IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක නායකයෝ විමල්ගේ ගෙදරට රැස්වෙති

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි  පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇත.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන ද එහිදී පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ . තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්,ගම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනීසිටීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව දැනගන්නට ඇත .

මේ අතර සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එහිදී පක්ෂ නායකයන් සාකච්ඡා කළ බව වාර්තා වෙි.

තෙල් මිල වැඩි කිරීමෙන් පිඩාවට පත්ව ඇති දිළිඳු ජන කොටස් වෙත අත්‍යවශ්‍ය ආහාර ඇතුලත් සහන මල්ලක් දීමටද පක්ෂ නායකයින් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත .

අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්දඅලුත්ගමගේ යන මහත්වරු ද එම සාකච්ඡාවට සහභාගී වූහ

 



අදහස් (32)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක නායකයෝ විමල්ගේ ගෙදරට රැස්වෙති

Kule Sunday, 13 June 2021 07:20 PM

පොදු පෙරමුණේ පිල්ලි දැන්ම විනාශකළේ නැතිනම් පොදුපෙරමුණටත් අබසරණයි.

:       106       157

nimalSunday, 13 June 2021 08:49 PM

වර්තමාන රජය සහ රට රසවත් කරන්නා වූ තුනපහ කණ්ඩායම රජයෙන් ඉවත් වේවිද?

:       0       0

gamunuMonday, 14 June 2021 03:41 AM

කුඩා පක්ෂ ගොඩනගා ප්‍රධාන පක්ෂ තුළ තිබෙන්නා වූ ඡන්ද පදනම මගින් පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනතාවගේ ඉදිරි ගමන වළකාලමින් රට විනාශ කරන්නා වූ අවස්ථාවාදී පරපෝෂිතයන් සියල්ල පිළිබඳව රටේ ජනතාවගේ තිබෙන්නේ මහත් පිළිකුලකි.

:       0       1

suddaMonday, 14 June 2021 01:44 PM

පින්පඩි පෝලිමේ පාර්ලිමේන්තු ආපු ලේකම්ටද පිල්ලිය කිව්වේ...?

:       0       7

Vira Sunday, 13 June 2021 07:23 PM

බල්ලාගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කන්ට බල්ලා නැතුව විසුමක් නැති කතා විතරක් කියන්න එන්න එපා ඔන්න. පාලක සන්ධානය නිවැරදි කිරීමට සහ එහි වඩාත් ගැටළු සහගත තීරණ සමහරක් ආපසු හැරවීමට ආණ්ඩුවේම කවුරුහරි “අභ්‍යන්තර අරගලයක්” බොහෝ වෙලාවට’ සිදු කරමින් ඉන්නා බව කවුරුත් දන්නා රහසක්. මේ රැස්වීම් තියන එකත් නානා මාදිලියේ මාධ්‍ය සාකච්ඡා තියන එකත් අහස උසට නැග ඇති බඩු මිල, ආණ්ඩුව ෆේල් කියන කතාව, කොළඹ ඉඩම් විකිණීම, කොරෝනා එන්නත් කරණයේ අවුල, ගංවතුර, අලි මිනිස් අවුල, සැප වාහන ගෙන්වීමේ අවුල, පොහොර ප්‍රශ්නය, තෙල් මිල වැඩිකිරීම ආදී මෙකී නොකී අනේකවිධ ජංජාලයන් අමතක කරවීමට තිරගත කළ ‘ඉල්ලා අස්වීමේ’ නාටකයේ විවේක කාලයෙන් පසු කොටස වෙන්නට බැරි නැහැ...

:       92       353

Sena Sunday, 13 June 2021 07:24 PM

අපිව අන්දන්න කරන නාඩගම් ටික දවසක් ගියාම ඔක්කොම හරි...

:       30       456

Deepal Nirosh Sunday, 13 June 2021 07:37 PM

ඒ පාර තෙල් බැරලය පුපුරා යන්න වගෙයි හදන්නේ?

:       23       58

pradeepa Sunday, 13 June 2021 07:45 PM

මැක්කෝ මොනවා කළත් බල්ලව දාලා යන්නේ නැහැ. මොකද බල්ලා නැතිනම් මැක්කගේ ජීවිතය ඉවරයි.

:       61       288

fairoos Sunday, 13 June 2021 07:47 PM

අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල,... මෙන්න පක්ෂවල නායකයන්... මේ අයව පාර්ලිමේන්තුවට එවපු අයට මඩු වලිගයෙන් තමයි ගහන්න වෙන්නේ...

:       420       664

janahitha Monday, 14 June 2021 02:46 PM

එතකොට අර පවුල, මේ පවුල... තවත් පවුල් එහෙම ඇතිද?

:       0       3

sachith Sunday, 13 June 2021 07:47 PM

විනෝද සමයේ අලුත්ම නාටකය... මොනවා වුණත් ඇනස්ලි, බර්ටිලාට වැඩිය මෙයාලා අපිව හිනස්සනවා.

:       47       316

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 June 2021 07:53 PM

කාලෝචිතව රටට ආදරයෙන් ගත් සාර්ථක උත්සාහයක්... දැන් වහාම වැඩිකළ තෙල්මිල තිබුණාටත් වඩා පහළට දමාවි. සාගර කාරියවසම්ව උළ හිඳුවාවි..!!! .

:       81       360

Rata Perata Sunday, 13 June 2021 09:06 PM

ජනතාවට ප්‍රශ්න එනකොට රැස්වෙන්න එක මිනිහෙක් නෑ. ඒත් ඕස්ට්‍රේලියන් කාර ගොම්මන්පිල බේරගන්න වහාම රැස්වෙනවා. පුදුම කාලකන්නි.

