියෙනවද දැන්.

:       1       42

Perera Monday, 25 October 2021 11:07 AM

මේ අය ගහලා පන්නන්න ඕන අය.

:       2       32

Jayantha Monday, 25 October 2021 11:14 AM

මේව පුස් වෙඩි. ඒ් කියන්නේ බොරු රඟපෑම් විතරයි.

:       1       27

rangi Monday, 25 October 2021 11:21 AM

රතන හිමිගේ ලනු කාලා රට තව මාස කීපයකින් සාගිනි රටක් වෙනවා.

:       2       29

Nuwan Monday, 25 October 2021 11:36 AM

වෙස් මුහුණු බැඳන් ආවට නැහැ අපි රැවටෙන්නේ

:       1       31

Upul Monday, 25 October 2021 11:37 AM

නඩු බරගානක් අතේ තියාගෙන රාජපක්ෂලාට විරුද්ධව ඒ නාමික දේශප්‍රේමින් කතා කරාවිද.?

:       1       28

de silva Monday, 25 October 2021 12:02 PM

අපිව මුලා කරන්න හැමදාම බැහැ.

:       2       22

අමර Monday, 25 October 2021 12:03 PM

හහ් හහ් හහ් හා.. චීනෙ නම් කමක් නෑ ඉතින්

:       2       19

Nishantha Samaraweera Monday, 25 October 2021 12:05 PM

ඊයේ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වූ අතර අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මෙය උත්සාහ කරන්නේ ඔවුන් වත්මන් රජයට එරෙහිව යන බව පෙන්වීමට සහ ඉදිරි මැතිවරණයට සූදානම් වී ඡන්ද එකතු කර කණ්ඩායමට ආපසු යාමට ය. තවත් නාට්‍යයක් සහ ජනතාව රවට්ටනවා.

:       1       22

Willow Drive Monday, 25 October 2021 12:06 PM

හොඳ නාටක මේවා

:       1       24

sam Monday, 25 October 2021 12:25 PM

මේගොල්ලෝ මේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදනවා.

:       0       3

fairoos Monday, 25 October 2021 01:04 PM

ඥානසාර හාමුදුරුවොත් එක් කරගත්තොත් නරකද ?

:       1       14

gayaan Monday, 25 October 2021 01:04 PM

අපේ විදුලි බලය ඇමරිකාවට පවරනවා කියන්නේ ,මුළු රටම මුළු ජීවිතයම අඳුරේ

:       3       10

upali Samantha Monday, 25 October 2021 01:08 PM

නැවත වටයකින් බොරුව වැපිරීමට ,ජනතාව නැවතත් අතරමන් කිරීමට ලෑස්තිය

:       1       18

Aruna Monday, 25 October 2021 01:23 PM

පිල් මාරුවකට පෙර සූදානමක්ද? ඒව හරියන් නෑ මෙදා පොටේ

:       1       9

Suba Monday, 25 October 2021 01:42 PM

මුන් ඔක්කොම ඇවිල්ලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් සෙට් එකක්. වහපු කාමර ඇතුලෙ හරි සර් ඔව් සර් ගාලා , දෙකට තුනට නැමිලා ඔළුව වනලා, එළියට ඇවිල්ලා පපුවට ගහ ගෙන සිංහ ටෝක්ස් දෙනවා

:       1       16

siri Monday, 25 October 2021 02:38 PM

මගෙන් වැඩක් නෑ ... මම ආවේ සීනි කිරන්නවත්, හාල් මනින්නවත් නෙවේ කියල කට ගන්න ලැබුනේ නෑ... ආවා... ආවා... අලුත්ම නාට්‍යය ආවා...හිනාවෙවී නරඹමු...

:       1       14

Kumara Monday, 25 October 2021 02:50 PM

කනට ගහලා අලියට දාන්ඩ කලින් නම්බුව බේරා ගන්න වගේ

:       1       13

චන්දිම ෆොන්සේකා Monday, 25 October 2021 05:59 PM

මේ අයගේ විරෝධතා කතන්දරය වෙනම දෙයක්... හැබැයි ආණ්ඩුව කරන්න යන්නේ මහ භයානක වැඩක්... ඔය කොටස් විකිණුවාම වෙන්නේ ඔය කියන සමගම් ලාබය අරන් යන්නේ රුපියල් වලින් නෙමෙයි මේ අපි හිඟාකාලා වගේ හොයා ගන්න ඩොලර් වලින්... ඊටත් වඩා භයානක කාරණේ තමයි අනික් ගිවිසුම් දෙක... ඒවා අත්සන් කළාම අර තෙල්වලට ඒ කාලේ හෙජින් ගහලා කර ගත්තු මහා අලාභය වගේ කරුමයක් සදහටම අපේ රටට පැටවෙනවා. මොකද ඊට පස්සේ අපේ සියලුම බලාගාර වලට LNG ගෑස්ගන්න වෙන්නේ ඔය කියන සමාගමෙන් පමණමයි. ලෝකේ තියා අපේ රටේ වුණත් ලාබෙට ගෑස් තිබුණත් ඒවා පාවිච්චි කරන්න තහනම්... අපිට ඇතිතරම් වර්ෂා ජලය ලැබිලා ගෑස් ගබඩා අතිරික්ත ගෑස්වලින් පිරිලා ගෑස් අනවශ්‍ය වුණත් අපි ඔවුන්ට සල්ලි ගෙවන්න ඕනෑලු... අනික ඔය සමාගමට එරෙහිව නඩු යන්න අපේ උසාවි වලට බැහැලු. එ්කට යන්න ඕනෑ බ්‍රිතාන්‍යයේ කොහෙද තියෙන වාණිජ උසාවියකටලු... ඉතින් එහෙම බැලුවාම මේක අපේ ඊළඟ පරපුරට කරන මහා විනාශකාරි අපරාධයක්. එ් නිසා ඔය කමෙන්ට් දාන අය ඔය ගැනත් හිතන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1814 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 920 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 730 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 351 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 619 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 558 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site