IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන්න ස්වාධීන පක්ෂ 10යෙනුත් තීරණයක්

(ඩයනා උදයංගනී )

නව රජයේ කොටස්කරුවන් නොවීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන හවුල්කාර පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය යන පක්‍ෂ ඇතුළු හවුල්කාර පක්‍ෂ 10 හි නියෝජිතයන් බොරැල්ල, ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ පක්‍ෂ 10 එකමුතුව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ යහපත් පියවරවලට සහය දෙන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබාදීමෙන් රටේ පවතින තත්වය පාලනය කිරීමට හැකිවේ යැයි තම කණ්ඩායම විශ්වාස නොකරන බව කී වීරවංශ මහතා ඔහු වත්මන් අර්බුදයට වගඋත්තරකරුවකු බව ද කීවේය.

නව පාලනය කඩාකප්පල් කිරීමට, හොඳ දෙයක් කරන විට බාධා කිරීමට හෝ වෛරී දේශපාලනයක් කිරීමට තම කණ්ඩායම බලාපොරොත්තු නොවන බව කී මන්ත්‍රීවරයා රට පාවාදීමේ යෝජනාවන් ඉදිරිපත් වුවහොත් ඒවාට ඉඩනොදෙන බව ද පැවසීය.

ඔහු අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් එතෙක් බලා සිටි විපක්‍ෂයේ පක්ෂ වගකිව යුතු බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

ඒත් රට ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමේ ස්ථාවරභාවයක් නොවන බව කී වීරවංශ මහතා ඒ නිසා ආරාධනා ලැබුණත් එම පාලනයේ කොටස්කරුවන් විය නොහැකි බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරය නොමැති බව පෙනුණොත් නැවතත් අවිනිශ්චිත තත්වයක් මතුවන නිසා ඒ ගැන ප්‍රශ්න මතු නොකරන බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී 113 වෙන පැත්තක බව පෙනිය හැකි නිසා එසේ නොවන අයුරින් කටයුතු කිරීමට අගමැතිවරයා දැනගත යුතු බව ද පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ හිටපු අගමැතිවරයාගේ කල්‍යාණ මිත්‍රයකු වන රනිල් වික්‍රමසිංහ මහතා සාටකයෙන් ටයි පටිය හදාගෙන අගමැති පුටුවේ වාඩිවී ඇති බවත්, ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංග ගෙනා බලවේග අදිමදි කිරීම නිසා ඔහුට එම ලොතරැයි වාසනාව ලැබුණු බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ක්‍රියාත්මක කළ න්‍යාය පත්‍රයෙන් මිදී රට ගොඩගැනීමට කටයුතු කළහොත් එම ආණ්ඩුවට සහය දිය හැකි බව කී ගම්මන්පිල මහතා නමුත් මෙම ආණ්ඩුව ප්‍රශ්නයට විසඳුම් ගෙනේවියැයි විශ්වාස නොකරන බව ද පැවසීය.

නව වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 



අදහස් (5)

ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන්න ස්වාධීන පක්ෂ 10යෙනුත් තීරණයක්

NIMAL Friday, 13 May 2022 07:23 PM

පාර්ලිමේන්තුවේ සිටින්නා වූ තීන්දු නොගැනීමට නොහැකි 225ද, එසේ නොමැති නම් වැදගත් වනුයේ 22.5 මිලියනයද යන්න ඉදිරි මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.

:       1       12

සිල්වා Friday, 13 May 2022 08:18 PM

පක්ෂ දහයේ ගරු මන්ත්‍රීවරුනි, කළයුත්තේ වහාම දහනවවන සංශෝධනය බලාත්මක කොට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමයි. එය මහජන මතය අනුව පාර්ලිමේන්තුවක් ඇතිකරයි.

:       4       6

Rata Perata Friday, 13 May 2022 11:07 PM

ඉතා හොඳයි. මේ පැලැස්තර අපිට ඕනෑ නැහැ...

:       1       0

චන්දන Saturday, 14 May 2022 08:05 AM

රට විනාශ කරන මෙවැනි අය මීළඟ මැතිවරණයෙන් ගෙදරටම යවමු. රට විනාශ වෙලා තියෙන මේ වෙලාවේ තවතවත් අගාධයකට අදින්නයි මේ සූදානම...

:       0       1

Saththaya Saturday, 14 May 2022 08:14 AM

ඉස්සෙල්ලාම බොලව් ජනතාවට කන්න නැති එකට විසඳුම් සොයන්න... පැයක්වත් ඉවසන්න බැහැ. බඩගිනියි. ඊට පස්සේ ඡන්දයකදී පුළුවන් නම් ආයේ ඇවිල්ලා සුපුරුදු ගැහිල්ල ගහන්න... මෙච්චර කල් වටිනා සමාජ සේවයක්නේ කළේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 131 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 64 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 80 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 234 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2675 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 241 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site