:       0       0

ganegoda Sunday, 13 June 2021 10:05 PM

විමල් හදන්නේ එයාගේම පක්ෂයෙන් ඊළඟ මැතිවරණයේදී එළි බහින්නයි...

:       0       1

Thilak Sunday, 13 June 2021 11:30 PM

තවත් නාටකයක්...!!! 

:       0       1

sg Monday, 14 June 2021 12:39 AM

බන්දුල ගුණවර්ධනත් හිටියා...!!!

:       0       2

ks Monday, 14 June 2021 01:59 AM

මේ කවුරුත් පක්ෂ නායක‌යින් තමයි. නමුත් කාටවත් ත්‍රී වීල් එකක ගෙනියන්න තරම් සාමාජිකයින් නැහැ. බොහෝ දෙනෙක් දූෂණ චෝදනා ලබපු අය. ජනබලයක් ඇත්තේ නැහැ. ඒ සෙට් එකම එකතුවෙලා වෙනම ඡන්දය ඉල්ලුවත් එකම ආසනයක්වත් දිනයි කියලා හිතන්න බැහැ. බුද්ධිමතුණොත් නෙමෙයි. කයිවාරුකාරයි විතරයි. ඒ නිසා තමන්ගේ තැන රැකගන්න කරන නාඩගමක් හෝ පොහොට්ටුවේම උපායක් කියලා තමයි මේ විගඩම් කියලා හිතෙනවා...

:       0       2

Dasa P Monday, 14 June 2021 03:46 AM

රැස්වුණා නොවේ පක්ෂය මාරුකළා කිව්වත් මෙයාලාව විශ්වාස කළ නොහැකිය. ජනතාවනි, මේ නාටක වලට නොරැවටෙමු...

:       0       2

sam Monday, 14 June 2021 04:37 AM

මිල වැඩි කරලා ඔක්කොම එකතු වෙලා දැන් බොරු සෝබන දානවා.

:       0       3

Hafeel Monday, 14 June 2021 06:27 AM

මේ ගොල්ලන්ට දැන් වෙලා තියන්නේ ගොළුවා කසායම බීපුවා වගේ... දැන් ආණ්ඩුව තිත්තයි කියලා කියන්නත් බැරි තරමට පත්වෙලා ඉන්නේ...

:       0       4

Ratne Monday, 14 June 2021 07:31 AM

රතන හිමි පසුපස දොරෙන් පොහොට්ටුවට කඩේ යාම ලැජ්ජා නැති ක්‍රියාවකි. මැතිවරණයේ දී කොඩිය සලකුණට ඡන්දය දුන් පිරිසෙන් 90% ක්ම අපේක්‍ෂා කරන ලද්දේ බොදුබල සේනාවේ හිමියන් හට පාර්ලිමේන්තුවට ගොස් රටේ බහුතර ජනතාවගේ යහපතට යමක් සිදුුු කිරීමයි.

:       0       2

vidya Monday, 14 June 2021 08:12 AM

ඔවුන් ඔක්කොටම විමල් වීරවංශ හදපු අර සුරුට්ටව දුන්නනම් හරි

:       0       0

Lalith m Monday, 14 June 2021 08:43 AM

බලය ලැබීම කියන්නේ බෙහෙත් නැති එහෙත් කාලීනව ඉබේ සුවවන දරුණු ලෙඩක්... ඉවසීමෙන් බලා ඉඳීමු. සුව නොවුණොත් එයින්ම කුජීත වෙලා යයි. කිසිම දෙයක් සදාකාලික නැහැ...

:       0       2

mihira Monday, 14 June 2021 10:05 AM

අපිව අන්දන්න කරන නාඩගම් ටික දවසක් ගියාම ඔක්කොම හරි...

:       1       16

Siri Monday, 14 June 2021 10:32 AM

ඊළඟ ඡන්ද අපේක්ෂකයා හැටියට වීරවංශගේ නම යෝජනා කරමු...

:       9       4

suddaMonday, 14 June 2021 01:43 PM

පිනට ආපු ලේකම්ලාට වඩා හොඳයි...

:       1       4

Nuwan Monday, 14 June 2021 12:05 PM

නැගී ජනතා විරෝධය වෙන අතකට හරවන්න කරන දේවල්

:       0       1

Ano Monday, 14 June 2021 12:25 PM

එතකොට කොරොනා නීති නැද්ද මේ අයට...?

:       0       1

lakvidu Monday, 14 June 2021 12:27 PM

හපොයි මෙයාලා ඔක්කොම ගෙදර ගිහින්ද? එහෙනම් ලේ ටෙස්ට් කරන්න වෙයිද මන්දා?

:       1       4

lal Monday, 14 June 2021 02:02 PM

අගුලුදැමීමේ නීතියට මොකද වුණේ...?

:       0       1

Manel Monday, 14 June 2021 02:44 PM

අලි බබා සහ හොරු හතළිහ...!!! 

:       0       1

විපරමා Monday, 14 June 2021 02:47 PM

දූෂිත බලලෝභී දේශපාලකයින් ඔක්කොම එකයි. ජනතාව ගොනාට අන්දවපු එක තමා කවදත් කෙරුවේ... එකෙක්වත් විශ්වාස කරනවා බොරු.. තවත් රඟපෑමක් කරන්න අර අඳිනවා වගේ..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 494 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 199 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 253 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 244 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 459 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3887 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site