IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණමඩුවට එන්නත් ගන්න ආ පිරිස ගුටි බැට ඇන ගනිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට  කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක්  පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බව කියයි.

එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර ඇත.

කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමානය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසයි.

එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකි විනි.

කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්වය මත 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව  ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා පැවසිය.

 

 



අදහස් (16)

ආණමඩුවට එන්නත් ගන්න ආ පිරිස ගුටි බැට ඇන ගනිති

Srila Thursday, 26 August 2021 11:35 AM

මේකේ සම්පුර්ණයෙන්ම වැරැද්ද සංවිදානය කරන අයගෙයි. මුට්ටි දාලා, පැණි බීලා මිනිස්සු මර බයෙන් දැන් ඉන්නේ. එන්නත්කරණය විදිමත්ව සංවිදානය කරන්න රජය හා රාජ්‍ය නිලධාරීන් අසමත් වෙලා කියලා මැනවින් පැහැදිලියි.. රුපවාහිනියේ කියනවා 101% එන්නත්කරණය කරලා කියලා.. එතකොට මේ වෙන රටක මිනිස්සුද? ලංකාදීපේ දැම්මට වෙන මාධ්‍ය මේක කතා කරන්නේ නෑ .. හේතුව හිතාගන්න බෑ ..

:       9       35

WarunaThursday, 26 August 2021 12:06 PM

ඔබේ අදහසට එකඟ වීමට පුළුවන් ශ්‍රීලාල් මිනිස්සු අතරට නිවැරිදි තොරතුරු යන්නේ නෑ මිනිස්සු ගොඩක් අතරමන් වෙලා ලංකාදීපය කියන්නේ අපිට ගොඩක් සත්‍ය තොරතුරු දෙන පුවත් මාධ්‍යක්. එකනේ ලංකාදීපය හැමදාමත් මිනිසුන්ගේ හදවතේ ඉහලින්ම වැජබෙන්නේ...!!

:       8       20

JAGATH Thursday, 26 August 2021 11:42 AM

එන්නත් අරගෙන ,ගුටිත් කාලා තවත් මදි

:       3       19

janahitha Thursday, 26 August 2021 12:07 PM

ආනමඩුවෙත් ඉන්නවද කලින් නම් කිව්වේ පුත්තලමේ ඉන්නවයි කියලා.

:       2       13

janabala Thursday, 26 August 2021 12:11 PM

වයස බල බල බෙහෙත් විදලා හරියන්නේ නැහැ, ඉක්මනින් මුළු රටේම අයට එන්නත ලබාදිය යුතු වෙනවා.

:       10       10

janabala Thursday, 26 August 2021 12:11 PM

ජනතාව නොසන්සුන් වෙන්නේ තම ජිවිත බේරගන්න.

:       3       14

රෝෂක Thursday, 26 August 2021 12:26 PM

මේ පෝලිම් දැක්කම හිතෙනවා එන්නත ගහන එකත් බෝ වෙන්න හේතුවෙන බව.

:       0       16

Rata Perata Thursday, 26 August 2021 12:42 PM

මේ මිනිස්සුන්ටම බැනලා වැඩක් නෑ. මේ වගේ දේවල් ඇතිවෙන්නේ පවතින අසාර්ථක, කිසිම දැක්මක් නැති පාලකයෝ නිසායි.

:       6       17

Sanju Thursday, 26 August 2021 12:44 PM

මට ගහන්න ආපු අයට මම නම් හොඳට ගැහුවා

:       2       9

ඇත්ත Thursday, 26 August 2021 12:59 PM

පුත්තලම් දිස්ත්‍රික්කයෙ හැමෝටම එන්නත් ලැබෙන ක්‍රමවත් වැඩ සටහනක් නෑ කියල ජනතාව දන්නවා. එහෙන් මෙහෙන් හිටපු ගමන් එන්න කියලා ගහන තත්වයක් තියෙන්නෙ. ප්‍රධාන නගර ඉල්ලක්ක කරගත්තත් ජනපද ගැන අවධානය මදි. මෙවන් ස්ථානවල මිනිසුන්ගේ නූගත්භාවය නිසා පැතිරීම වැඩියි, හැසිරීම සහ ඉවසිලි භාවයත් අඩුයි. තිබුනොත් ගහන්නම් කියන උත්තරය සමහර ස්ථානවල කුලී වැඩ ඉවර කර පැමිණෙන අන්තිමට පෝලිමේ එන අයට ලැබෙන්නෙ. රෝගය පැතිරීම මෙම දිස්ත්‍රික්ක්යෙත් වැඩි නිසා එන්නත් ගන්න ඇති තරඟයෙ ප්‍රථිපල තමා මේ.

:       0       12

දුලින්ද Thursday, 26 August 2021 01:17 PM

ගාල්ලේ වැක්සින් ප්‍රෝග්‍රෑම් එක නම් ලස්සනට සංවිධානය කරලා තිබුණා. මිනිස්සුන්ට පෝලිමේ දිගු වෙලාවක් රැඳිලා ඉන්න උනේ නෑ . නගරාධිපති තුමා පවා වැඩ කළා එතන.

:       2       5

de silva Thursday, 26 August 2021 01:40 PM

ග්‍රාමසේවක ඡන්ද හිමි නාමලයිස්තුව අනුව ටෝකන් දීලා වසම් වෙන් වෙන් වශයෙන් කඩනවානම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ.

:       0       7

දිසානායක Thursday, 26 August 2021 02:14 PM

ඔය රූපවාහිනියේ පෙන්වන්නේ වෙනම මවපු ලස්සන ලෝකයක්.

:       2       8

මහජනතාව Thursday, 26 August 2021 02:20 PM

හොඳ සද්දෙට ලවුඩ්ස්පීකර් පිරිත් දාලා තිබ්බ නම් ඔතැන ඔහොම වෙන්නෙ නැහැ

:       3       3

kamal Thursday, 26 August 2021 03:36 PM

මේක විපක්ෂයෙන් සංවිධානය කල දෙයක් වෙන්න ඇති.

:       2       3

Nihal Thursday, 26 August 2021 04:14 PM

මෙවැනි දේ සංවිධානය කරද්දී තිබෙන එන්නත් ප්‍රමාණයට අනුව ජනතාව කැඳවන්න. එන්නත් 2500ක් තියාගන ජනතාව 5000ක් කැදෙව්වම ගුටි බැට හුවමාරු වෙන එක අහන්න දෙයක් ද. සෞඛ්‍ය අංශ වලට උවමනා දවස් දෙකක වැඩ එක දවසෙ කරන්න වගේ මම නම් දැක්කේ. ඒකෙන් වෙන්නේ අධික පෝලිම් ඇතිවීම හා එම නිසා රෝගය තව තවත් ව්‍යාප්ත වීම. ජනතාව 5000ක් මීටර්යක දුරින් හිටියොත් දුර කිලෝ මීටර් 5ක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 13 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 33 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 54 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 171 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2600 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 212 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site